( තිළිණි ද සිල්වා )
කොරෝනා වයිරසය ආසාදනය වීමෙක් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර ගාල්ලගේ නැමැති පුද්ගලයෙකි.
මොහු කොරෝනා වයිරසය ආසාදනය වී සිය නිවසේම
ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී ඊයේ (06) රාත්‍රියේදී ඇති වූ ස්වසන අපහසුතා හේතුවෙන් සිය නිවසේ කාමරය තුලදීම අවාසනාවන්ත ලෙසික් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
කොරොනා අසාදනයෙන් මිය ගිය තෙවැනි ලාංකිකයා මොහු වේ.මියගිය අනුර ගාල්ලගේ මහතා කල පටන් සිය පවුලේ අය සමග බ්‍රිතාන්‍යයේ ජීවත්වන අතර ඔහු. එරට එන්ෆීල්ඩ් සහ එඩ්මන්ටන් බෞද්ධ විහාරස්ථාන පන්සලේ ප්‍රදාන දායකයෙකු ලෙසින්ද කටයුතු කළ බැව් සදහන් වේ.
මීට දින කිහිපයකට පෙර ගාල්ලගේ මහතා වයිරසය අසාදිතව බව වෛද්‍ය පරිකෂනයෙන් තහවුරැ විමෙන් පසු පවුලේ අයගෙන් වෙන්ව නිරෝධායනය වෙමින් සිටයදී ඔහුට උන තත්වය වර්දනය වි හුස්ම ගැනිමෙ අපහසු තාවය ඇති විමෙන් තිබූ බවද පැවසේ.
ඔහු විසින් ඊයේ (06) බ්‍රිතාන්‍ය වෛද්‍ය සේවය අමතා කිහිප අවසථාවකදීම ප්‍රතිකාර ලබා දෙන්නැයි ඉල්ලා සිට ඇති අතර එම සෙවය විසින් ඔබට අමාරැවක් නැ හුමාලය අල්වා , උණු ජලය පානය කරන ලෙසට උපදෙස් ලබා දී සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවද එරට තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
මේවන විට එරට වෙසෙන බොහෝ ලාංකිකයින් පිරිසක් ලංකාදීපයට පැවසූයේ එරට පවතින නීතිය අනුව දී යම් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්නම් ඔහු රෝහලට පැමිනීම අනවශ්‍ය වන අතර 999 යන එරට සෞඛ්‍ය සේවය ( එන්.එච්.එස්.) හි කොවිඩ් 19 කණ්ඩායම අමතා ඊට අදාළ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ලබා ගත යුතු බවය , නමුත් මෙම වයිරසය නිසා ඇතිවන සංකූලතා එකිනෙකට වෙනස් හෙයින් රෝහලගත නොකිරීමෙන් යම අවදානමක් රෝගීන්පවතින බවද එම ලාංකිකයෝ පෙන්වා දෙති.
මෙම නීති හා රෙගුලාසි හේතුවෙන් වයිරසය ආසාදනය වූ ලාංකිකයින් කිහිපදෙනෙකුම සිය නිවෙස් වල ස්වයං නිරෝධායනයේ නිරත වන බව එම ලාංකිකයෝ කියා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එරට පවතින නීතිය අනුව යම් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්නම් ඔහු රෝහලට පැමිනීම අනවශ්‍ය වන අතර 999 යන එරට සෞඛ්‍ය සේවය ( එන්.එච්.එස්.) හි කොවිඩ් 19 කණ්ඩායම අමතා ඊට අදාළ වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර සේවා ලබා ගත යුතු බවය. පෙනේද වෙනස ?
රට ගිහින් සිරිසැප හෙව්වට සියරට දේ සිරි සැපදේ කියලා ඔක්කොටම දැන් තේරෙනවා වගේ. ලෙඩ පැතිරෙන කොට ඔක්කොම රටගිය ඇත්තෝ මෙහෙට පනින්න උත්සහ කලේ ඒ හින්දා නේද? එහෙම ඇවිල්ලත් මුලදී දමපු ගොන්පාට්. උවදුර ඉවර වුන ගමන් ආයිමත් ගඟෙන් දියබී මුහුදට ආවඩයි. මෙහෙමත් ගුණමකුවෝ.
ඔව්.එහේ විතරක් නොවේ මෙහෙ ඔසී වලත් එහෙමයි. ඒ අතින් ලංකාවේ ක්‍රමය ගොඩක් හොඳයි. වෙනස මෙහෙ මිනිස්සු යම්කිසි පාලනයකට ඉන්නවා.නමුත් ලංකාවේ මිනිස්සු නීතියෙන් හැංගිලා විවිධ දේවල් කරනවා.
ඔබට නිවන් සුව ලැබේවා ! අප බණ දෙසන දියුණු රටවල මානව හිතවාදය දැන් හොදින්ම පෙන්නුම් කරනවා.
ලංකාවේ පුරවැසිකම එපා කියන්න යන අය තාමත් ශ්‍රී ලාංකිකද ? නමුත් ලංකාවේ ශත වර්ෂා ගානක් ඉන්න අයට ලංකාවේ අයිතියක් නැල්ලු.
