( තිළිණි ද සිල්වා )
විදේශ සබදතා අමාත්‍යාංශයේ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකුට එම වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමඟ මේවන විට විදේශ කටයුතු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 26 දෙනෙකු ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවී ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මෙම නිලධාරීන් අතර ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් සහ විදේශ සේවයේ නොවන නිලධාරීන් ද සිටින්නේ යැයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිය නිවෙස් වලට වී ස්වයං නිරෝධායන කටයුතුවල නිරතවන්නේ යැයිද එම අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
පූර්ව ආරක්ෂිත පියවරක් වශයෙන් ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවී ඇත්තේ මෙම නිලධාරිනිය සේවයට වාර්තා කළ එක් දිනක් තුළ මුණ ගැසුණු කාර්ය මණ්ඩල සාමාජිකයින් යැයිද සඳහන් වේ.
මෙම අමාත්‍යාංශ නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයකු කොරෝනා වෛරසය (COVID -19) ආසාදිතයකු වශයෙන් ඉකුත් 13 වැනිදා හඳුනාගැනීමෙන් පසුව සහ වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම වළක්වා ගැනීම සහ අවම කිරීම සඳහා අමාත්‍යාංශය මෙම ආරක්ෂිත පියවර මාලාව ගත් බවද හෙතෙම කියා සිටී.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදේශ අමාත්‍යාංශයේ 26 ක් ස්වයං නිරෝධායනට