IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


අඟුලානේ කලබලයට 10 ක් අත්අඩංගුවේ

(ඡායාරූපය - රේඛා තරංගනී)

 

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

අඟුලාන පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බව කියන තවත් පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.

ඒ අතර කාන්තාවන් හත් දෙනෙකු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

අඟුලාන පොලිසියේ ජනේල් වීදුරු වලට ,නාම පුවරුවට සහ වාහන කිහිපයකට හානි සිදුවී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.


අඟුලානේ සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් පොලිසියට බාර වෙති

(රේඛා තරංගනී ෆොන්සේකා)

අගුලාන පොලිසිය ඉදිරි පිට ඇති වු කලබලයට සම්බන්ධ බව කියන   තිදෙනකු පොලීසියට බාර වී තිබේ.

කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු පොලීසියට බාර  වී  ඇති අතර බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා  විසින්  ඔවුන්  ගල්කිස්ස පොලීසියට බාර දී තිබේ.

සිදු වූ දේපළ හානි සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් , මරණකරුගේ  පාර්ශවයට යම් ආසාධාරණයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධව  සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

 


අඟුලාන පොලීසියට එස්ටීඑෆ් ආරක්ෂාව

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අගුලාන පොලිසිය ඉදිරිපිට  ඇතිව   කලබලකාරී තත්වය පාලනය කිරීම සදහා  මේ වන විට පොලිස් විශේෂ කාර්යය බලකාය ද කැඳවා ඇත.

ඇතිව තිබෙන  තත්වය සහ ඉදිරි පියවර සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිටින  උසස්  පොලිස් නිලධාරීන් සමඟ  මේ වනවිට සාකච්ඡා කරමින් සිටිති.

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා ද අඟුලාන පොලිසියට පැමිණ  සිටී.

ඒ  අවට ඇති වූ කලබලකාරී තත්වය මේ වනවිට පාලනය කර ඇති අතර, පොලිසිය ඉදිරිපිට නවතා තිබූ වාහන කිහිපයකටද හානි වී ඇත.


අඟුලාන පොලීසියට කලබල කළ පිරිසට කදුළුගෑස් ප්‍රහාර

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

අගුලාන පොලිසිය ඉදිරිපිටට පැමිණි පිරිසක් කලහකාරී ලෙස හැසිරීමත් සමඟ පොලිසිය අද(16) කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබේ.
     
එම පිරිස පොලිසිය දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමගම එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇති විය.
     
ඉකුත් 10 වෙනිදා රාත්‍රියේදී පොලිස් වෙඩි පහරින් මියගිය අමිත් කරුණාරත්න නැමැති හත් දරු පියාගේ නඩු විභාගය අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවැත්විණි. එම මරණයට අදාළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන නොමැතිවීම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුනොවීම මත මෙම කලහකාරී තත්වය ඇතිවිය.

 

 (ඡායාරූප - එච් එම් ධර්මපාල) 


(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (27)

අඟුලානේ කලබලයට 10 ක් අත්අඩංගුවේ

fairoos Thursday, 16 July 2020 10:48 AM

දැනට නඩුවක් දාලා පස්සේ නිදහස් කරයි. 2013 බන්ධනාගාරේ ඝාතන නඩුවටත් ඕක තමයි වුණේ...

:       390       556

මෝ Thursday, 16 July 2020 11:43 AM

අපේ කස්ටියත් ඇමරිකාව කොපි කරනවා වගේ. මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ ඔය විනාශ කරන්නේ තමන්ගේම දේපල කියලා. සාමකාමීව උද්ඝෝෂණ කරන්න පුරුදු වෙන්න.

:       560       332

ranaFriday, 17 July 2020 04:19 AM

සාධාරණය ඉටු නොවේ යන සිතුවිල්ල නිසා නොවේද මිනිස්සු දරුණු වෙන්නේ? මෙතන පොලීසිය නඩුව ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය ඔවුන්ට වාසියට නොවේදැයි සිතා බලන්න.

:       0       189

Sirisena Thursday, 16 July 2020 12:00 PM

ආණ්ඩුවටත් ළඟදීම ඔයවගේ කන්න වෙනවා.

