(අජන්ත කුමාර අගලකඩ)
රජයේ රෝහල්වල හිඟයක් ඇතිවිය හැකි අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම් යටතේ කඩිනමින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම අත්‍යවශ්‍ය ඖෂධ හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 600 ක් පමණ වේ.
මෙරට ප්‍රධාන වශයෙන් ඖෂධ සපයන ඉන්දියාව සහ බංගලාදේශය යන රටවලට ගොස් මෙම ඖෂධ මිලදී ගැනීමට තීරණය කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ එම ඖෂධ මිලදී ගැනෙනු ඇත.
මෙම ඖෂධ මිලදී ගැනීමේ ප්‍රතිසම්පාදන ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ ඖෂධ නීතිගත සංස්ථාවෙන් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනවල නිලධාරී කණ්ඩායමක්ද පිටත් කර යැවීමට නියමිතය.
මේ වසරේ පළමු කාර්තුවට අවශ්‍ය ඖෂධ මෙසේ මිලදී ගනු ලබන අතර එය සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගැනීමට මාස 11 ත් 14 ත් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
හදිසි මිලදී ගැනීම් යටතේ වුවද මෙම ඖෂධ මිලදී ගැනීමට දින 60 ක් 90 ක් අතර කාලයක් ගතවනු ඇතැයි අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.
වෛද්‍ය සැපයීම් අංශයට අවශ්‍ය ඖෂධ රාජයේ ඖෂධ සංස්ථාව හරහා ගෙන්වා ගැනීමට ගියවසරේ රුපියල් කෝටි 4100 ක පමණ ඇණවුම් නිකුත් කර ඇතැත් ඖෂධ සංස්ථාවට ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 2500 ක පමණ මුදලක් බවද සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩලයට වාර්තා කර ඇත.
රාජයේ රෝහල්වල ඖෂධ වර්ග රැසක හිඟයක් පවතික අතර ගිය වසරේ වෙන් කරන ලද මුදල් ප්‍රමාණවත් ලෙස නොලැබීම මෙම ඖෂධ හිඟයට බලපා ඇතැයි ඇමැතිවරිය පෙන්වා දී ඇත.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් හිඟ ඖෂධ වර්ග 310 ක් හදිසි මිලදී ගැනීම් යටතේ වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඖෂධ හිඟය ගැන, ඇමරිකන් ගිවිසුම ගැන මෑත කාලයේ ජී.එම්.ඕ.ඕ එකෙන් දැනුවත් කිරීම හොඳටම මදි. දැන් කිරිපිටි පාවිච්චිය නම් අතහැරියා.
ඔය ඖෂධ ගෙනෙන්නනම් කවුරු යැව්වත් අර සුවපති ගියා වගේම තමයි. බෙහෙත් සමාගම් කියන්නේ බස් සමාගම් වල කපපු පාලුවක්. මුළු ලංකාවේම මිනිස්සු එකටම යැවුවොත් නම් ස්ථීරෙටම හොර බොරු වංචා නැතුව වැඩේ කෙරෙයි.
බංගලා දේශයෙනුත් ඖෂධ ගේනවා කිව්වහම අපි රට දියුණු කළා කියල වේදිකාවල බෙරිහන්දෙන අයට මොනවද හිතෙන්නේ? තව ටිකකලකින් අපි මාලදිවයිනෙන් ඖෂධ ගේනවා කියාවි.
මරු. හැමදාම උනේ මේවයින් කාගේ හරි කරලා පෑහෙන එක තමයි -හදිසි විදුලිය මිලදී ගැනීම් -හදිසි බෙහෙත් මිලදී ගැනීම්. අපි නොදන්නා චෙස්. මම එකක් කියන්නම් බන්ගලිදේශේ කියන්නේ මොන රටක්ද ? හැබැයි ඒ අය බෙහෙත් හදනවා විතරක් නෙමේ අපටත් එවනවා. විදේශ ආයෝජකයෝ දැන් මෙහාට එන්නේ නැහැ. එහාට යන්නේ - අනික මේ ඔක්කොම වගේ නෙමේ පරිසර සංරක්ෂණය අතිනුත් ලෝකෙන් ඉදිරියෙන් ඉන්නේ -ඒ විතරක් නෙමේ ක්‍රිකට් වලින් ? කවදා හරි එයාලා අපි පහුකරනවා සත්තයි.
ඡන්දෙට වියදම් කරන්නත් සල්ලි කීයක් හරි හොයාගන්න නියම අවස්ථාව.
ඉතින් නෝනෝ, ඒක බලාගන්නනේ ඔහේට සෞඛ්‍ය ඇමතිකම වැනි වැදගත් ඇමති පට්ටමක් රාජපක්ෂ සහෝදරයන් බාර දුන්නේ... දැන් ඉතින් වෙන අයට දොස් පවරා, ඇඟ බේරාගන්න සූදානම් නොවී, බාරදීපු වැඩේ හරියට කරලා මහජනයාට ගුණවත් සෞඛ්‍ය සේවයක ලබාදෙන්න කටයුතු කරන්න. වැඩියෙන්ම කයිවාරු ගහන අයම තමා අඩුවෙන්ම වැඩ කරන්නේ කියල මගේ සීයා කියන උපදේශය ඔබටත් බලපාන වග පේනවා...!!!