IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අනවසර ආගමික මධ්‍යස්ථානය ඉවත්කිරීමේ යෝජනාව සම්මතයි

(බන්දු තඹවිට)
 
අගලවත්ත නගරයේ අනවසරයෙන් පවත්වාගෙන යන මුස්ලිම් ආගමික මධ්‍යස්ථානයක් එම ස්ථානයෙන් ඉවත්කිරීමට අගලවත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රියන්ත විජේසිංහ මහතා (ස්වාධීන) ප්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජනාවක් සියලු මන්ත්‍රීවරු ඒකමතිකව සම්මත කළහ.

අගලවත්ත ප්‍රාදේශීය සභාවේ ඊයේ (14) පැවති මාසික සභා රැස්වීමේදී විපක්ෂ නායක ප්‍රියන්ත විජේසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
 
අගලවත්ත නගරයේ පරණ පාරේ ස්ථානයක මෙම මුස්ලිම් ආගමික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත්, ඒ සඳහා කිසිදු නීත්‍යනුකූල අවසරයක් ගෙන නොමැති බවත්, මුස්ලිම් පල්ලියක් ස්ථාපිත කිරීමට තරම් මුස්ලිම් ජාතිකයන් අගලවත්තේ නොමැති බවත්, එම ස්ථානය පිළිබඳව කිසිවෙකු වගකීම නොදරන බවත්, එම නිසා මෙය ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාමට බාධාවක් බැවින් සභාවේ බලතල අනුව එම ආගමික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කළ යුතු බවත්  පැවසීය.
 
මෙහිදී එක්සත්ජාතික පක්‍ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්දික කරුණාසේන මහතා අදහස් දක්වමින් තමන් උපතින් බෞද්ධයන් වුවද මේ රටේ සියලු ආගම්වලට ගරු කරන බවත්, එහෙත් පෙට්ටි කඩ ලෙසින් මෙරටේ ආගමික ස්ථාන ඉදිකිරීම අනුමත නොකරන බවත්, මෙම ස්ථානය පිරිසිදුවීමේ ස්ථානයක් ලෙස හඳුන්වමින් එහි කොටසක් යාඤා කිරීම සඳහා යොදාගෙන තිබෙන බවත්, එයට ප්‍රදේශවාසීන්ගේ විශාල විරෝධයක් ඇතිවී තිබෙන බවත් එනිසා බලධාරීන් වගකීමෙන් කටයුතු නොකළහොත් අගලවත්තේ අයහපත් තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ප්‍රකාශ කළේය.
 
මෙම ආගමික මධ්‍යස්ථානය පිළිබඳව ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමුවී ඇති බවත් ඒ පිළිබඳව පසුගිය දිනක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් පැවති බවත්, එහිදී  කිසිවෙකු එම ස්ථානයේ අයිතිය තහවුරු කිරීමට වගකීම  බාරගැනීමට ඉදිරිපත් නොවුවහොත් එය එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවත් සභාපති ජයසේන කඹුරාවල මහතා අදහස් දක්වමින් පැවසීය. 



අදහස් (5)

අනවසර ආගමික මධ්‍යස්ථානය ඉවත්කිරීමේ යෝජනාව සම්මතයි

Jayantha Wednesday, 15 May 2019 06:42 AM

සිංහලයින් මේ රටේ තුන්වෙනි පන්තියට වැටෙන්නට අරින්න එපා.

:       0       0

සේන Wednesday, 15 May 2019 06:59 AM

ආගමක් ඇදහීමට ඕනෑම කෙනෙකුට සමාන අයිතියක් මේ බෞද්ධ රටේ ඇත. ආගම මුවාවෙන් ආක්‍රමණය කිරීම බැහැර විය යුතුයි. අනුන්ගේ දේ කොල්ලකමින් තම මතයන් පැතිරවීමට උත්සාහ දැරීම හැම ගැටලුවකටම මුලයි. නීත්‍යානුකූලව හැම දෙයක්ම පිළිවෙලකට කීරීමට ගත් පියවරට අපි ස්තූතිය පුදමු.

:       0       0

Dinusha Pethiyagoda Wednesday, 15 May 2019 07:27 AM

මෙවැනි ස්ථානයක් බොරලැස්ගමුව නගරයෙත් තියෙනවා......

:       0       0

rocky Wednesday, 15 May 2019 08:26 AM

බොහොම හරි. ප්‍රමාණවත් මුස්ලිම් ජන ගහනයක් නැති මතුගමත් මුස්ලිම් පල්ලියක් හදලා තියෙද්දී, අගලවත්තට කොහොමටවත් තවත් එකක් උවමනා නැහැ!

:       0       0

ravi Wednesday, 15 May 2019 10:31 AM

අවසර තියෙන ආගමික ස්ථානවලත් , අනවසර දේවල් සිද්ද වෙනවානම් ... ඒ ස්ථානත් පොළොවට සමතලා කල යුතුයි නේද ... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1159 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1165 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site