:       474       1334

RaveendraThursday, 16 July 2020 01:38 PM

ඔබගේ අදහස් පිළිබඳව අප කණගාටු වන්නෙමු.. " බලයේ පවතින රජය කුමක් වුණත් " කිසිවෙකු මහජන දේපළ විනාශ කෙරුවේ නම් කරන්නේ නම් ඒ නිවට ක්‍රියාවට උපරිම දඬුවම් නීතිය මගින් ලබාදිය යුතුමයි. වැඩිදෙනෙකු අපගේ අදහස්වලට දෙස්දෙවොල් තබනු ඇත.. නමුත් කිව යුතුමයි.

:       1611       348

බද්රානිThursday, 16 July 2020 02:40 PM

අනේ, ඔව් පාලකයින්ව රකින මේ රටේ අය, මහජනතාව මරලා, රජයේ දේපළ රකින එකනේ කළයුත්තේ... මිලේච්ඡයින්ගේ රටේ මිනිස් ජීවිතයකට වඩා බෝඩ් ලෑල්ලක් කොච්චර වටිනවද?

:       46       1011

දොලේවත්තThursday, 16 July 2020 02:48 PM

ඊට වඩා දැවැන්ත මහජන මුදල් නාස්ති කිරීම් මේ රටේ ඉහේ කෙස් ගානට සිද්ධ වුණා. එතකොට කට වහගෙන පැත්තට වෙලා ඉන්න ඔබ වගේ මිනිස්සු සාමාන්‍ය ජනතාවගේ වැරැද්දක් අල්ලගෙන බොරුවට කෑ ගහනවා. මේ මිනිසුන්ට වඩා ඔබ නිවටයි..

:       2       851

SamanThursday, 16 July 2020 03:05 PM

රවීන්ද්‍ර මහත්මයා.. නීතිය රකින්න ඉන්න අය නීතිය අවභාවිතා කරන එකගැන එහෙම දඬුවම් දීමක් ඕනේ වෙන්නේ නැද්ද? නීතිය සැමටම එක විදියට ක්‍රියාත්මක වෙනවා නම් ඔහොම වෙන්නෙත් නෑනේ.. එක රටක්, එක නීතියක් කියලා මතුරපු අයට නින්ද ගිහින් වගේ...

:       25       918

ධනුෂ්ක Thursday, 16 July 2020 03:20 PM

මහත්තයො බීරී අලි ඉන්නවා නේද? ඔවුන්ට වීණා වැයුවට ඇහෙන්නේ නෑ. ඔවුන්ට දැනෙන්න හෙන්ඩුවෙන් අනින්න ඕනේ. ඔබතුමාට පොලිසියේ මහත්තුරු නිකරුනේ මිනිහෙක් මරලා ඒකට දුක නෑ වීදුරු කඩපු එකට තමයි දුක. ලේ,ඇට, මස්, නහරවලින් හැදුණු සතෙකුට වුණත් තමන්ගේ කෙනෙක් නිකරුනේ මැරුවම මේ වගේ හැසිරෙනවා. ඒක හැඟීම් එක්ක බද්ධ වුණු දෙයක්... හැඟීම් දැනීම් නැති යාන්ත්‍රික මිනිස්සුන්ට ඕවා දැනෙන්නේ නෑ. දේශබන්දු මහත්තයාට සාධාරණය ඉටු කරන්න මතක් වුනෙත් ඊට පස්සේ තමා...

:       39       1011

මුණසිංහFriday, 17 July 2020 01:38 AM

රවීන්ද්‍රගේ අදහස් නිවැරදියි. එකෙක් නීතිය කැඩුවා කියලා තවකෙකුට නීතිය කඩන්න දෙන්න බෑ. මේ ක්‍රියාව සාධාරණීකරණය කරන අය රටේම මෙවැනි තත්ත්වයක් දකින්න කැමතිද? මෙය සාධාරණයි කියන අය තම රට විනාශමුඛයට ඇදගෙන යන්නේ. ඔවුන්ව හඳුන්වන්නේ දේශද්‍රෝහීන් හැටියට... පොදු දේපළ ආරක්ෂා කිරීම සහ රටේ නීතිය ආරක්ෂා කිරීම හැමෝගේම වගකීමක්... මෙලෙස ගල්ගැසූ සියළුම දෙනාගෙන් අදාල වන්දි අයකරගත යුතුමයි...

