IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම ගැන තක්සේරුව අලුත් අවුරුද්දෙන් පසු

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් හමුවූ දිස්ත්‍රික්ක කිහිපය හැර බහුතර දිස්ත්‍රික්කයන්හි කොරෝනා ව්‍යාප්ත වීමේ තර්ජනයක් දැනට නැති බව රජය පවසයි.
 
අලුත්  අවුරුදු  සමය අවසන් වීමත් සමග අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්ම වන ඇඳිරි නීතිය ඇතුළු සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බවද රජය සඳහන් කරයි.

කොවිඩ්  - 19 රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කර ඉදිරි පියවර තීරණය කිරීම සඳහා අද(04) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

වර්තමානයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන කොරෝනා මර්දන  වැඩසටහන අලුත් අවුරුද්ද අවසානය වන තෙක් විධිමත්ව පවත්වාගෙන යාමටත්, අනතුරුව තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර ගැනීමටත් එහිදී රජය තීරණය කර තිබේ.

එමෙන්ම වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර කරන නිර්දේශ අධ්‍යයනය කර සුදුසු පරිදි පිළිපැදීමට ද දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩාත් විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යාමටද සාකච්ජාවේ දී එකඟත්වය පළ වී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාව සඳහා ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සෙසු නිලධාරීහූ සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (4)

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම ගැන තක්සේරුව අලුත් අවුරුද්දෙන් පසු

Senevirathne Saturday, 04 April 2020 06:02 PM

ඔව් ඔව් අවරුදු කන්න සියල්ල අමතක කරාවි. එතකොට ආයෙමත් වැඩේ මුලට

:       0       1

jayath Sunday, 05 April 2020 03:56 AM

ජය වේවා ! දේශපාලන පාට කන්ණාඩි ගලවලා කුහක වෙන්නේ. නැතුව මැදිහත්ව හිතන කාටවත් කියන්න බැහැ මේ වැඩ පිළිවෙල නරකයි කියලා. වි‌‌ශේෂයෙන් කලින් බිය පලකරලා තිබුන විදියට 3 b අවස්ථාවෙන් එහාට මේ සතියේදී මේක යන්න නොදී නවත්තගත්තෙක ම ලොකු ජයක්. දැනට තියෙන්නේ යම් මෝඩ ජනකොටස් වල තකතීරු හැසිරීම නිසා විශ්ෂයෙන් මේ කොළඹට තියෙන ප්‍රශ්නයක් මේ මට හිතෙන විදියට......

:       2       103

de silva Sunday, 05 April 2020 04:45 AM

හොඳ තීරණයක් , අවුරුද්දෙන් පස්සේ අනිත් පළාත්වල වෙසෙන අපට අහාර භෝග වගාකිරීම , ධිවර කර්මාන්තයේ යෙදීම වැනි දේවල් ක්‍රියාත්මක කර රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ,

:       0       5

de silva Sunday, 05 April 2020 04:48 AM

ලෝකයේ තෙල් මිල අඩුවෙලා තිබෙන නිසා ලංකාවේ තෙල් මිලත් කරුණාකර ඉදිරි දින කිහිපයේ අඩු කරන්න , ආර්ථිකය වර්ධනය වීමට නම් මෙවැනි ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම ගන්න වෙනවා .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 188 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1144 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site