IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැසි නැතිව පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් හිඳිලා

හිරාන් ප්‍රියංකර ජයසිංහ  
 
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ දිනවල පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් සිඳී ගොස් තිබේ.
 

ධීවරයින් පවසන්නේ සෑම වසරකම අගොස්තු මාස වන විට පුත්තලම කලපුව ස්ථාන කිපයකදී අක්කර සිය ගණනක් සිඳී යාම දැක ගත හැකි නමුත් මෙවර තම රැකියාව කර ගෙන යාමට පවා නොහැකි වන ආකාරයට කලපුව සිඳී යාම බරපතලම තත්ත්වයක්    බවයි.
 
කලපුවේ  ජලය සිඳ යාම සති කිපයක සිට පැවතීම නිසා කලපුව තුළ වාසය කල ජලජ ජීවින් අතර කුඩා බෙල්ලන් ලක්ෂ ගණනින් මරණයට පත් ඇති ආකාරයත් කලපුවේ තැනින් තැන තිබු කඩොලාන ශාඛ ද දැඩි අව් රශ්මියත් ජලය නොමැති වීමත් සමග වියලී යමින් තිබේන ආකාරය දැක ගත හැකිය .
 
මේ තත්වය පුත්තලම කල්පිටි මාර්ගයේ පාලවිය පුංචි කලපුව සහ අනෙක් පසින් පිහිටි පුත්තලම කලපුවට ද තදින් බලපා තිබේ .
 
මේ පිළිබදව අදහස් දැක්වු ධීවරයකු වන එම් නිහාල් මාවතගේ මහතා මෙසේ පැවසීය.
 
“ මේ ආකාරයට පුත්තලම කලපුව කවදාවත් සිඳී ගිහින් නැහැ. දැනට අක්කර 400 ක් 500 කි විතර හිඳිලා ගිහින් තිබේනවා . අනික කලපුවට ජලය එන මර්ග සියල්ල වැසී ගිහින් තිබේනවා . හැමිල්ටන්  ඇල මාර්ගය සම්පුර්ණයෙන් වසා දමා තිබේනවා . මේ ගැන කවුරුත් හොයා බලන්නේ නැහැ . කලපුව හිඳී යාමේන් පාඩුව තදින් බලපාන්නේ ධීවරයින් වන අපිට. මොකද මේ වන විට අපිට රස්සාවක් නැහැ. ඔරු ගාල් කරලා නිකන් ඉන්න තමා වෙලා තියෙන්නේ .‘‘

 



අදහස් (1)

වැසි නැතිව පුත්තලම කලපුවේ අක්කර සිය ගණනක් හිඳිලා

පුත්තලම නලින් හෙන්දුරුගොඩ Monday, 06 August 2018 05:07 AM

මේ වාරකන් කාලයට වඩදිය, බාදිය අවස්ථාවේ සාමාන්‍ය සිද්ධියක්. අපේ මාධ්‍ය මිත්‍රයා ආණමඩුවේ ජීවත් වෙන නිසා කලපුව ගැන අවබෝධ මදි ඇති... පුත්තලමේ අපි නම් මේ ගැන දන්නවා. මෙය ජලය නොමැතිකමක් නම් නෙමෙයි...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site