( ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කරුක්කුපනය ප්‍රදේශයේ එ. ජා. ප මන්ත්‍රීවරයෙකි.
ඇදිරිනීතිය පැවත්වෙන කාලසීමාවතුළ එම ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක 30ට අධික පිරිසක් ඒකරාශිකරමින් ආගමික කටයුතු කිරීමට විරුද්ධවූ එම නාවික හමුදා නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර මෙය පාලනය කිරීම සඳහා සහ අදිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවටගෙන ඇත.
එම ස්ථානයට එකතුවූ පිරිසට තම නිවෙස්වලට යාමට පොලීසිය නියෝගකර ඇති අතර මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
COMMENTS
ප්‍රාදේශීය සභාවේ " වසු පැටියෙක් " ලෙස මෙසේ අවීතව හැිරෙන්නේ නම් දියවන්නනා ඔයේ පට්ටියේ " මීහරකෙක් " උනොත් කොහොම හැසිරෙයිද ? මෙම වසු ැටියට උපරිම දඩුවම් ලැබේවා..!!!
නිරෝධායනය තමා හොඳම දඬුවම. සාමාන්‍ය ජනතාවට නම් සියලු පහසුකම් හැකි උපරිමයෙන් ලබාදීලා නිරෝධායනය කරපු විත්තිය සාක්ෂිසහිතව පොදු ජනයා දන්නවා. නමුත් දේශපාලුවන්ට? කියවන අය වැරදියට වටහා ගන්න එපා. වචනය පමණක් නිරෝදායනය. නැතිනම් හරි වචන පෙළ " හිර අඩස්සිය " අඩුම ගානේ දවස් 28ක් වත්?
මියගියාට පස්සේ මොනවද තව කරන්න තියෙන්නේ? මේ අවස්ථාවේ හැකි ඉක්මණින් අවම සහභාගිත්වය ගෙන ඉවර කරන එක හැර. ආගමට මේ වගේ ව්යවසනවලදී පිහිටවෙන්න බැරි බව පෙනෙන්නේ නැතිද? දැන් නීතියට ඉඩදී පැත්තකට වෙන එක හොඳයි නේද?
ඕනෑම සමාජයක කෙනෙකු මියගිය පසුව අවසන් ගෞරව දැක්වීම චාරිත්‍රයක්ව පවතී.1988 හා 1989 වර්ෂවල මෙම තත්වයට විරුද්ධව සිටි පිරිසක් සිටි බව සිහි කරන අතර අපේ දුටු ගැමුණු රජතුමා පවා එළාර රජුට ගරුකරන සේ දැන්වීමද පෙන්වා දිය හැකිය. දැනට ඕස්ට්‍රේලියාවේ අවමගුල් කටයුත්තදී 10 දෙනෙකු සහභාගිකර ගැනීමට නියමකර ඇතත් ලංකාවේ මෙතෙක් එවැන්නක් අසා නැත. මෙවැනි අවස්ථාවල මානුෂිකව කටයුතු කිරීමට හැකිනම් වඩාත් සුදුසුයි.
සජිත්ටත්, රනිල්ටත්, මහින්දටත් වරදින්නේ යටින් ඉන්න මෙවැන්නවුන් නිසාය. හාමුට වැඩිය හාමුගේ අහවලා සැරයි කියන එක අහල තියනවනේ.
අත්අඩංගුවට ගැනීම හරි. අපි බලා ඉන්නේ රැස්වීම් තියපු චම්පික, ඩලස්, කාංචන එහෙම ඔය නීතියට යටත් නැත්තේ ඇයි කියල.
දැන් එතකොට අර අජිත් රෝහණ මහත්තයා කියන්නෙ මොනවද?
ආරක්ෂක හමුදාව කොයි රටකවත් නැති ආකාරයට අපගේ ජිවිත රැක ගැනීමට දරන වෙහෙස වචන වලින් කියා නිම කිරීමට බැරි තරම්.... එහෙත් මෙයාට තේරුම් ගන්න බැරි වෙලා. මේ ජන්ම ගතිය මේ වෙලාවෙත් මතු වෙලා . ඉදිරියේදී පැවැත්වෙන චන්දයේදී පිළිතුරු ලැබේවි. රණවිරුවනි ඔබලා ජාතියේ මුරදෙව්තාවෝ වෙති. අපි ඔබ සැමට සදා ණයගැති වෙමු. ඔබලා සැමට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි .
බලය නැතිව ඔහොම නම් බලය තිබුනා නම් කොහොමට කොරෝනා මර්ධනය කරය්ද? බලමු, අපි මහා චන්දෙදි ඉතිරි ටිකත් සලකන්නම්කො...
දැන් එතකොට එකපාර ඇඳිරි නිතිය නවත්වපුවම මිනිස්සු පොදි ගැහිලා කඩවල බඩු ගන්න හොඳයි , මලගෙදරකට කට්ටියකට එකතුවෙන්නද තහනම් . පුදුම නීති තමයි මේවා .