IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු රජයේ වාහන රාජකාරිවලට ඉල්ලති

විනීතා එම් ගමගේ 

මේ වන විට අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතනවලට අයත් වාහන තම රාජකාරි සඳහා සීමිත කාලයකට ලබා දෙන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර ඇත.    

මේ වනවිට රාජ්‍ය ආයතනවලට අයත් එහෙත් රාජකාරිවල නොයෙදෙන වාහන තම රාජකාරි සඳහා මුදා හරින්නේ නම් රාජකාරි පහසුවන බව එම සංගමය රජයට පෙන්වා දී තිබේ. 

මේ වනවිට වැසිකාලය ඇරඹී ඇති බැවින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් යතුරු පැදි වලින් ගොස් රාජකාරි කරන්නේ ඉතා අපහසුවෙන් යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 

ස්වයං නිරෝධායනයේ සිටින විශාල පිරිසක් පිළිබඳ සොයා බැලීම ඇතුළු බිම් මට්ටමේ රාජකාරි රාශියක් තම සාමාජිකයන් වෙත පැවරී ඇති බවත් ඔවුන්ගේ රාජකාරි පහසු කිරීම සේවා සැපයීමේ දී ජනතාවට විශාල ප්‍රතිලාභයක් වන බවත් ඔහු පෙන්වා දෙයි. 
 



අදහස් (11)

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු රජයේ වාහන රාජකාරිවලට ඉල්ලති

mahinda Wednesday, 08 April 2020 07:18 AM

වාහන වලින් ක්ශේත්රයේ යාමට යම්කිසි කාලයක් ගත වේ. වාහන වලින් යාමට නොහැකි ප්‍රදේශ වල යතුරුපැදියෙන් යා හැකිය. එතකොට යතුරුපැදිය සඳහා ගෙවනු ලබන ඉන්ධන දීමනාව? මේ දේවල් ගැනත් හිතලා තීරනයක් ගන්න

:       52       102

Raveendra Wednesday, 08 April 2020 07:49 AM

අප විස්වාස කරනවා මෙම ඉල්ලීම කඩිනමින් බලධාරීන් විසින් ඉටුකළ යුතු බවට... මොකද මේ අවස්ථාවේ නාස්තිකිරීමට කාලයක් මෙම නිලධාරීන්ට නොමැති බවය. අප කාලය මේ අවස්ථාවේ අපතේ ඇරියොත් එහි ප්‍රතිවිපාක දරුණු වීමට ඉඩ ඇත. වාහනවලින් යාමට අපහසු දුෂ්කර ප්‍රදේශවල යතුරුපැදි වලින් වැඩිපුර පහසුකම් ලබාදීම කල යුතු බව අපගේ හැගීමයි...

:       51       119

Dayan Wednesday, 08 April 2020 08:08 AM

සාධාරණ ඉල්ලීමක්. ඉන්ධන දීමනා වලට වඩා කොරෝන ප‍්‍රබලයි. ඊර්ෂ්‍යා කරන්න එපා. මෙය ඉතා වැදගත් රාජකාරියක්...

:       0       28

සෑම් Wednesday, 08 April 2020 08:25 AM

මොවුන් වාහන ඉල්ලනකම් බලා සිටීම ගැන වගකිව යුත්තන් ලජජා විය යුතුයි. අත්‍යාවශ්‍ය අවදානම් රාජකාරියක නිරත මොවුන්ට උපරිම පහසුකම් වහාම ලබා දිය යුතුයි.

:       0       0

විපරමා Wednesday, 08 April 2020 08:46 AM

මේ අවස්තාවේ ඔවුන් කරන්නේ ලොකු සේවයක්.. ඒ ගෙන හිතලා යම් පියවරක් ගන්නේ නම් තමා හොඳ ?

:       0       20

JCN Wednesday, 08 April 2020 09:13 AM

සාධාරණ ඉල්ලීමක් බව බැලූ බැල්මට පේනවා.. ඔවුන් මේ වෙලාවේ ලොකු සේවයක් කරන්නෙ

:       0       5

Dilshan Wednesday, 08 April 2020 09:38 AM

වැඩක් නෑ PHI මහත්තයෝ. මේ වෙලාවේ නිව්ස් වල, ෆේස්බුක් එකේ මාකට් වෙන්නේ, වෙන වෙන නිලධාරින් මිසක්, පොළොවේ ඉඳන් රාජකාරි කරන ඔබ තුමන්ලා නෙමෙයි.

:       108       91

Deepal Nirosh Wednesday, 08 April 2020 10:54 AM

මේ අවස්ථාවේ මෙම ඉල්ලීමට අවසර දීම සාධාරණ මෙන්ම අත්‍යාවශ්‍යයි. යා නොහැකි ස්ථානවලට කෙසේ වෙතත් යත හැකි බොහෝ ස්ථානවලට වාහනවලින් යාම හැම අතින්ම ආරක්ෂාකාරියි. ඒ වගේම රාජ්‍ය ආයතන බොහොමයක සංචිත වාහන මේ දිනවල අක්‍රිය ත්ත්වයේ ලිබෙනවා.

:       0       5

Anton austria Wednesday, 08 April 2020 11:31 AM

ඇයි ඇමතිලා මන්ත්‍රිලට දෙන වාහන ඒව ඔක්කොම පාවිච්චි කිරීමට දිය යුතු ජනාධිපති තුමාට, අගමැතිතුමාට, හමුදාපතිතුමාට, සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාට යන අයගේ වාහන තියාගෙන අනිත් සියලු දෙනාගේ වාහන පාවිච්චියට ගන්න ඉක්මනින්ම....

:       1       0

ravi Wednesday, 08 April 2020 11:54 AM

කොරෝනා හදිසිනීති කඩකරපු අයගෙන් අත්අඩංගුවට ගත්ත වාහන මේ වෙනුවෙන් යොදාගන්න ..

:       0       0

හරේන් Wednesday, 08 April 2020 07:14 PM

ක්‍රියාත්මක නොවන පලාත් සභා වල විතරක් වාහන කීයක් තියනවද? රියදුරන් එක්ක ඒ ටික දුන්නත් ඇති කියල මට හිතෙන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28433 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10931 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site