:       95       30

SankaFriday, 17 July 2020 03:10 AM

අනේ රවීන්ද්‍රගේ ටිකිරි මොලේට තේරෙන තරම... මේ අසරණ මිනිස්සු විරෝධතාවය කළේ අම්මා කෙනෙකුට දරුවෙක් නැතිවෙච්ච එකට... දරුවන් තුන් දෙනෙක්ගේ තාත්තා නැතිවෙච්චි එකට... රවීන්ද්‍ර මයා.. ඔයාට ඔය අසාධාරණය වුණා නම් ... ඔයාගේ පවුලත් ගිහිල්ලා පොලිසියට ගහයි. මොකද ඒකෙ දුක දන්නේ වෙච්චි කෙනා විතරයි. ඔයගොල්ලෝ වගේ අය නිසා තමයි අපේ රටේ පාලකයන් හැමදාම බලයේ ඉන්නේ... රටට තෙරුවන් සරණයි..

:       0       575

RaveendraFriday, 17 July 2020 04:43 AM

"බද්රානි " මිය වෙත, පළමුව අප උපන් තමාගේ මාතෘභූමියට ගැරහීම සුදුසුද? නැද්ද? යන්න තේරුම් ගැනුමට "රොකට් සයන්ස් " දැනුම අවශ්‍ය නැතිබව කීමට කැමැත්තෙමු.. එය කුඩාකල අපට පාසලේදී කියාදුන් වැදගත් පාඩමකි. තමන් උපන් රට තමන්ගේ මව මෙන් රැකීම පිළිබඳව පාසල් ගිය ඕනෑම කෙනෙකුට තේරුම් යන පරම සත්‍යකි.. මෙලේච්ඡයින්ගේ රටේ ඉපදුණු ඔබත් මෙලෙච්ච ස්ත්‍රියක් නොවේ... කිව හැක්කේ දියවන්නාවේ අයට පමණක් බව නම් ස්ථිරයි. ම්ලේච්ඡයින්ගේ රටේ ඉපදීමට අවස්ථාව ඇත්තේ ම්ලේච්ඡයන්ට පමණක් බව නැවත වරක් ඔබට සඳහන් කරන්නෙමු. එබැවින් ඔබ සත්ගුණවත් කාන්තාවක්ද ම්ලේච්ඡ කාන්තාවක්ද යන්න ඔබ විසින්ම තීරණය කිරීම වඩාත් සුදුසු යයි අපගේ මතයයි. තවද අප රටේ පාලනයට මේ අයව තෝරාගත්තේ සැමවිටම ඉන්දියානු පුරවැසියන්ද? එසේත් නැත්නම් උත්තර ධ්‍රැවයේ පුරවැසියන්ද නොවන බව අමුතුවෙන් කිවයුතුද? ඒ සියල්ලටම ඔබ, අප ඇතුළු සියලුම ලාංකිකයින් වගකිව යුතු නොවේද? කෙසේ වෙතත් "කවුරු බලයේ " සිටියත් මහජන දේපළ විනාශ කිරීම අප නම් කිසිවිට අනුමත නොකරන්නෙමු. මක්නිසාදයත් ඒ ඔබේ, මගේ, අපේ ලේ, කදුළු, දහඩිය හෙලා උපයාගත් මුදල් බැවිනි...

