(අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ලබන සිකුරාදා (14) දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
නව කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 26 දෙනකුට සීමා වෙන අතර, එම ඇමැතිවරුන්ගේ හා ඔවුන්ට පැවරෙන විෂය පථ වෙන් කිරීමේ කටයුතු මේ දිනවල සකස් කරමින් පවතින බව රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද (09) පෙරුවරුවේ කැලණිය රජමහා විහාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත අතර, නව කැබිනට් මණ්ඩලය ලබන සිකුරාදා මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම්දීමට නියමිතව ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නව ආණ්ඩුවේ විදේශ කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැතිවරයා ලෙස පත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා
ජනාධිපතිධුරයේ දිවුරුම් දීමත් සමග පත් කෙරුණු 15 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන්ගේ විෂය පථ රැසක් මෙවර වෙනස් වෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.
කැබිනට් මණ්ඩලයට ජ්‍යෙෂ්ඨයන්ට අමතරව අලුත් මුහුණු කීපයක්ද එක්වෙනු ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ද කැබිනට් ඇමැතිධුර දෙකක් හෝ තුනක් හිමිවෙනු ඇති බවත් එම ආරංචිමාර්ග කියයි.
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද, නිමල් සිරිපාල ද සිල්වා මහතාටද කැබිනට් ඇමැතිධුර හිමිවීමට නියමිතව ඇත.
මේ අතර, පසුගිය කැබිනට්ටුවේ නොසිටි පක්‍ෂ නායකයන් කිහිපදෙනකුද මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුළත්වනු ඇතැයි පැවසේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව, කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 30 කට සීමා වෙන නමුත්, මෙවර කැබිනට් මණ්ඩලය ඇමැතිවරුන් 26 දෙනකුට පමණක් සීමාවෙනු ඇති බවද වාර්තාවේ.
මේ අතර, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දීම ලබන සතියේ සිදුවනු ඇත.
2025 දෙසැම්බර් මස 18
685
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැබ්නට් ඇමැතිවරු 26කට සීමාවෙයි