(එච්. චන්දන )
අකුණු සැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
ආණමඩුව - ඌරියාව ප්‍රදේශයේදී ඉකුත් 30 වැනිදා සවස මෙම අකුණු අනතුර සිදුවී තිබේ.
ආණමඩුව - ඌරියාව ප්‍රදේශයේ මිය ගොස් ඇති දරුවාගේ මව්පියන් මෙම ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගෙන එහි වගා කටයුතු කිරීම ආරම්භ කර තිබේ. දින 03 කට පමණ පෙර පවුලේ පිරිස එම ඉඩම වගා කිරීමේ කටයුතු සදහා මහවැව සිට ඌරියාවට පැමිණ ඇත.
මහවැව - ඉහළ මහවැව පදිංචිව සිටි දියගු ආරච්චිලාගේ ඉදුසර සංජීව (අවු:06) නම් වූ කුඩා දරුවා මෙම අකුණු අනතුරෙන් මිය ගොස් තිබේ.
30 වැනිදා සවස වැසි ඇද හැලෙන අවස්ථාවේ එම ඉඩමේ ඇති කුඩා නිවස ඉදිරිපිට සිටි දරුවාට එක්වරම අකුණු සැර වැදී ඇති බව පොලීසිය කියයි. අනතුරින් කම්පනයට පත්ව සිටි දරුවාව එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.පුත්තලම මූලික රෝහලේදී දරුවා මිය ගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇති අතර සි්ය පිළිබදව ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුණු මාරයා දරුවා අරන් යයි