IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තානයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

( ටී.කේ.ජී.කපිල )

පකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා   අද(21)   උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .

ශ්‍රී ලංකාවෙන් සිසුන් බොහෝ පිරිසක් විවිධ රටවල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටින අතර , ඔවුන් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඔවුන්ව ගෙන්වා ගැනීම සදහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ .

එම ඉල්ලීම් අතරින් පළමු අවස්ථාව සාර්ක් රටවල ඉගෙනුම ලැබීම සදහා ගොස් සිටි සිසුන් වෙත හිමි වී තිබෙන අතර , ඒ අනුව මෙරටට ගෙන්වා ගනු ලබන පළමු සිසුන් කණ්ඩායම ලෙස මෙසේ පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටින සිසුන් 113 දෙනා අයත් වේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1205 දරණ මෙම ගුවන් යානය 4/21 දින උදෑසන 7.40 ට පකිස්තානයේ කරච්චි ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය අතර , එම ගුවන් තොටුපළ තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .

ඉන්පසුව මෙම ගුවන් යානය එතැන් සිට ලාහෝර් ගුවන් තොටුපළ වෙත ගොස් , එහි රැදී සිටින ඉතිරි ශ්‍රී ලාංකික සිසුන් ද මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .

මෙම ගුවන් යානය වෙනත් ගුවන් මගීන්ගෙන් තොරව පකිස්තානය බලා  ගමන් ගත් අතර , එම යානය තුළ ගුවන් නියමුවන් ඇතුළු සමස්ථ කාර්යය මණ්ඩලය 17 ක් සිටියහ .

පසුව මෙම ගුවන් යානය අදද (21) දින රාත්‍රී 7.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

 



අදහස් (2)

පාකිස්තානයේ සිටින ලාංකික සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් පිටත් වෙයි

Indhika Tuesday, 21 April 2020 04:22 AM

මෙයාල ඉගෙන ගත්ත දේවලුත් අපිට කියන්න පුලුවන්ද?

:       0       0

Shashee Tuesday, 21 April 2020 07:12 AM

එක් සිසුවෙක් රටෙහි මුදල් කෝටියක්වත් පිටරටට ගෙනියනවා. ඒත් රටට කෝටි ගණන් මුදල් එවමින් දරු පවුල් ලංකාවේ ජීවත්වන විදෙස් ශ්‍රමිකයන්ටත් තමන්ගේ පුද්ගලික වියදමින් හෝ එන්න අවස්ථාව ලබා දෙන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site