සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් ඔහු උපත ලද උත්තර ප්‍රාන්තයේ ගොවීන් 1398 ගේ වගා ණය මුදලක් ගෙවා දැමීමට කටයුතු කර ඇත.
ගොවීන් සඳහා මෙම වැඩපිළිවෙල සංවිධානය කර ඇති බව ඔහු තම ටුවිටර් ගිණුමේ පළකර ඇත.
තමන් රුපියල් මිලියන 40 කට වඩා වැඩි මුදලක් ගොවීන්ගේ ණය ගෙවීම සඳහා වැය කර ඇති බව අමිතාබ් බච්චන් සඳහන් කර තිබේ.
මොහු මීට පෙර ද තම පෞද්ගලික ධනයෙන් මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ වගා ණය ගෙවා දැමීමට කටයුතු කර තිබුණි.
මෙසේ තම ණය මුදල් ගෙවා ගැනීමට නොහැකිව ඉන්දීය ගොවීන් ගොවීන් පීඩාවට පත්වන අතර 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් ලක්ෂ තුනක් පමණ සියදිවි නසාගෙන ඇත.
නියඟය, වගාවට අවශ්‍ය ජලය නොලැබීම, නවීකරණය නොකිරීම නිසා, කාර්මීකරණය වැනි හේතු නිසා දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ ගොවීහු පීඩා විදිති.
තමන්ට දැරිය නොහැකි ණය බරින් නිදහස් කිරීම ගැන ගොවීහු 76 වියේ පසුවන බච්චන් මහතාට කෘතඥතාව පල කළහ.
( 63226 )
( බී බී සී ඇසුරෙනි )
COMMENTS
කොයි දේශයෙන් වුවත් සත්පුරුෂ ක්‍රියාවකි. ඔබට නිදුක් නිරොගී දිඝායු!
ඉන්දියාවට ච්චන්ලා හිටියත්, අපිට ඉන්නෙ රන්ජන්ලයි ගීතලයි,
අපේ බච්චන්ලා අපිට බදු ගෙවන්න බැහැ බදු සහන දෙන්න කියලා ඉල්ලනවා.
අපිටත් ඉන්නවා ගොවි රජෙක්... ඒ වගේම තවත් රජෙක් හිටියා... චේ වගේ රැවුල වවන අයියල ටිකකුත් ඉන්නවා. නමුත් වැඩේ තියෙන්නේ කෘෂිකර්මේ දවසෙන් දවස වලපල්ලට යනවා. හැමදේම පිටරටින් ගේනවා. නැත්නම් බඩගින්නේ... රට වටේට මුහුද මාළු රටින් ගේනවලු. ලොකු මී හරක් ගාලක් අගනුවර තියෙනවා. එ්කේ ඉන්න 225 මී හරක්ගෙන් තමාරටම පාලනය වෙන්නේ...
ඔන්න නියම මනුස්සයෝ.
බච්චන්ලත් බදු සහන වලට තමා. යටිතල පහසුකම් වලට ඔය සල්ලි වියදම් කලානම් පලාතේ හැම කෙනෙකුටම පහසුකම් සැලසෙනවා.
බචාන් වගේද අපේ මහින්ද තෙල් රුපියල් 50ට දන්වා... සියලුම ණය කපා හරිනවා... ටිකක් ඉවසන්න.