IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පළාත් සභා තුන ආණ්ඩුකාර පාලනයට

(අජන්ත කුමාර අගලකඩ)  
ලබන සැප්තැම්බර් මස අගදී නිල කාලය අවසන් ​ෙවන සබරගමුව උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභා තුනේ පාලනය ඔක්තෝබර් මාසයේ සිට පළාත් ආණ්ඩුකාරවරුන් යටතට පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.  


සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට හැකිවන සේ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව යමින් මෙම පළාත් සභා තුනේ පාලනය ඔක්තෝබර් මුල සිට පළාත් ආණ්ඩුකාරවරුන් යටතට පත්වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.  

සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය ලබන සැප්තැම්බර් මස අගදීද මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිල කාලය ලබන වසරේ ඔක්තෝබර් මාසයේද බස්නාහිර හා දකුණු පළාත් සභාවල නිල කාලය ලබන 2019 වසරේ අප්‍රේල් මාසයේදීද අවසන් වීමට නියමිත අතර ඌව පළාත් සභාවේ නිල කාලය ලබන 2019 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන්වීමට නියමිතය.  


සියලුම පළාත් සභාවල මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමටත් එය පළාත් පාලන මැතිවරණය මෙන් කොට්ඨාස හා අනුපාත මිශ‍්‍ර ක‍්‍රමය යටතේ පැවැත්වීමටත් රජය අපේක්ෂා කරයි.  


ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස්කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කිරීමටත් අවශ්‍ය වුවහොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන සිදු කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබිණි.  


ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය අපේක්ෂා කරයි.  


මැතිවරණය පැවැත්වූ දින වකවානු අනුව අවසානයට නිල කාලය සම්පූර්ණ ​ෙවන්නේ ඌව පළාත් සභාවේ බැවින් සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර යන පළාත් සභා තුන අනුව යමින් අනෙකුත් පළාත් සභාවලද නිල කාලය හමාරවූ පසුව ඒවායේ පාලනයද ආණ්ඩුකාරවරුන් යටතට පත් කෙරෙනු ඇතැයි පැවැසේ.   


වර්ධරාජා පෙරුමාල් මහ ඇමැතිව සිටියදී ඊලාම් කොඩිය එසවීම හේතුවෙන් 1990 මාර්තු 1 වැනිදා උතුරු පළාත් සභාව විසුරුවා හැර එහි පාලනය ආණ්ඩුකාරවරයා යටතට පත් කිරීමට එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා කටයුතු කළේය.  


1990 මාර්තු 1 වැනිදා සිට 2013 පළාත් සභා මැතිවරණය පවත්වන තෙක්ම උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වූයේ ආණ්ඩුකාරවරයා යටතේය.   


එහෙත් පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කරමින් පළාත් සභාවක මැතිවරණ කල් දැමෙන්නේ පළමු වරටය.  


පළාත් සභා සඳහා සියයට 60ක් කොට්ඨාස ක‍්‍රමය යටතේද, සියයට 40ක් අනුපාත ක‍්‍රමය යටතේද මහජන නියෝජිතයින් තෝරාපත් කර ගැනීමට හැකිවන සේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.   



අදහස් (0)

පළාත් සභා තුන ආණ්ඩුකාර පාලනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 343 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1628 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site