IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


අයුතු ක්‍රියාවකින් මියයාමකට අලාභ ගන්න නව පනත් කෙටුම්පතක්

(රංජන් කස්තුරි)

 

කිසියම් පුද්ගලයකුගේ අයුතු ක්‍රියාවක් හෝ අතපසු වීමක් වැනි කරුණු හේතුවෙන් තවත් පුද්ගලයකුගේ මරණය සිදුවුවහොත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ට අලාභ අයකර ගැනීම සඳහා නීති ඇතුළත් නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට රජය පියවර ගෙන තිබේ.

එම නව පනත් කෙටුම්පත ‘2019 අංක 2 දරන යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීමේ පනත’ යනුවෙන් නම්කර තිබෙන අතර එය මේ වන විට රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

යම් තැනැත්තකුගේ අයුතු ක්‍රියාවක් නොකර හැරීමක් , අතපසු කිරීමක් හෝ පැහැර හැරීමක් හේතුවෙන් යම් තැනැත්තකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීම සඳහා සහ ඒ හා සම්බන්ධ සහ ඊට අනුශාංශික කරුණු සඳහා මෙම පනත් කෙටුම්පතකින් විධිවිධාන සලස්වා ඇත.

මියගිය තැනැත්තාගේ කලත්‍රයා දෙමාපියන්, ළමයි, සහෝදරයින්, සීයා, ආච්චි සහ බාරකරු ආදීන්ට නඩු පවරා අලාභ අයකර ගත හැකි බවද පනතේ සඳහන් වේ.

 



අදහස් (8)

අයුතු ක්‍රියාවකින් මියයාමකට අලාභ ගන්න නව පනත් කෙටුම්පතක්

thilak Friday, 18 October 2019 12:59 PM

මෙම පනත ඉතාම හොඳ එකක්. වාහන අනතුරු සම්බන්දයෙන්ද මෙහි කොටසක් ඇතුල් කලානම් තවත් කාලෝචිතයි. වහාම අනතුරු අඩුකළ හැකියි

:       0       49

Sriyal Friday, 18 October 2019 01:12 PM

හොඳ දෙයක්. හැමෝටම සාධාරණය ඉටු වෙයි අධිකරණය ප්‍රමාද නැත්නම්.

:       0       25

Sudubanda Friday, 18 October 2019 01:21 PM

බොහෝම වටිනා පනතක්. දියුනු රටවල මේ විදියට වන්දි ගෙවන්න වෙන නිසා මිනිස්සු තවත් කෙනෙකුට කරදර කරන්න බයයි. මරනයට පත් නොවුනත් මානසික සහ ශාරීරික පීඩා වලටත් වන්දි ලබා ගත හැකි පරිදි සංශෝධනය වූවොත් වඩා හොදයි. විශේෂයෙන් රිය අනතුරු වලින් වෙන තුවාල ජීවිත අනතුරු වලටද විශාල ලෙස වන්දි ලබා දිය යුතුය .

:       0       83

Prabha Friday, 18 October 2019 01:41 PM

සෞඛ්‍ය වර්ජනයක් අත ළඟ. සුදානමෙන් සිටින්න.

:       0       6

Nihal Friday, 18 October 2019 01:42 PM

මේ අවුරුද්දේ තුල සිදු කල විපත් ඇතුලත් කරගන්නවානම් ලොකු සාධාරණයක් ඉටුවෙනවා

:       0       0

surath Friday, 18 October 2019 03:26 PM

හදිසියේ මේ පනත ඉදිරිපත් කිරීමේ යටි අරමුණු තිබිය හැක. ඉතා හොඳින් පුළුල් සාකච්ඡාවකට භාජනය කර අඩුපාඩු සකසා සම්මත කළයුතුය.

:       23       0

nuwan Saturday, 19 October 2019 01:21 AM

වැඩිපුරම අදාල වෘත්තිය වන්නේ වෛද්‍ය වෘත්තියයි.

:       0       43

Saman Saturday, 19 October 2019 03:28 AM

හොඳම හොඳයි... දොස්තරලගෙන් වෙන අතපසුවලට වන්දි ගන්න පුලුවන් නම්..

:       2       71

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 682 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 861 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 369 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site