( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි රැකියාවන්හී නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටේ දැනට පවතින නිරෝධායන රෙගුලාසිවලට හා නිරෝධායන පහසුකම්වලට අනුකූලව ඔවුන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.
රැකියා අහිමි වීම, රැකියා කොන්ත්‍රාත්තව අවසන් වීම හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා යන හේතූන් නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා ගුවන් ප්‍රෙව්ශපත්‍ර මිලදී ගෙන සිටින මෙම දූත මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් රැසක් මෙලෙස ගෙන්වීමට සැලසුම් කර ඇති පිරිස අතරේ වන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මෙම ලාංකිකයින් මග දැනට සීෂෙල්ස්හි දූපත් පහක විසිරී සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.
ඒ අනුව සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින ඔවුන් ගැන සොයා බලමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
මේ අතර සහාය අවශ්‍ය වී සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය යටතේ, ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, සීෂෙල්ස් බෞද්ධ සංගමය හා ලක්ස්ටර් ක්‍රිකට් කමිටුව ඇතුළත්ව ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.
එසේම ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් එම ලාංකිකයින් ගේ ඉල්ලීම මත ඔවුන්ට ආහාර ද්‍රව්‍යය ද බෙදා දී තිබෙන අතර ඔවුන්ට දූත මණ්ඩලය හා සම්බන්ධ විය හැකි පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවයක් ද පිහිටුවීමට මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කර තිබේ.
සීෂෙල්ස්හි, 2020 මැයි 11 දින වන විට COVID-19 එක් ආසාධිතයෙක් පමණක් සිටි අතර 2020 අප්‍රේල් 06 දින 11 වැනි ආසාධිතයා සොයා ගැනීමෙන් පසුව COVID-19 කිසිදු ආසාධිතයෙකු එරටින් වාර්තා වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඔය රටට ඔච්චර අවධානයක්...? ඔයිට වඩා දරුණු විදිහට රෝගය තියන රටවල අන්ත අසරණ වෙලා හුඟක් අය ඉන්නවා.. විශේෂයෙන් මැදපෙරදිග..
එතකොට මද පෙරදිග ඉන්න අපේ දුක ගැන ඔබතුමන්ලාගේ පඩුපුල් ආසන උණු වෙන්නේ කවදාද?
ශීශෙල්ස්වලට මොකද මේ අමුතු ආදරයක්..?
මේ රට ගැන රාජපක්ෂ ආණ්ඩු බොහොම කැක්කුමකින් ඉන්නේ. මීට වඩා ලංකාවට සමීප රටවල් ඕනෑතරම් තියෙනවා. එහෙම තියෙද්දී මේ කරන්නේ පුද්ගලිකව තමන්ට උදව් කළාට ප්‍රති උපකාර වෙන්න ඇති.
අර මහාචාර්ය ජයසුමන කිව්ව විදිහට ශ්‍රී ලාංකිකයන් මෙඩිකල් ටුවරිසම් යටතේ ගෙන්න ගන්නවා ඇති. මහාචාර්යවරුන් පවා රාජපක්ෂලාගේ රෙදි හෝදනවා බයිලන්තයේ. අපේ රටෙන් පන්නපු කලු සල්ලි මොන විදිහෙන් හරි රටතුළට නැවත එන එක සතුටුයි. නමුත් නැවත මේ අයට පන්නන්න දෙන්න එපා.
2015 ජනාධිපතිවරණයට පෙර ශ්‍රීලන්කන් එයාලයින්ස් යානා මගින් සීෂෙල්ස් යවපු රුපියල් කෝටි ගණන් වටිනා මෝටර් රථ ටිකත්, (ඒ රථ ගුවන් යානාවලට පටවන පින්තූර ඒ දිනවල සමහර මාධ්‍ය වල අප දුටුවා !) ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙක් වෙනුවෙන් එ් රටේ විවෘත්ත කරපු ලංකා බැංකුවේ ගොඩගහගෙන තිබෙන අපේ රටට අයිති අති විශාල සල්ලි සම්භාරයත් ආපහු මත්තලට ගෙන්වා ගත්තොත් අපේ රටට විශාල සම්පතක් නොවේද?