පාඩුව රුපියල් මිලියන 10,448යි

(දයාසීලි ලියනගේ)
රාජ්‍ය ආයතන 52 කින් 31ක් මේ වසරේ මුල් මාස 8 තුළ අලාභ සිදුවී තිබෙන බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ වාර්තාවේ සඳහන්වේ.
මුළු ආයතනවලම සමස්ත පාඩුව රුපියල් මිලියන 10,448ක් වී ඇති බව සඳහන්ය.
ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සීමාසහිත ශ්‍රීලංකන් එයාර් ලයින් සමාගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ලංකා සතොස, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය බරපතළ අලාභ සිදුවූ ආයතන අතර වෙන බවද මුදල් ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද 2020ර/21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ සඳහන්වේ.
ලාභ ලැබූ ආයතන ලෙස සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලය ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව යන ආයතන අයත් වෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.