IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අනුර සේනානායකගේ නඩුව ඔක්තෝබර් 23 දා සිට විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

රගර් කී‍්‍රඩක මොහොමඩ් තාජුඩීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා නඩුව විභාග කිරීම සඳහා එලෙස දින නියම කළේය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2012 මැයි 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේ දී ඝාතනය කළ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනූකූල දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයූ බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

මෙම සිද්ධියේ සැකකරුවකු වශයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාරාහේන්පිට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂ සුමිත් චම්පික මහතා මෙම නඩුවේ පැමිණිල්ලේ ප‍්‍රධාන සාක්කිකරු වශයෙන් නම් කර ඇත.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලි පාර්ශවය විසින් විත්ති පාර්ශවයට බාරදිය යුතු සමහර ලේඛන මෙතෙක් තම සේවාදායකයාට ලබාදී නැතැයි පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා කරුණු ඉදිරිපත් කරමින් සතියක කාලයක් ඇතුළත එම ලේඛන විත්ති පාර්ශවයට බාරදීමට අවශ්‍ය කටයුතු කරන්නේ යැයි පැවසීය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට එරෙහි නඩුව ලබන ඔක්තෝබර් 23,24 සහ නොවැම්බර් 07,08,15 වැනි දිනවල විභාග කිරීමට නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතීඥ ගනේෂ් ධර්මවර්ධන මහතා ඇතුළු නීතීඥ මඬුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (2)

අනුර සේනානායකගේ නඩුව ඔක්තෝබර් 23 දා සිට විභාගයට

Lion Tuesday, 30 July 2019 01:12 PM

මේ නඩු ඇහෙනකොට සිද්ධිය දන්නා අපි ඔක්කොම මේ ලෝකෙන් චුතවෙලා ගිහිල්ලා

:       0       1

සෙනෙවිරත්න Tuesday, 30 July 2019 01:59 PM

ඒකත් ඇදගෙන යමු. මේවට වියදම් කරන සල්ලි, අපේ අධිකරණය සදාකල් පවතීවා, නඩු සදාකල් ඇසේවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site