කවුරු මොනවා කිව්වත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සේවය ඉතාලියේ හැරුණකොට යුරෝපයේ අනෙකුත් රටවල් සමග සන්සන්ධනය කරනකොට ඉතා දුර්වල තත්වයක් පවත්නා බව සදහන් කරන්න ඕනේ.ජ්ර්මනිය වැනි රටවල කොරෝනා ආසාධිතයන් 90000 පමණ සොයාගෙන ඇතත් , මරණ සිදුවී ඇත්තේ 1900 පමණ ප්‍රමාණයකි.25000 පමණ සුවවී ගෙදර ගොස් ඇත. එහි කොරෝනා රෝගීන් සියලුදෙනාටම රෝහල් තුළ ප්‍රතිකාර කරන අතර , අසාධ්‍ය රෝගීන් සදහා තව ඇදන් 1500-1700 අතර ප්‍රමාණයක් වෙන්කර තබා ඇත.
දියුණුයි කියා ගන්නා රටවල් මානූෂීය වශයෙන් කොතරම් නොදියුණුයිද කියන එකට හොදම උදාහරණයක් මේ. තවද දියුනු රටවල් කොතරම් අසoවිධානාත්මකද කියන එකත් හොදටම පෙන්වන අවස්ථාවක්....
දැන් අපට තේරෙනවා "මව් බිම නැති නම් මරණය" යන වැකියේ අරුත කුමක්ද බව....
ඔක්සිජන් සැපයුම ලැබුනේ නම් ඔහු අදත් ජීවතුන් අතර.....
අවාසනාවන්ත ලෙස ජිවිතයෙන් සමුගත් ඔබට නිවන්සුව අත්වේවා !!!
අනුර ගාල්ලගේ මහත්මයට නිවන්සුව , ලංකාවෙනම් දැනට කොරෝන රෝගීන්ට ගෙවල්වල තබාගෙන ප්‍රතිකාර කරන්නේ නැහැ. හොඳ අධීක්ෂණයක් යටතේ උපරිමව සැමදෙයක්ම කරනවා. නමුත් අපේ රෝගීන් සංඛ්‍යාව 1000 පැන්නොත් අපිටත් මොනවා වේවිද කියන්න දන්නේ නැහැ , අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ ....
ලංකාවට අවලාද නගාගිය අයට, දැන් හිතෙනවා ඇති ලංකාව කොයි තරම් සුපිරිද කියල.... ඒකාලේ යනකොට කිවුවේ ලංකාව හරි රස්නෙයි, රස්සාවට හරි වැටුපක් දෙන්නේ නෑ, වැඩකරන මිනිහට තැනක් නෑ ... මාර්ග තදබදය හින්ද පාරතොටේ යන්න බෑ, නැවත එන අය සාදරයෙන් පිලිගන්නවා
උපන් රටට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ.නොහිතන ප්‍රමාණයේ වැටුප් ලැබුනත් හිතා ගැනුමට අපහසු පහසුකම් අපට ලැබුනත් මට මගේ මාතෘ භූමිය හැර වෙනත් රටක් වටින්නේ නැත. ඒ මා උපන් මේ ලංකා මාතාව බැවිනි. මේ ලැබෙන සෑම දෙයක්ම තාවකාලිකය. කව්රු කෙසේ කිවත් මෙයයි අප සැම අත්විදින යතාර්ථය ... නිදහස් අද්‍යාපනයෙන් උපරිම පල නෙලාගෙන අපගේ මව්රටටද කලගුණ සැලකූ සහ සලකමින් සිටීමට හැකිවීම අප ලබන අපමණ සතුටකි.
කොහොමත් ලංකාවේ සෞඛ්‍ය සේවය හොදයි එංගලන්තයට වඩා.ලෙඩ්ඩුන්ව ගණන් ගන්න ගන්නේ නෑ.ගොඩක් වෙලාවට කියන්නේ පැරසිටමෝල් ගන්න කියලා.
ලෙඩ්ඩු රටට ලෙඩක්. එම නිසා ඔන්න ක්‍රමය කටක් ඇරලා නොකීවට.
හදාගත්තොත් කොරෝනා.අත වනයි රුදුරු මාරයා.
ලෙඩ්ඩු ගාන තුන් හාරදහක් පැන්නොත් අපේ රටෙත් ඕකම තමයි වෙන්නේ සහෝදරයා.
රැකියාව සදහා විදේශගතව ඉන්න කෙනෙකුට මේ දේ උනොත් මොකක්ද ඊලග පියවර ? ලංකාවට ඒ බොඩි එක ගෙන්න ගන්නවද ?නැතිනම් ඒ රටේම වල දමනවද නීතිරීති වලට අනුව ?
සම්පූර්ණ ඇත්ත. මීට කලින් මම මෙහි සටහනක් තැබුවා මාගේ ඥාතීන් 2කුට මෙය හැදුණු බවට. ඔවුන්ට ගෙදරට වෙලා ඉන්න කිව්වා විතරයි. වාෂ්ප අල්ලන්න උපදෙස් දෙනවා. එයාලා කිව්වේ ලංකාව කෙතරමි විශිෂ්ටද කියලා.
සියල්ල තීරණය වෙන්නේ ආසාදිතයින් ප්‍රමාණය සහ සෞඛ්‍ය සේවයේ ධාරිතාව මතයි. යුරෝපයට උන දේ ලංකාවට නොවෙන්න නම් කියන දේ අහලා ගෙදරට වෙලා ඉන්න. එංගලන්තේ දැනට ආසාදිත්යෝ 45,000 ලංකාවේ 135. ලංකාවේ ආසාදිතයින් 2000 - 3000 පැන්නොත් එතනින් එහාට පාලනය කරන්න බැරිවෙනවා.
නිහාල් ඕනවට වඩා කුහක වෙන්න එපා එකේත් සීමාවක් තියනවා.