
(ඩයනා උදයංගනී)
සියලුම ශ්‍රේණිවල සිසුන්ට ද ලබන මස 10 වැනිදා සිට පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
පාසල් ආරම්භ කළත් කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතු කරගෙන ලබන 10 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා මාස දෙකක කාලයක් සියලුම සිසුන් දිනපතා නොකැඳවා ශ්‍රේණි මට්ටමින් බෙදා පාසලට කැඳවීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200 හෝ ඊට අඩු පාසල්වල පමණක් දරුවන් අතර මීටරයක පරතරය පවත්වාගත හැකි නම් සියලුම දරුවන් 10 වැනිදා සිට පාසලට කැඳවීමට අවසර දී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට පෙර පාසල් ආරම්භ කිරීමට ද අවසර හිමි වී ඇති බැවින් අගෝස්තු 4 වැනිදා සිට දිවයිනේ සියලු පෙර පාසල් ද සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුව ආරම්භ වනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසුවේ සිසුන් 200 ට වැඩි ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල සතියේ දින පහේම පාසල් වෙත කැඳවිය හැක්කේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන සිසුන් එනම් 5, 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණක් බවයි.
එම ශ්‍රේණිවලට අමතරව සඳුදා දිනයේ දී 1 හා 6 ශ්‍රේණියත්, අඟහරුවාදා දිනයේදී 2 හා 7 ශ්‍රේණියත්, බදාදා දිනයේදී 3 හා 8 ශ්‍රේණියත්, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල 4 හා 9 ශ්‍රේණිත් පාසල් වෙත කැදවෙන බව ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව 1,2,3,6,7 හා 8 ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් පැවැත්වෙන්නේ සතියට එක් දිනක් පමණක් වන අතර 4, 5 හා 9 ශ්‍රේණිවල සිසුන්ට සතියට දින දෙකක් පාසල් පැවැත්වේ.
1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පාසල පැවැත්වෙන කාලය පෙර පරිදිම වන අතර 6,7,8 හා 9 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වාත්, 11, 12, 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වාත් පාසල් පැවැත්වෙන බව ද රංජිත් චන්ද්‍රසේකර මහතා පැවසීය.
පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා 10 වැනිදා සිට සේවයට පැමිණිය යුතු අතර පස්වරු 1.30න් පසු ඉගැන්වීම් කාල සටහන් නොමැති ගුරුවරුන්ට 1.30 ට පාසලෙන් පිටව යා හැකි බව ද රාජ්‍ය ලේකම්වරයා කීවේය.
පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල ආපනශාලා විවෘත නොකෙරෙන බව ද ඔහු පැවසීය.
ලබන 10 වැනිදා සිට පාසල් විවෘත කෙරෙන ආකාරය මෙසේය.

2025 සැප්තැම්බර් මස 17
75
0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2025 සැප්තැම්බර් මස 11
906
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
2025 සැප්තැම්බර් මස 11
272
0
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අගෝස්තු 4 වැනිදා සිට 7 දක්වා පාසල් නිවාඩු
කිෂාන් - ගාල්ල Wednesday, 29 July 2020 01:33 PM
දැන්වත් ගමේ පුංචි පාසල් ටික නැවත ආරම්භ කරන්න. සමහර පාසල් වල එක පන්තියකට නාමලේඛන දෙක දෙක තියෙනවා. කොහොමද කෝවිඩ් රඟේ. කටවල් වැහෙන්නම දුන්නා නේද? පාසල් නම් පාසල් පමණි. පාසල් සංකීර්ණ දැන්වත් ඉවත් කරන්න. මේවා වෙනස් නොකර කවදාවත් අනාගතයේ දී මේවට මුහුණ දෙන්න බැහැ. පන්තියකට ළමයි සීමා කරන්න. නැත්නම් කෝවිඩ් ඩබල් වේවි...!!!