IMG-LOGO

පාකිස්තානයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පාකිස්තානය තුළ වසංගතයක් ලෙස පැතිර නොයන බවත් එම නිසා එය රටපුරා ව්‍යාප්ත වීම වැළැක්වීමට පනවා තිබෙන සීමා ඉවත් කළ යුතු බවත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

පාකිස්තානය නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ ඇතැම් සීමා ලිහිල් කිරීමට ද ඉකුත් දිනවලදී පියවර ගත්තේ ය. කෙසේ නමුත් තවමත් එරට ව්‍යාපාරික කටයුතු සම්පූර්ණයෙන් ආරම්භ කර නොමැති අතර සීමා ඉවත් කිරීමෙන් පසු ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් ද දක්නට ලැබිණි.

‘‘කොරෝනා වයිරසය පාකිස්තානය තුළ වසංගතයක් ලෙස පැතිර යන්නේ නැහැ’’ යැයි පෙන්වාදුන් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ‘‘එය විශාල මුදලක් ගිලගන්නවා’’ යැයි ද සඳහන් කළේය.

සෞඛ්‍ය බලධාරීන් විරෝධයක් දක්වන්නේ නැතිනම් සාප්පු සංකීර්ණ විවෘත කරන්නැයි නියෝග කළ පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය සති අන්තයේදී ව්‍යාපාර විවෘත කිරීමට ඇති හැකියාව සලකා බලන්නැයි ද බලධාරීන්ට නියෝග කළේය.

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම මේ කරුණ සලකා බලමින් අදාළ නියෝග නිකුත් කර ඇත. වෙනත් කිසිදු පාර්ශවයක් මෝසමක් ඉදිරිපත් කිරීමට පෙර තමන් විසින්ම ‘මෝසමක්’ කැඳවීමට ඇති බලය භාවිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝග නිකුත් කර ඇත.

පාකිස්තානයෙන් අද (19) පස්වරු 4 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 43,966ක් වූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 939ක් ලෙස දැක්විණි. බටහිර රටවලට සාපේක්ෂව පාකිස්තානයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන වයිරස ආසාදිත මරණ ගණන අඩු වුවත් මේ මාසයේ මේ දක්වා කාලයේදී එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි විය.

ඇස්තමේන්තු කළාට වඩා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන අඩු යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ද පැවැසීය. කොරෝනා වයිරසය හේතුවෙන් ලොව සෑම රටකම මෙන් පාකිස්තානයේ ද ආර්ථික දරුණු කඩාවැටීමකට ලක්ව ඇත. මේ තත්ත්වය සලකා බලමින් රටපුරා පනවා තිබෙන ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමේ එක් පියවරක් ලෙස සිල්ලර කඩ විවෘත කිරීමට අවසර දෙන බව පාකිස්තාන බලධාරීහු පසුගිය සතියේදී ප්‍රකාශ කළහ.

සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ වෛද්‍යවරු ඔවුන්ගේ දැඩි විරෝධය පළ කර ඇත. සීමා විවෘත කිරීමෙන් වයිරසය වේගයෙන් ව්‍යාප්ත විය හැකි බවත් රෝහල්වලට දරාගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි ද ඔවුහු අනතුරු ඇඟවූහ.

‘‘සීමා ලිහිල් කිරීම නිසා අනිවාර්යයෙන්ම ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවේවි. අසාද්‍ය තත්ත්වයේ සිටින පිරිසද වැඩි වේවි’’ යැයි පාකිස්තානයේ තරුණ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සල්මාන් කස්මි රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබිණි.

‘‘එහොම වුණොත් රෝහල්වලට දරාගන්න බැරි පීඩනයක් එල්ල වේවි’’ ඔහු කීය.

පසුගිය සතියේදී පාකිස්තානයේ වෙළෙඳපොළවල් විවෘත කළ අතර ක්ෂණිකව ඒවා ජනතාවගෙන් පිරීගිය අතර සමාජ දුරස්ථභාවයේ හෝ මුඛ ආවරණ පළඳින බවට කිසිදු සලකුණක් හෝ ඒවායේ දක්නට නොලැබිණි.

වෙළෙඳපොළවල් විවෘත කළ ද සාප්පු සංකීර්ණ වසා දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නැතැයි ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය. ‘‘සති අන්තයේදී වයාපාර වසා දැමීමට කිසිදු සාධාරණ හෝ තාර්කික හෝ හේතුවක් නැහැ’’ ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය.

‘‘කොවිඩ්-19 වසංගතයට මෙච්චර මුදලක් වෙන්න කරන්න තරමක් සාධාරණ හේතුවක් නැහැ. ඒ වගේම පාකිස්තානය කියන්නේ වයිරසයෙන් එතරම් බලපෑමට ලක්වූ රටක් නෙමෙයි’’ ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයේ දැක්විණි.

මැයි මස 20 වැනිදා එනම් අද සිට සීමිත ගමන් වාර ආරම්භ කරමින් දුම්රිය සේවා ආරම්භ කිරීමට පියවර ගන්නා බව පාකිස්තානයේ දුම්රිය සේවය ද මේ අතරවාරයේදී නිවේදනය කළේය.

මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස කාලය මේ සතිය අගදී අවසන් වීමට නියමිත අතර එය සමරන ‘ඊද් අල් ෆිතර්’ උත්සවය සඳ දැකීම අනුව ‘ඉරිදා’ට හෝ ‘සඳුඳා’ට යෙදේ. ඒ හේතුවෙන් කඩසාප්පු විශාල සෙනඟක් පැමිණෙනු ඇතැයි පොදු ප්‍රවාහන සේවාවලට විශාල මඟීන් පිරිසක් පැමිණෙනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

රොයිටර්

055



අදහස් (2)

පාකිස්තානයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කමල් ලතිෆ් Tuesday, 19 May 2020 01:21 PM

හොඳ තීරණයක්. දෙවියන්වහන්සේ සියළුදෙනාම ආරක්ෂා කරනවා. උසාවියත් හැමදේටම අත පොවනවා.

:       17       5

karu Tuesday, 19 May 2020 03:12 PM

නඩුකාරයෝ දන්නා දෙයක් තියෙනවාද කොරෝනා ගැන දොස්තරලාට වඩා...? මට පෙනෙන්නේ නඩුකාරයින්ට මොලේ අමාරුව හැදිලා වගෙයි... හැබැයි ලෙඩේ වැඩිවුනොත් නඩුකාරයෝ ගස්...

:       15       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 59 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 620 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site