රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකම මේසයේ එකළඟ අසුන්ගෙන සිටියහ. විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙසින් අත්සන් කළේද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්නේ ජෝඩු දාලා.
ජෝඩුවම ඔරිජිනල් එජාපෙ.. ඒත් කෝ එජාපෙ කාරයෝ?
මොනපැත්ත පෙරළුනත් මේ පන්තියේ අය ගොඩ, තැලෙන්නේ පොදුජනයා විතරයි.
දකින්නත් ආසයි. මහින්ද ජනාධිපතිතුමා මෛත්‍රිපාල ඇමතිතුමාට උදව් කලා නම් අද රට මේ තරම් පහලට වටෙන්නේ නැහැ. එ්ත් එතුමාටම දොස් කියන්නත් බැහැ. මහින්ද මහතාට ජනාධිපති වෙන්න මෛත්‍රී මහතා කරපු උදව්වකුත් නැහැනේ. චන්ද්‍රිකා නෝනා එක්ක එකතු වෙලා හතුරුකම් කර මිසක්...
රෑ දනියෙල්, දවල් මිගෙල් කියන්නේ මේවට තමයි.. පොඩි මිනිහා හැමදාම මේ අය වෙනුවෙන් රැවටෙනවා.
ලක්ෂ්මන් යාපා අබේවර්ධනලාට කොහොමත් කරල පැහිලා තියෙන්නේ...... මෛත්‍රිපාල මොකද? මහින්ද මොකද? එදත් එක්සත් ජාතික පක්ෂේ ඉන්නකම්ම කඩේ ගියේ මහින්දට. අපි තමා මෝඩයෝ වගේ කතිර ගහන්නේ.
ගොඩක් අය නොදන්නවා වුණාට මේක තමයි දේශපාලනේ ඇත්තම තත්වය. එ්ත් බලයට එන්න හදන බලයේ ඉන්න මිනිස්සු තමයි මේ රටේ මිනිස්සු අන්තිම කතා විදියට ක්‍රෝධ කරවන්නේ. හිතේ තරහක් ඇති කරවන්නේ මේ මිනිස්සුම තමයි. ඡන්ද දායක පොඩි මිනිහා උදේ පටන් ගන්නේ තව කෙනෙකුට බැනගෙන, උදේ හවස මාධ්‍යෙය් ඇහෙන්නේ දෙපැත්තට බෙදිලා බලේ ගන්න කෑගහන විදියයි. රෑ වෙනකොට මිනිහ නිදා ගන්නෙත් ඒ තරහෙන්මයි. එ්ත් ඇත්තටම වැඩියෙන්ම දුක් වෙන්නේ හිත් කලකිරීමෙන් ඉන්නේ බලය ඕනේ මිනිස්සුමද නැත්නම් ඡන්ද දායකයින්ද? ආණ්ඩු කීයක් අාවද? ජනාධිපතිවරු මහරජ වගේ ඉන්න අයලා කොපමණ බිහිවුණාද? එ්ත් බස් හරි කෝච්චි වර්ජනයක් වුණාම පේනවා මිනිස්සු මාස් පඩිය ගන්න වෙහෙසෙන විදිය. එ්ත් අාපු කවුරුවත් ඔය මිනිසුන්ගේ ගමන් බිමන් වලට නිසි විසඳුමක් දුන්නද? අවුරුදු 5කට කලින් වැඩට ගියෙත් එහෙමයි... අද යන්නෙත් එහෙමයි.
මෛත්‍රී ජනාධිපතිතුමනි, අලියාගේ පිටෙන්නම් බහිනවා තියා හිතන්නවත් එපා. කොහොමත් අලියාගේ පිටේ යන එක තමා ආරක්ෂාවට ගොඩාක් හොඳ බව අමතක කරන්න එපා. අලියා ඔබතුමාව කොහොමත් ආරක්ෂා කරනවා. මෝඩකමට අලියාගේ පිටින් බැස්සොත් බැස්සම තමයි.
කුරහන් සාටකය තිබුණට මුහුණේ සිනහවක් තිබ්බා මේ උත්සවය මීට වඩා ලස්සන වෙන්න තිබුණා නේද ? 5 වැනි සහ 6 වැනි පින්තූර ගැනයි මම කියන්නේ...
