(ඩිල්ශානි චතුරිකා දාබරේ)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා පත්කිරීමට රජය තීරණය කර ඇත.
එහි වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බැවින්, පුරප්පාඩු වන තනතුර සඳහා මෙම පත්වීම සිදුකෙරේ.
මහාචාරය අනුර මනතුංග මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ද ඔහු වෙයි.
ඒ අනුව, මනතුංග මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනවාරි 01 වැනි දින සිට පත්කෙරෙනු ඇත.
COMMENTS
මහජන බදු මුදල්වලින් සියලු පහසුකම් මෙන්ම සියලු දීමනාද සහිතව වැටුප් ලබන තවත් රජයේ සේවකයෙක් වන ඔබටද තමන් උපන් රට වෙනුවෙන් අවංකව සේවය කිරීමට හැකි වේවා...!! පුරාවිද්‍යා වටිනාකමින් යුත් සියලුම ස්ථාන මෙන්ම අනෙකුත් දෙය ආරක්ෂා කිරීම සදහා සක්‍රිය ක්‍රියා මාර්ගයක් ගැනුමට ඔබට ඉක්මනින් ඥානය පහල වේවා...!!!
සෙනරත් දිසානායකගේ වැඩ නම් කවුරුත් දන්නවා. සියලු බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යා සාක්ෂි අන්තවාදීන් විනාශ කරන කම් බලාගෙන හිටියා.
පොම්පෙ ඒ මිනිස්සු ගොඩ දාගත්තා.. ඔබතුමා එවැනි වැදගත් වැඩකරයි බලාපොරොත්තු වෙනවා.
පුරප්පාඩුවක් එනවා කියලා දැණුනු ගමන් දේශපාලකයෝ පස්සේ දුවනවා පත්වීම් හදාගන්න... ඊට පස්සේ නටන්න වෙන්නේ ඒ ගහන පදවලට ...
කවුරු ආවත් අපේ පුරා වස්තු ටික දවසින් දවස විනාශ වෙනවා.
මෝ.... මගේ පිළිතුරට ඉඩ මදි. මම කරන්නෙත් පෞද්ගලික ව්‍යාපාර අංශයට සම්බන්ධ පොඩි වැඩක්. ඉතින් මම පොඩ්ඩක් දන්නවා අයිතිකාරයින් ඉඳන් සුලු සේවකයෝ දක්වා තමන්ගේ මඩිය තර කරගන්න නීත්‍යානුකුල ලෙස අහිංසක සාමාන්‍ය මිනිස්සු රවට්ටලා හුරගෙන කන විදිහ. ඔච්චරම පෞද්ගලික අංශය කාර්යක්ෂම නම් එකම බිස්නස් එක කරන ආණ්ඩුවේ බැංකු, ටෙලිකොම් වැහිලම යන්න එපැයි. අපි රටක් විදිහට නම් අකාර්යක්ෂමයි. ඒක හරි. මොකද ඔය මහා ලොකු පෞද්ගලික වැඩ්ඩෝ රජයේ ඉහළට දැම්මාම ඒ ආයතන අර කියන විදිහට කාර්යක්ෂම වෙන්න එපැයි. අනික ජපානය, චීනය, සිංගප්පූරුව, දකුණු කොරියාව ජර්මනිය වගේ ඉතාම සුළු රටවල් ටිකක් ඇරුණාම මුලු ලෝකෙම මිනිස්සු සමස්තයක් ලෙස වැඩ කරන්න කම්මැලියි. අනික් රටවල් බොහෝදුරට දියුණු වෙලා තියෙන්නේ ස්වාභාවික සම්පත් නිසා. කැනඩාව වුණත් පාරක් කැඩුනොත් කැඩිච්ච පාරවල් අර මම කියපු රටවල් තරම් කාර්යක්ෂමව හදලා ඉවර කරන්නේ නෑ. අපිට කලින් හදනවා ඇති. ඔයා රජය ගැන කිය කිය අඬපු හින්දා තව අහන්න ඕනෑනම් අලුත් ආටිකල් එකක් ලියන්න.
සෙනරත් දිසානායක පින්පඩි අරගත්තා මිසක් කළ කිසිම දෙයක් නැහැ. බෞද්ධ සිද්ධස්ථාන අන්තවාදීන්ට අයිති කරගන්න දීලා නිකන් හිටියා. පින්පඩි අරන් දැන් පෙන්ෂනුත් යනවා. හරිනම් පෙන්ෂන් නැතිව ගෙදර යැවිය යුතුයි. පුරාවස්තුත් කෑවා.
සීගිරිය උඩ ගහමු හොඳ හෝටලයක්... නියමෙට මාර්කට් කරන්න පුළුවන් විදේශිකයන්ට...