නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් අද (9) ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
අභියාචනාධිකරණ සභාපති පී.පී. සුරසේන, අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා, අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන් නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නේය.
එලෙසම නව අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද එක්විය.
(28535)




ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
COMMENTS
සුබපැතුම් ඔබතුමන්ලාට ඔබතුමන්ලාවත් සාධාරණ තීන්දු ලබාදෙන්න. රටට, ජාතියට හතුරු තීන්දු නොදෙන්න. මත්කුඩු, අල්ලස් කරුවන් මෙන්ම මිනීමරුවන්ට දැඩි දඬුවම් ලබා දෙනු අැතැයි ජනතාවගේ විශ්වාසයයි...
අපේ රටට කෙතරම් කරදර හිරිහැර තිබුණත් රටේ නීතියේ ආධිපත්‍ය හොඳ මට්ටමක තිබීම ගැන ජනතාවගේ පැත්තෙන් බලනා විටදී පෙනීයන කරුණක්. ජනපතිවරයකු ඉදිරියේ දිව්රුම් දෙන විනිසුරුතුමෙකු ජනපතිවරයෙකුටත් එරෙහිව නීතියේ රාමුව තුළ ඉඳන් නිවැරදි තීන්දු දෙනවා. ඒත් ලොව රටවල්වල එසේ නීතියෙන් වැරදිකරු කළ නායකයෙකු ඉදිරියේ එවැනි විනිසුරුවරයෙකුට දිව්රුම් දීමට සිදුවුවහොත්, එම විනිසුරුතුමා මොනතරම් මානසික පීඩනයකට ලක්වේවිද? විනිසුරුවරුන් කියන්නේත් දෙවියන් නොව මනුෂ්‍යයන් කොටසක්ම නිසා එතුමන්ලාට ඇතැම් විට අපට දැරීමට නොහැකි මානසික පීඩන දැරීමට සිදුවෙනවා ඇති නේද? එතුමන්ලා එසේ අපහසුතාවලට මුහුණ දෙන්නේ අපට නීතිය රැක දෙන්න ගිහිල්ලා නේද?
අපට ඉතා හොඳ අග විනිසුරුතුමෙකු ලැබිල තියෙනවා. ඔබතුමන්ලාත් නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන්නට එක සිතින්ම කැපවනු ඇතැයි අපි විශ්වාස කරනවා.
කාටවත් ගැති නොවී නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරන්න අවැසි ශක්තිය, ජවය හා ධෛර්යය නොඅඩුව ලැබෙන්න හිත සිතින් ප්‍රාර්ථනා කරමි.
පහුගිය දවස්වල නම් තීන්දුවක් ඉල්ලලා නඩු ගිය කාන්තාවකට ආයේ උසාවි නොයන්න ලක්ෂයක්ද කොහෙද ගෙවන්න වුණාලු... ඉතින් ඕවා ඇහුවාම මොන සාධාරණයක්ද? වැරැද්දකට නෙමෙයි වැස්සකටවත් උසාවි යන්න හිතෙයිද මන්දා.