පේනවා නේද අපි ජීවත්වන සමාජයේ වරප්‍රසාද ලත් අතළොස්සකට පමණි....මෙවැනි විශේෂ අවස්ථා ලැබෙනුයේ. ලබන ආත්මයේදී ජඩ දේශපාලකයෙක්ගේ වන්දිභට්ටයෙක් ගේ පුතෙක් වී ඉපදෙන්නට පෙරුම් පුරමි !!
අනගතයක පෙර නිමිති...
මැතිවරණ වේදිකාවේ එකක්... මගුල් ගෙදර මේසේ ලඟ තව එකක්... ඡන්දදායක අපේ අයට මේවා කවදා වැටහේවිදෝ?
මේ ගොල්ලෝ ඔක්කොම එක පැත්තේ. මෝඩ මහජනයා විතරයි පිල් බෙදිලා ඇනකොටා ගන්නේ. මේවා අපිට හොඳ පාඩම්.
රනිල් රටට කරපු ආර්ථික පරිහානියටත් මේ දෙපලට සාක්ෂි දෙන්න වේවි.
ජෝඩුව ලස්සනයි. මම සුබ අනාගතයක් පතනවා.
මහින්දට ජනාධිපතිකම නැති වුණා කියලා "කෝචක්" හිනාව නැතිවෙලා නැහැ. ඔය හිනාවට මිනිස්සු මොනතරම් රැවටුණාද? බැසිල් මහතාත් එහෙමයි. ගෝඨභය මහතා ඡන්ද ඉල්ලන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් පවුලේ කෝචක් හිනාවත් අනිවාර්යයෙන්ම ආරුඪ කරගන්න වෙනවා. ලංකාවේ හැටියට එහෙම නොකලොත් මහින්ද ආයෙත් උඩට එනවා. ඒ සඳහා ඔහුට අවශ්‍ය වන්නේ මොළයක් නොව සිනහවක් පමණයි.
මෛත්‍රී මහත්තයෝ මෝඩි කිට් එක දාගෙන ගියානම් කොපමණ ලස්සනද නේද.ජනාධිපති හැටියට මහින්දට වඩා ලස්සනට උත්සව වලට සභාගී වෙන්ඩ ඕනේ. දැන්මෙතන කැපිල පේන්නේ මහින්දනේ.
මේ මගුල් පවත්වන්න වියදම් කරන මුදල් කන්දරාව මේ යෝදය හොයාගත්තේ කෙසේද?. මොහුගේ පඩිය දේශපාලනයට ආදා ඉඳලා එකතුකලත් මේ සුපිරි හෝටලයේ මේ යෝදයට මේ මගුල පවත්වන්න බැහැ.
අනේ මේ දෙන්නගේ කසාදෙට අපේ සුබපැතුම්, දැන් ගම්වල ඉන්න බයියන්ට සහ ගොයියන්ට බඩ කපා ගන්න හිතෙනවා ඇති නේද , ගමේ උන් මේ දෙන්න වෙනුවෙන් මරා ගත්තට , දෙන්නම එක වගේ එක පතේ කෑ උදවියනේ................
කොහෙද කලිසම අඳින්න දන්නෙත් නැහැ ආරියසිංහල ඇඳුම අදින්න දන්නෙත් නැහැ. මේවගේ උත්සව ස්ථානයකට එනකොට ඔය ජාතික ඇඳුමට අයත් කර පටිය දාන්න පුරුදු වෙයල්ලකෝ. මනාල මහතානම් අපරාදේ කියන්න බැහැ සුදු කරපටියක් පැලනද ගෙන ඉන්න බව පෙනෙනවා.
එම් සහ එම් නියම දෙන්නා මෙන්න. ආණ්ඩුව වෙනස්වෙලා නොවේද? අහිංසක මිනිසුන්ගේ සල්ලි හොරාකන අයගෙන් එයාලට මගුල් ... අපට අවමගුල් !!!
අපිට ඉතින් දෙයියෝ සාක්කි තමයි.
මේක තමයි දේශපාලනේ.. දවල් මිගෙල් රෑ ඩැනියල් ...!!!
මේවගේ ජීවිතයේ වැදගත් අවස්ථාවකට සම්බන්ධ කරගන්න උවමනා වෙන්නේ නයි මුගටි වගේ මිනිස්සු නොවෙයි. කරුණාබර හදවත් තිබෙන පුද්ගලයෝයි. නව යුවලට යහපත් අනාගතයක් වේවා! පතමි.