(අජන්ත කුමාර අගලකඩ)
අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 11 සහ 12 යන දින දෙක රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් කරන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී අද (02) ප්‍රතික්ෂේප වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රාජිත සේනාරත්න,පාඨලී චමිපික රණවක, යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනෙකුත් ඊට දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.
අලුත් අවුරුදු නිවාඩු සති අන්තයේ යෙදී ඇති බැවින් ලබන 11,12 සහ 15 යන දිනයන් තුනම රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි වජිර අබේවර්ධන ඇමැතිවරයා ඉල්ලා ඇත.
ඊට කිසිසේත් ඉඩ දිය නොහැකි බව පවසා ඇති ජනාධිපතිවරයා ලබන 15 වැනිදා පමණක් රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව පවසා ඇත.
ලක්ෂ 16 ක් වන රජයේ සේවකයින්ට පිට පිට දින දෙකක් රජයේ නිවාඩු දීමෙන් රට ගෙනියන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා විමසා ඇති බවද පැවැසේ.
COMMENTS
අදාළ ඇමතිවරයා ළමා විය යුතු නැත. නිදහසෙන් පසු අපේ තීන්දුව බලන්න; පාලකයන්ගේ තීරණ බොහොමයක් රටට මග පෑදිය යුතුය. උදා. සිවිල් සේවය අහෝසි කිරීම, ඵලදායී කර්මාන්ත ජනසතු කිරීම - තේ / රබර් / පොල් වතු යනාදිය
ඔයිට වඩා හොයලා බලන්න ඕනේ රාජයේ සේවකයෝ වැඩ කරනවද කියලා. රජයේ තැනකට වැඩක් කරන්න ගියහම මොනතරම් රස්තියාදු කරනවද... නිවාඩු දුන්නට කමක් නැහැ. රජයේ සේවයේ ගුණාත්මක කම හොයලා බලනවානම් ඔක්කොටම වඩා වටිනවා. ලංකාවේ ප්‍රදාන නිවාඩුවක් වෙන අවුරුද්ද සියලු ජාතින් එක්ව සමරන නිසා එයට වැඩි අවස්ථාවක් දෙන්න ඕනේ..
මෙහෙම නිවාඩු දීලා රජයේ ආයතන තවත් නැතිම කරන්න හදන්නේ. මේවා කොහොමත් අයිස් පිට දුවන්නේ .
දැනටමත් විශාල නිවාඩු තොගයක් තියෙන රටක්. හොඳ තීරණයක්
සිංහල දෙමල අලුත් අවුරුද්ද , පෝය දිනවල් , ක්‍රිස්තියානි නිවාඩු දින , මුස්ලිම් නිවාඩු දින , මේවා ඔක්කොම ලංකාවේ තිබෙනවා , ලෝකයේ නිවාඩු දින වැඩිම රට ලංකාව තවත් නිවාඩු දුන්නොත් , රට දියුණු නොවීමට එක හේතුවක් මේක. තව නිවාඩු දුන්නොත් ආර්ථිකයට අබ සරණයි.
කමක් නැහැ. දැන් හොඳට රට යනවනේ. ඔය කියන තරම් කාර්යක්ෂමව රට දුවනවානම් එත් කමක් නැහැ. රටට කිසි සැලසුමක් නැති නිසා මිනිස්සු ගොඩක් රස්සාවලට ඇවිත් ජීවත් වෙන්නේ කොළඹ අවට. රස්සාවල්, ළමයින්ගේ ඉගනීම් වැඩ එක්ක ඔට්ටු වෙන ඒ මිනිස්සු ගම්රටවල ගිහින් අම්ම තාත්ත, නෑයෙක්හරි මුණගැහෙන්නේ අවුරුද්දට විතරයි. එන්න එන්න සම්බන්දතා අඩු වෙලා, මිනිස්සු තනි වෙනවා.