:       367       10

බද්රානි Friday, 17 July 2020 08:08 AM

පාසල් ගියයි කියන රවීන්ද්‍ර මහත්තයාට සිංහල නොතේරෙන එකයි ගැටලුව... අඩුතරමේ ප්‍රාථමික අධ්‍යාපනය ලද ළදරුවෙකුට පවා අවබෝධ වෙනවා මම පලකොට ඇති අදහසේ ගැබ්ව ඇත්තේ..., රට ගැන නොව ඒ රටේ ජීවත්වන නොමිනිසුන්ගේ "මිලේච්ඡත්වය" පිළිබඳව බව. මා ඉපදුණු මේ රට පමණක් නොව මේ මිහිතලය මත පිහිටා ඇති කිසිම රටක් "මිලේච්ඡ" නැත. නමුත් යම් රටක ජීවත් වෙන ජනතාවේ "බහුතරයක්", මිලේච්ජයින් ලෙස හැසිරෙනවා නම්, ඒ රට "මිලේච්ජයින් ගේ" රටක් බවට පත් වනු ඇත. "සහකම්පනය (EMPATHY) නොදැනෙන ඔබගේ මනසේ පවතින අවුල , තවකෙකු ගේ කරමතට පටවා, (වෙඩි තබා හෝ) ගැලවීමට වෙරදරන ඔබ වැනි අය නිසාම, ශ්‍රී ලංකාව යන සුන්දර පාරාදීසය මිලේච්ඡයින්ගේ ග්‍රහණයට හසුවී, එය මිලේච්ඡයින්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බව කණගාටුවෙන් වුවත් කිවයුතුව ඇත.

:       1       409

RaveendraFriday, 17 July 2020 08:19 AM

සංක මයා වෙත, පළමුව අප වැනි ටිකිරි මොලේ තියෙන උදවිය නිසා ඔබ වැනි "කැකිරි මොලේ " තිබෙන උදවිය තුන්වේල කුසගින්න නිවා ගැනුම මෙන්ම බඩ පුරවා ගැනුමට ඍජුවම දායක වන බව ආඩම්බරයෙන් සඳහන් කරන්නෙමු. දෙවනුව කිසිවකුට අසාධාරණයක් වුණු විගස මහජන දේපළ විනාශ කිරීම, කලහකාරී ලෙස හැසිරීම හොඳද, නරකද යන්නවත් තේරුම් ගැනුමට ඔබට " හුළං විස්කෝතුවක" තරමටවත් මොලයක් නොතිබීම කණගාටුවකි. මේ මිනිසුන් තමන්ගේම දූදරුවන්ට මෙන්ම රටේ අනෙකුත් දරුවන්ටද ලබාදී ඇත්තේ නරක ආදර්ශයක් බව ඔබට නොතේරීම අරුමයක් නොවේ. අප මෙවැනි ක්‍රියාවන් සඳහා වචනයකින් හෝ දායක වන්නේ නම් හෝ අනුමත කරන්නේ නම් අපගේ බුද්ධිය මෙන්ම ඥානය පිළිබඳව අපම තක්සේරු කරගැනුම වඩාත් උචිත නොවන්නේද?

:       551       1

RaveendraFriday, 17 July 2020 09:03 AM

"දොලවත්ත" මයා වෙත, මහජන මුදල් නාස්තිවෙන සෑම අවස්ථාවකදීම අප නම් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ බවත් ඉදිරියේදීත් හොඳ දෙය හොඳ ලෙසත් වැරදි දෙය වැරදි ලෙසත් සඳහන් කිරීමට කිසිවිට බිය නොවන්නෙමු.. එලෙසම අපට නම් කවුරු බලයේ හිටියත් කිසිඳු වෙනසක් නොමැත. කෙටියෙන් කියන්නේ නම් වෙසමුණියා සිටියත් හොඳ දෙය හොඳ ලෙසත්, වැරැද්ද වැරදි ලෙස විවේචනය කිරීමට පසුබට නොවන්නෝය. විනයක් නොමැති තැන දිව්‍යලෝකේ වුවත් අපායක්වීම සක්කරයාටවත් වැළැක්විය නොහැකිය. මෙම මහජන දේපළ විනාශ කිරීම, නීතිය තමන්ගේ අතට ගැනීම කිසිවෙකු වචනයකින් හෝ අනුමත කරන්නේ නම් ඔහුගේ හෝ ඇයගේ බුද්ධිය පිළිබඳව බරපතල ගැටළුවක් ඇති බවට නම් පාසැල් නොගිය කෙනෙකුට වුවද වැටහෙන කරුණකි.. අවාසනාවකට ඔබට එය නොතේරීම අභාග්‍යයකි. අපද ඔබ මෙන් සාමාන්‍ය මිනිසුන්ය. අප එදාවේල සොයාගැනුමට අනේකවිධ දුක්ගැහැට විඳින්නෝය. එසේ සොයාගත් සොච්චම් ඩොලර් වලින් රටක්ම (දියවන්නාවේ අම්බරුවන් මෙන්ම ඔබ ඇතුළුව) සියලුම ලාංකිකයන් තුන් වේල කුසගින්න නිවාගන්නා බවත් සඳහන් කරන්නෙමු. ඒ පිළිබඳව අපට ඇත්තේ සියුම් වූ ආඩම්බරයකි. "උපන් මව්බිමට අප කිසිවිට ණය නැත". අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා යන්න අප සැමවිටම ප්‍රාර්ථනා කරන්නෙමු.

