(යොහාන් භාසුර)

රට පුරා නිවෙස්වල අනතුරුදායක ටැංකි (ගෑස් සිලින්ඩර) ලක්‍ෂ තුනක්, හතරක් පමණ ඇති බවත් එම සිලින්ඩර අදාල ගෑස් සැපයුම් ආයතනය නැවත එකතු කළ යුතු බවත් ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා අද (24) පැවසීය.

ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටු වාර්තාව අධ්‍යනය කිරීම ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලය අනිවාර්යෙන්ම කළ යුතුව තිබුණ ද මේ දක්වා එවැනි අධ්‍යනයක් සිදුවී නොමැති බව කී මහාචාර්ය ජයතිලක මහතා පැවසුවේ ගෑස් සිලින්ඩරවල සංයුතිය වෙනස් කිරීමෙන් සංයුතිය වැඩිවුවද ප්‍රමාණවත් ‘මර්කැප්ටන්’ ප්‍රමාණය තිබුණේ නම් ඇනතුරුවලින් සියයට 50 ක් වළක්වාගැනීමේ හැකියාව තිබූ බවත්ය.

ගෑස් ගැටලුවේදී මේ දක්වා මුදලාලි එළියට නොඒම මෙම ගැටලුවේ වඩාත් සුවිශේෂි තත්වය බවට පත්ව ඇති බව ද මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා අවධාරණය කළේය.

ගෑස් අනතුරු පිළිබඳව සේවීමට ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. ජයතිලක මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් එසේ අද (24) පැවසීය.