(කේ බුද්ධික කුමාරසිරි )
ශ්‍රේෂ්ඨ කියුබානු විප්ලවවාදී නායකයකු වන අර්නස්ට් චේ ගුවෙරාගේ 51 වෙනි ගුණ සමරු උත්සවය මොරගහහේන යහලකැලේ ‘‘චේ උද්‍යානයේදි’’ ඔහු විසින් රෝපණය කරන ලද මැහෝගනී වෘක්ෂය අසලදී කියුබානු රජයේ ශී‍්‍ර ලංකා තානාපතිනී ජුආනා එලේනා රාමෝස් මහත්මියගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (08) පැවැත්විණි.
අර්නස්ට් චේ ගුවෙරා මහතා කියුබානු රජයේ අමාත්‍යවරයකු ලෙස 1959 වසරේ රබර් වගාව සම්බන්ධ පර්යේෂණ කටයුතුත්තක් සඳහා මෙරට සිදුකළ සංචාරයකදී මොරගහහේන යහලකැලේ වත්තේ මෙම මැහෝගනි පැළය රෝපණය කර ඇත.
සමාජවාදී තරුණ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබු අතර සැමරුම් උත්සවය අවසානයේ ‘‘චේ සරුව’’ නිමිත්තෙන් ප‍්‍රදේශයේ ජනතාව සඳහා වෛද්‍ය කඳවුරක් ද පැවැත්වීම එම සංගමය කටයුතු සංවිධානය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චේ ගුවේරා කියන්නේ බොරු වීරයින්... දැන් ඒ රටේ ගිහින් ඇහුවොත් ඔය කරපු බොරු විප්ලවය හින්දා ඇත්තටම රට වැඩිපුර ඉස්සරහට ගියාද? නැත්තං තිබ්බ නිදහසත් නැති වුණාද කියලා හොඳට කියයි. අනික මේ ගොල්ලන් 89 රට පැන්නේ මහරැජින ඉන්න තැනට. නිදහස් අධ්‍යාපනය ගැන කෑගැහුවට කන්නන්ගර මහත්තයා සමරන්න කිසිම දවසක ඉදිරිපත් වෙලානෑ. අපෙ ළමයි විතරක් නෙවෙයි... ළමයින්ගෙ ළමයි වුණත් පිං දෙන්න ඕනෑ කන්නංගර මහත්තයාට. මොන වැරැද්ද තිබුණත් දැන් ජනාධිපති විතරයි කන්නංගර මහත්තයාගේ රටට වෙච්ච අසමසම සේවයට පළමු වතාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ කන්නන්ගර ස්මාරකය හැදුවේ...
අපිට දියුණු බසක් තිබියදී ඇයි අපි මෙලෙස වැරදි උච්චාරණ වල යෙදෙන්නෙ? මොහුගේ නියම නම ශබ්ධ වන්නේ චේ ගුවේරා ලෙස නොව චේ ගෙබාරා ලෙසය. තරමක් හාස්‍ය උවද සත්‍යය උච්චාරණය එයයි. මෙය ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ නමකි. ඉංග්‍රීසියෙන් ශබ්ධය පෙරලීම සුදුසු නොවේ.
කමල් නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා, පොත පත කියවලා බලන්න.
වැඩේ කියන්නේ මේකට ඇවිල්ල ඉන්නේ තමුන්ගේ නායකයා මැරුවේ කොහොමද කියල හොයන්න කිසිම උනන්දුවක් නැති කට්ටියනේ. ඒ වුනාට වෙන රටක විප්ලව කරයෙක්ගේ ගුණ සමරනවා. අඩු ගානේ නායකයාගේ පවුල ආරක්ෂා කරනවද? පොත් ටිකත් හොරෙන් ගහල විකුනනවා.
චේ ගවේරා හින්දා ලංකාවේ අපේ තරුණ කොල්ලෝ කී දාහක් මැරුණද ? අන්තිමේදී නටපු නැටුමකුත් නැහැ . බෙරේ පලුවකුත් නැහැ .