(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අයවැය විවාදය ලබන මස  12 වැනි දා  සිට දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර  සෙනසුරාදා දිනද  ඇතුළුව සෑම දිනකම  පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුව  ලබන 08, 09, 10, 11 යන දිනවලද   රැස්වීමට නියමිතය .

ඉන් අනතුරුව අයවැය කතාව මුදල් ඇමතිවරයා විසින් ලබන මස 3 වැනිදා පාර්ලිමේන්තුවේදී  කරනු ලබන බව පාර්ලිමේන්තු   නිලධාරීහු පවසති.