:       419       113

WasudewaFriday, 17 July 2020 12:21 PM

රවීන්ද්‍රගේ කමෙන්ට්ස් කීපයම මම බැලුවා. ඔයා මේක පටලවාගෙන තියෙන්නේ. හරි දේ අහගන්න. ඊටේ උසාවියට අපරාධය සිදුකළ පොලිස් නිලධාරියා බාර නොවුණු නිසා තමයි මේ මිනිසුන් කලබල කාරී ලෙස හැසිරුණේ... ඉතින් වැරැද්ද තියෙන්නේ කලබල කළ මිනිසුන් අතරේ නොවේ. පොලිසිය ඒක හරියට කළා නම් මේ කලබල ඇතිවෙන්නේ නැහැ. ඔන්න ඕකයි ඇත්ත. පොඩ්ඩක් මානුෂිකව මේ අසරණ මිනිස්සු දිහා බලන්න.

:       0       705

Krishan Senarath Thursday, 16 July 2020 12:25 PM

වාර්තා කරන ඡායාරූප හා වීඩියෝ වලින් පැහැදිලියි තුන්දෙනෙක් නෙමෙයි පොලිසියේ දේපළවලට අලාභහානි කලේ කියලා... ඔක්කොම වැල්ලේ අය... අනිවාර්යයෙන් අධිකරණයට ඉදිරියට ගෙනියන්න වෙනවා. එකඑක අයට ඕන විදියට රටේ නීතිවෙනස් කරන්න හෝ අතට නීතිය ගන්න බැහැ. අනික පොලීසියේ දේපළ කියන්නේ රාජ්‍ය දේපළ.. එවිට ඇප නැහැ මහාධිකරණයෙන් හැර පොලිසියේ අයත් මැරුණු කෙනාට වෙඩි තිබ්බෙ ඇයි කියලා පැහැදිලි කරන්න යන්න සාක්ෂි නැහැ... සීසීටීවී නැතිනිසා පොලීසියට එරෙහිවයි සාක්ෂි තියෙන්නේ... අඟුලානේ අය කොහොමත් සීමාව ඉක්මවලා යනනිසා රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීම යටතේ අඟුලානේ පොලිසියට ගල්ගහපු අය සියල්ලම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළයුතුයි. නැත්නම් ඔය දේ පූර්වාදර්ශයක් වෙනවා.. එ්වා වැළැක්විය යුතුයි..

:       1222       760

KooralageFriday, 17 July 2020 04:08 AM

අනේ මහත්තයෝ.., මේ ඔක්කොම වැල්ලේ අය කියලා අපිට අපහාස කරන්න එපා. අපිත් ඇට, මස්, නහර, තියෙන ඔබතුමා වගේම මිනිස්සු... අපිට වුණේ දරුවන්ට පියෙක් නැතිවුණා. අම්මා කෙනෙකුට පුතෙක් නිකරුණේ මරලා දැම්මා. පොළව නුහුලන මොනතරම් අපරාදයක්ද? ඔබතුමාගේ නීතිතර්ක මොනතරම් බොළඳද?

:       1       258

මාපුලේ Thursday, 16 July 2020 12:41 PM

අඟුලානේ සිද්ද වෙච්ච නිසා ඔයින් ගියා.. බැරිවෙලාවත් ඕක පුත්තලමේ, බේරුවල හරි කාත්තන්කුඩියේ වුණා නම්... මෙලහකටත් හාමුදුරු ගොල්ලෝ කීයක් පාරට බැහැලා ඇද්ද අන්තවාදීන් කියලා.. අඟුලානේ වුණු නිසා කලබලේ පුත්තලමේ වුණා නම් අන්තවාදේ...

