IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


සීෂෙල්ස් හි සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට පියවර

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට අවශ්‍ය බවට ලියාපදිංචි වී ඇති සීෂෙල්ස්හි රැකියාවන්හී  නියුතු ශ්‍රී ලාංකිකයන් පිරිසක්  මෙරටේ දැනට පවතින නිරෝධායන රෙගුලාසිවලට හා නිරෝධායන පහසුකම්වලට අනුකූලව ඔවුන්ට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට පහසුකම් සැලසීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වි⁣දේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී.

රැකියා අහිමි වීම, රැකියා කොන්ත්‍රාත්තව අවසන් වීම හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යතා යන හේතූන් නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව දන්වා ගුවන් ප්‍රෙව්ශපත්‍ර මිලදී ගෙන සිටින මෙම දූත මණ්ඩලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයන් රැසක් මෙලෙස ගෙන්වීමට සැලසුම් කර ඇති පිරිස අතරේ වන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මෙම ලාංකිකයින් මග දැනට සීෂෙල්ස්හි දූපත් පහක විසිරී සිටින බවද විදේශ සබඳතා අමාත්‍යාංශය පෙන්වා දේ.

ඒ අනුව සීෂෙල්ස්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින ඔවුන් ගැන සොයා බලමින් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.

මේ අතර සහාය අවශ්‍ය වී සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය  යටතේ, ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය, සීෂෙල්ස් බෞද්ධ සංගමය හා ලක්ස්ටර් ක්‍රිකට් කමිටුව ඇතුළත්ව ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.

එසේම ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින්  එම ලාංකිකයින් ගේ ඉල්ලීම මත ඔවුන්ට ආහාර ද්‍රව්‍යය ද බෙදා දී තිබෙන අතර ඔවුන්ට  දූත මණ්ඩලය හා සම්බන්ධ විය හැකි පැය 24 පුරාම ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් සේවයක් ද පිහිටුවීමට මහ කොමසාරිස් කාර්යාලය කටයුතු කර තිබේ.

සීෂෙල්ස්හි, 2020 මැයි 11 දින වන විට    COVID-19 එක් ආසාධිතයෙක් පමණක් සිටි අතර 2020 අප්‍රේල් 06 දින 11 වැනි ආසාධිතයා සොයා  ගැනීමෙන් පසුව COVID-19 කිසිදු ආසාධිතයෙකු එරටින් වාර්තා වී නොමැත.
 



අදහස් (9)

සීෂෙල්ස් හි සිරවී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට පියවර

duminda Thursday, 28 May 2020 08:31 AM

මොකද ඔය රටට ඔච්චර අවධානයක්...? ඔයිට වඩා දරුණු විදිහට රෝගය තියන රටවල අන්ත අසරණ වෙලා හුඟක් අය ඉන්නවා.. විශේෂයෙන් මැදපෙරදිග..

:       0       177

San80Thursday, 28 May 2020 12:35 PM

හොරාට කලින් කෙහෙන් කැන වැට පැන්නනේ... දැන් හොරාව පන්නගන්න හදන්නේ. තේරුණාද මන්දා...!!!

:       2       3

නන්නාදුනන හාදයා Thursday, 28 May 2020 12:35 PM

ඔය රටේ තමයි අපේ දේශපාලුවන් අපේ රටෙන් හොරකම් කරන සල්ලි හංගලා තියෙන්නේ... ඔය ආව කට්ටිය ලෙඩ්ඩු ,නම් මොනවාටද නිරෝධායනය කරන්නේ දවස් 14 ක්. ඉස්පිරිතාලෙට ගන්න කපන්න කොටන්න බෙහෙත් දමලා ගෙදර යවන්න. මට හිතෙන්නේ සමහරවිට මේ අය අතරේ ඉන්නවා අපේ රටෙන් ඉඩම් මිලදීගන්න හදන කට්ටියක්... මේ කාලකන්නි අයට හොරෙන්ම අපේ ඉඩම් විකුණලා සල්ලි එහෙ උන්ගේ බැංකුවලට දමා ගත්තොත්..

:       7       123

sena Thursday, 28 May 2020 08:46 AM

එතකොට මද පෙරදිග ඉන්න අපේ දුක ගැන ඔබතුමන්ලාගේ පඩුපුල් ආසන උණු වෙන්නේ කවදාද?

:       8       42

Prabha Thursday, 28 May 2020 09:02 AM

ශීශෙල්ස්වලට මොකද මේ අමුතු ආදරයක්..?

:       8       134

Buddika Thursday, 28 May 2020 09:10 AM

මේ රට ගැන රාජපක්ෂ ආණ්ඩු බොහොම කැක්කුමකින් ඉන්නේ. මීට වඩා ලංකාවට සමීප රටවල් ඕනෑතරම් තියෙනවා. එහෙම තියෙද්දී මේ කරන්නේ පුද්ගලිකව තමන්ට උදව් කළාට ප්‍රති උපකාර වෙන්න ඇති.

:       4       160

KooralageThursday, 28 May 2020 10:57 AM

ඔව් ඔව් ... බබාලා ඉස්සර ගෝල්ෆේස් එකේ... නුවර මාලිගාව වටේ පැදපු රේස් කාරුත් තියෙන්නේ එහෙ තමයි. අපි ඉස්සරහට ඒවත් ගේනවා ආයි රේස් පදින්න. අපිට 69 ලක්ෂයක් දුන්නනේ...!!!

:       3       45

Dhammika perera Thursday, 28 May 2020 01:55 PM

අර මහාචාර්ය ජයසුමන කිව්ව විදිහට ශ්‍රී ලාංකිකයන් මෙඩිකල් ටුවරිසම් යටතේ ගෙන්න ගන්නවා ඇති. මහාචාර්යවරුන් පවා රාජපක්ෂලාගේ රෙදි හෝදනවා බයිලන්තයේ. අපේ රටෙන් පන්නපු කලු සල්ලි මොන විදිහෙන් හරි රටතුළට නැවත එන එක සතුටුයි. නමුත් නැවත මේ අයට පන්නන්න දෙන්න එපා.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 28 May 2020 07:07 PM

2015 ජනාධිපතිවරණයට පෙර ශ්‍රීලන්කන් එයාලයින්ස් යානා මගින් සීෂෙල්ස් යවපු රුපියල් කෝටි ගණන් වටිනා මෝටර් රථ ටිකත්, (ඒ රථ ගුවන් යානාවලට පටවන පින්තූර ඒ දිනවල සමහර මාධ්‍ය වල අප දුටුවා !) ශ්‍රී ලංකාවේ කිහිප දෙනෙක් වෙනුවෙන් එ් රටේ විවෘත්ත කරපු ලංකා බැංකුවේ ගොඩගහගෙන තිබෙන අපේ රටට අයිති අති විශාල සල්ලි සම්භාරයත් ආපහු මත්තලට ගෙන්වා ගත්තොත් අපේ රටට විශාල සම්පතක් නොවේද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 608 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site