(දීපාල් ද සිල්වා)
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී අද(02) ත්‍රිරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් තිදෙනෙකු මියගොස්, තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි.
හික්කඩුව සිට පැමිණි ත්‍රිරෝද රථ, කොළඹ සිට මාතර බලා ධාවනය වූ බසයෙහි ගැටී මෙම අනතුර සිදුව තිබේ. බස් රථය අධික වේගයෙන් පැමිණීම හේතුවෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. ත්‍රිරෝද රථයේ රියැදුරු ඇතුළු පුද්ගලයන් හයදෙනෙකු ගමන් කර ඇති බවද රියදුරු, ඔහුගේ බිරිඳ සහ දියණිය තුවාල ලබා ඇතැයිද අනාවරණය වී ඇත.
අනතුරට ලක්වූ ත්‍රි රෝද රථයේ ගමන් ගත් පිරිස බලපිටිය වලගෙදර පදිංචිකරුවෝ වෙති.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.