IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මිලියන 4 කට වැඩි පිරිසකට කොරෝනා

කොරෝනා වයිරසය මේ වන විට ලොව පුරා මිලියන 4.35කට වැඩි පිරිසකට ආසාදනය වී ඇති අතර 297 000 ක පමණ පිරිසක් මියගොස් ඇත. වයිරසයෙන් සුවවූ සංඛ්‍යාව මිලියන 1.55ක් වේ.

ලෝකයේ රටවල් අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන් වන අතර එහි සිදුවූ මරණ සංඛ්‍යාව 84 763කි. ඇමරිකාවේ කොරෝනා වයිරස රෝගීහු මිලියන 1.42ක් සිටිති.

දෙවැනියට වැඩිම රෝගීන් වාර්තා වන්නේ රුසියාවෙනි. රුසියාවේ කොරෝනා ආසාදිත රෝගීන් 242 000ක් පමණ තහවුරු වී ඇති අතර මරණ 2 212ක් සිදුවී තිබේ.

එක්සත් රාජධානියේ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 33 186කි. පසුගිය පැය 24 තුළ මරණ 494ක් සිදුවී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එංගලන්තයේ අගුළු දැමීම තාවකාලිකව ලිහිල් කිරීමට පටන්ගත් අතර නිවසේ සිට රාජකාරි කළ නොහැකි අයට රැකියාවට යන ලෙස සඳහන් කර තිබේ.

මහා බ්‍රිතාන්‍යයේ, එංගලන්තය හැර සෙසු කොටස් තවමත් වසා දමා තිබේ.

සමස්ත ස්පාඤ්ඤ ජනගහනයෙන් 5%කට පමණ කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ස්පාඤ්ඤයේ මේ වනවිට කොරෝනා රෝගීහු 229 000ක් සිටිති. මරණ 27 104ක් සිදුවී තිබේ.

ඉතාලියේ රෝගීන් 222 000ක් තහවුරු වී ඇති අතර 31 106ක් මියගොස් තිබේ.


(රොයිටර් ඇසුරිණි - 085)
 



අදහස් (0)

මිලියන 4 කට වැඩි පිරිසකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site