IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘අයිස්‘ ප්‍රවාහනය කළ බස් රියදුරුට-කොන්දොස්තරට වැඩ වරදී

( සිතුම් චතුරංග)

මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පෞද්ගලික බස්රථයකින් රුපියල් මිලියනයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බස්රථ රියදුරකු හා කොන්දොස්තරවරයකු තලෙයිමන්නාරම පොලිසිය ඉදිරිපිටදී අත්අඩංගුවටගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා සහ මත්ද්‍රව්‍ය රැගෙනයමින් සිටි බස්රථය අත්අඩංගුවටගෙන තිබේ.

බස්රථයේ අසුනක් යට සූක්ෂම ලෙස අයිස් මත්ද්‍රව්‍ය  තොගය සඟවා තිබූ බවත් දීර්ඝ කාලයක සිට සැකකාර බස් රියදුරු හා කොන්දොස්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූවන් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

ඉන්දියාවේ සිට මෙම මත්ද්‍රව්‍ය මන්නාරම ප්‍රදේශයට රැගෙනවිත් ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවූ බවද කීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් තලෙයිමන්නාරම හා කට්ටුක්කාරායන්කුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ත් 39 අතර වයසේ පසුවන්නෝ වෙති.

සැකකරුවන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.අතර තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

‘අයිස්‘ ප්‍රවාහනය කළ බස් රියදුරුට-කොන්දොස්තරට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 556 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 492 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site