සියලු වරප්‍රදාන නිවාඩු ඒ මදිවට අකාර්යක්ෂම සේවාවන්... මදිවට තවත් නිවාඩු..... හොද තීරණයක්.... නිවඩු දෙන්න ඕන පෞද්ගලික අංශයට මිසක් මේ ගොල්ලන්ට නොවේ.
රජයේ සේවකයන්ට තියෙන සියලුම ප්‍රසිද්ධ නිවාඩු පුද්ගලික සේවකයන්ට තියෙනවා, අමතරව ප්‍රධාන ආගමිත උත්සව වලට සතියක් විතර පවුලේ අයත් සමග ගත කරන්න බොනස් සමග නිවාඩු හම්බවෙනවා. එතකොට මොකක්ද රජයේ සේවකයන්ට ලැබනෙ අමතර නිවාඩු, ලෝකෙ නිවාඩු වැඩිම රට ලංකාව නම් ඒක පුද්ගලික අයටත් අදාලයි, පෝය දවස්වලට පුද්ගලික ආයතන සේරම වැඩද , ඉදල හිටල සමහර ආයතන වැඩ ඒ වැඩකරන්නේ නිකන්ද, පුද්ගලික අංශයේ මොනවද කාර්යක්ෂම.
ඉහත දැක්වෙන බොහෝ අදහස් තුල පිළිබිඹු වන පොදු සේවයට වෛරය. රටට කිසිදු ප්‍රතිලාභයක් නොලැබේ.
නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමේ ගැටළුව වෙන්නේ රට දුවවන එක නෙවෙයි, මේ දවස් නිවාඩු දින කරත් ඒ දිනවලත් පෙට්‍රෝලියම්, විදුලිය, සෞඛ්‍ය, වරාය, ගුවන් තොටුපළ වගේ සේවාවන් වැඩකරනවා. නිවාඩු දින ප්‍රකාශයට පත් කරොත් ඒ දිනවලට මේ සේවාවන්ට ගෙවන්න වෙන්නේ අතිකාල. ඒක ඔය ආයතනවල සේවකයින්ගේ පඩි එක්ක ගත්තම ආර්ථිකයට ලොකු බරක්. හැබැයි රජයේ වේවා පුද්ගලික වේවා ඔය දිනවල සේවකයො නිවාඩු දානවා. මොකද ලංකාවේ ආයතනවල ඉන්නේ පිට පළාත් වලින් එන සේවකයෝ රැසක්.
ලෝක යුද්දෙන් සුනු දුවිලි වුන ජපානය වැනි රටවල් දියුණු වෙලා තිබෙන්නේ ජනතාවට නිවාඩු දීලා නොවේ. ජපානේ මිනිස්සු වැඩ කරන කාලයෙන් 60% වත් ලංකාවේ මිනිස්සු අවුරුද්දකට වැඩ කරන්නේ නැත. ලංකාවේ රජයේ සේවකයන් වැඩ කරන එම සුළු කාලයේත් හරි හැටි වැඩක් නොකරති. ඔය නත්තල් නිවාඩු ක්‍රිස්තියානි භක්තිකයන්ට පමණක් දෙන්න. බුද්ධාගමේ නිවාඩු බුද්ධාගම අදහන මිනිස්සුන්ට පමණක් දෙන්න, මුස්ලිම් නිවාඩු මුස්ලිම් භක්තිකයන්ට පමණක් දෙන්න. මේ ඔක්කොම නිවාඩු හැමෝටම දීම රටේ දියුණුවට විශාල බාධාවකි. නිවාඩු පාඩුවේ ඉන්නත් රටක් තිබිය යුතුය ,
වජිර ඇමතිතුමා ඔබතුමා දැරූ උත්සහයට ගරු කරනවා. බොරු දර්ශනය නැතුව යෝජනා කල ආකාරයට නිවාඩු ලබා දීම තමයි කලයුතුව තිබු දෙය