(පාලිත ආරියවංශ)
හාලිඇළ සහ ඌවපරණගම මැතිවරණ කොට්ඨාස යාකමින් ඌමා ඔය මතින් සුදු පාලකයන් ඉදිකළ හළාඹ යකඩ පාලමේ අබලන් තත්ත්වය සොයා බැලීමට ගිය පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා එහි ලෑල්ලක් කැඩී දෙපා පහළට ගොස් පාලම මත ඇද වැටිණි.
එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්රී චාමික බුද්ධදාස යන මහත්වරුන් ඔහු පහළට වැටීමට ඉඩ නොදී අල්ලා ගෙන ඇත.
මීටර් 113 ක් දිගැති මෙම පාලම මත අතුරා ඇති ලෑලි තට්ටුව දිර්ඝ කාලයක සිට දිරාපත්වීම නිසා තම අස්වනු රැගෙන යාමේදී හාලිඇල සහ ඌවපරණගම ගම්වැසියන් දැඩි අසීරුතාවකට හා අවධානමකට පත්ව සිටියහ.
තමන් විඳින දුක අත්දැකීමෙන් මන්ත්රිවරයාම විඳ දරාගත් නිසා ඉක්මනින් පාලම ආරක්ෂිත ලෙස පිළිසකර කර දෙනු ඇතැයි විශ්වාස කරන බව ගොවි ජනතාව පැවසූහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ.... හොඳ පාඩමක්.
අපරාදේ. අර ගුරැවන්ට කරපු අවලාද වලට තමයි ඔය පලිසන් දුන්නේ.
මෙයාට කල්ප කාලාන්තරයක් ඡන්දේ දුන්නනේ ඔය පැත්තේ ඉන්න මිනිස්සු. ස්තුතියි මේක පල්ලේ වැටෙන්න ගිහින් හරි පොඩ්ඩක් මොලේ හෙල්ලුනානම්.
කවුරු හරි දේශපාලුවෙක් ගසා කාලා හදපු පාළමක් වෙන්ඩැ . වෙච්ච් දේ හැටියට වැඩිකල් නොගිහින් පාළම හදලා දුන්නොත් ඒ මදෑ.
වැටෙන්න තිබුනේ පහලටම.
තාත්තා වගේම තමයි...