IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් තායිලන්තයේ අලි සාගින්නේ

කොරෝනා වයිරස අර්බුදයෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා තායිලන්තයේ අලි ඇතුන් දහස් ගණනක් සාගින්නෙන් පෙළෙන බව සංරක්ෂකයෝ පවසති.

සංචාරක කර්මාන්තයට යොදා ගන්නා අලි 4000ක් පමණ තායිලන්තයේ සිටිති. 

දිනකට ආහාර කිලෝග්‍රෑම් 200ක් පමණ එක් සතෙකුට අවශ්‍ය වන අතර ආදායමක් නොමැති වීම හේතුවෙන්  මෙම සතුන් නඩත්තු කිරීම භාරකරුවන්ට බරපතල ගැටලුවක් වී ඇතැයි පැවසේ.

තායිලන්තයේ මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණය තත්ත්වය තවත් අවදානම් බවට පත්කර තිබේ.

සතුන් ආරක්ෂාකාරීව තබා ගැනීමට කිසිදු සහයක් නොලැබෙන්නේ නම් ඔවුන් කුසගින්නේ මිය යනු ඇතැයි සේව් එලිෆන්ට් පදනමේ නිර්මාතෘ ලෙක් චයිලට් පවසයි.

ප්‍රමාණවත් තරම් වනාන්තර ඉතිරිව තිබුණේ නම් අලින්ට ආහාර සම්බන්දව ගැටලුවක් ඇති නොවන බවද ඔවුහු පවසති.
සංචාරක කර්මාන්තය තායිලන්තයේ ප්‍රධාන ජීවනෝපායක් වෙයි. 

නමුත් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැලැක්වීම සඳහා තායිලන්තය මේ වනවිට "ලොක් ඩවුන්" කර ඇති අතර සියලුම සංචාරකයින් සඳහා දේශ සීමා වසා දමා ඇත.
තත්ත්වය කෙතරම් දරුණු වුවත් කෙසේ‍ හෝ අලි ඇතුන්ට ආහාර සපයා දීමට තම ජීවිත අවදානම ද නොතකා බොහෝ අයිතිකරුවන් ක්‍රියා කරන බවද සඳහන් වේ.

"මිනිසුන්ට බොහෝ දේ නැත. නමුත් ඔවුන් අලි ඇතුන් පණපිටින් තබා ගැනීමට අවශ්‍ය දේ සිදුකරයි." යනුවෙන් උතුරු තායිලන්තයේ අලි අභය භූමියක කලමණාකාරිනියක වන මැක් රේ මහත්මිය පවසයි. 
තායිලන්තයේ කොරෝනා වයිරස රෝගීන් 1 651ක් හඳුනාගෙන ඇති අතර 10 දෙනකු මියගොස් තිබේ.
ඊයේ නව ආසාදිතයන් 127ක් වාර්තා වූ අතර එක් මරණයක් සිදුවිය.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (5)

සංචාරක කර්මාන්තය කඩා වැටීමෙන් තායිලන්තයේ අලි සාගින්නේ

kalhara Wednesday, 01 April 2020 03:04 AM

තායිලන්තයේ අලි ඇතුන් ගැන බලන්න කලින් ලංකාවේ බඩගින්නේ ඉන්න මිනිස්සු ගැන හොයල බලන්න. අපිට BBC එකෙන් මේවා බලාගන්න පුළුවන්.

:       5       46

rasika Wednesday, 01 April 2020 07:06 AM

අයිතිකරු සමග වනයට යවන්න. අළියන් සුරකින්න.

:       0       2

kc Wednesday, 01 April 2020 07:10 AM

මෙන්න තවත් බඩගිනිකාර හිගන්නෙක්.

:       0       1

jayath Wednesday, 01 April 2020 09:55 AM

මෙහෙත් ඉන්නවා අලි දැන් වැලේ වැල් නැතුව - උන් ගැන කව්ද බලන්නේ?

:       0       1

dilanWednesday, 01 April 2020 01:38 PM

ඒ අයත් ‌මේ වසංගතේ වගේම රටට වසංගතයක්. මම දැක්කා අපේ ගම්මාන වල දරුවෝ පොළොවේ ගහලා, කපලා කොටලා මරල දාද්දි කට පියාගෙන නොදැක්ක වගේ හිටපු දොස්තර ඇමති පුතෙක් "සුනිල් රත්නායක" රණ විරුවා නිදහස් කරපු එකට ජිනීවා යන්න හදනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 304 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site