:       633       1256

kamalMonday, 20 July 2020 07:32 AM

සහතික ඇත්ත.

:       0       0

බන්ධු Thursday, 16 July 2020 12:58 PM

අපි නොදන්න දේශබන්දු ..

:       75       515

thilak Thursday, 16 July 2020 06:06 PM

පොලිසිය මිනිසෙකුව මරා, පොලිස් බලයට මුවා වී කරබාගෙන සිටී නම් එහි යම් වැරැද්දක් ඇත. එවැනි අවස්ථාවක මහජනයාගේ නැගීසිටීමේ වරදක් නැහැ. ඇමෙරිකාවේ සිදුවූයේත් කළු මිනිසුන්ව අසාමාන්‍ය ලෙස ඉලක්ක කර පහර දීමට විරුද්ධව මහජනයාගේ නැගී සිටීමකි...

:       0       111

Sriyal Friday, 17 July 2020 12:36 AM

ජනතාව විසින් නීතිය ක්‍රියාත්මක කරවීම...

:       0       66

සේන Friday, 17 July 2020 05:17 AM

අවශ්‍ය නම් මිනිසුන්ට පුලුවන් සාමකාමීව වි⁣රෝධය පලකරන්න. නීතියට ගල්ගහන එක සුදුසු දෙයක් නෙවෙයිනේ. හැම දෙයක්ම පාට පාට කණ්ණාඩිවලින් බලන අමන ජනයාට මේවා වීර ක්‍රියා වුණාට, අද පොලිසියට ගල්ගහන කෙනා හෙට ඇවිත්... සාමාන්‍ය මිනිහට වෙඩි තියයි. විනයක් නැතිකම තමයි.

:       123       1

chandana Friday, 17 July 2020 09:17 AM

ප්‍රශ්නය තමන්ගේ නොවන තෙක් පිළිතුර දාර්ශනිකයි.

:       0       131

Bamunuarachchi Friday, 17 July 2020 12:42 PM

උදේ 5ට පොලිසියෙන් පැමිණ නඩුවක සාක්කිකරුවන් උස්සාගෙන ගියාම ගමක් කැළඹෙනවා තමයි. ගමේ මිනිසුන් එකතුවීම තමයි ඒ මිනිසුන්ට තියෙන ශක්තිය. සාක්කිකරුවන් අල්ලන් ගිහිල්ලා මරා පුලුස්සා දැමුවොත් මොකද කරන්නේ..? මේ උද්ඝෝෂණය නිසා තමයි රටම දැනගත්තේ මේ පොලිසියේ කෙරුවාව..

:       0       205

kanchanaFriday, 17 July 2020 03:54 PM

ඒ වැඩේට ශ්‍රී ලංකා පොලිසියයි, හමුදාවයි ලෝකප්‍රසිද්ධ අයනේ. මේ අහිංසකයින්ට තියෙන්නේ මානව හිමිකම් ආයතනයේ පැමිණිල්ලක් කරන්න. මොකද කොටියා පුල්ලි වෙනස් කරන්නේ නැහැ. 89 දීත් අවසන් කොටියුද්ධයේදීත් අහිංසකයින් කී දාහක් පුච්චලා මැරුවාද? බෝඩ් එක නොවෙයි පොලිසියම ගිනිතියන්න ඕනෑ...

:       0       109

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මෛත්‍රී රෝද තුනෙන් යයි
2024 ජුලි මස 26 4932 15

නිදහස් පක්ශයේ ආසන සංවිධායක වරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පාරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවැත්වෙන අතර මේ සදහා හිටපු ජ


රනිල් ඇප තියයි
2024 ජුලි මස 26 6646 41

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්ප


ජනපතිවරණය සැප්තැම්බර් 21
2024 ජුලි මස 26 3250 15

ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


ජනපති පුටුවට දැනට 12ක් සටනට
2024 ජුලි මස 26 6663 8

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත.


’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’
2024 ජුලි මස 25 16714 23

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබ


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක්
2024 ජුලි මස 24 8651 12

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශ කිර


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1157 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site