IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


නීති කැඩූ නවසීලන්ත සෞඛ්‍ය ඇමති තනතුරෙන් පහතට

රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා නොතකමින් මුහුදු වෙරළට ගිය සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරෙන් පහත හෙළන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් අද (7) ප්‍රකාශ කළාය.

නවසීලන්තය ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ සීමා පැනවූ මුල් දින කිහිපයේදී එරට සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් එම නීති නොතකමින් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ මුහුදු වෙරළට ගොස් ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ පසුපෙළ දක්වා තනතුරින් පහත හෙළන බව කී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඔහු සමාජ දුරස්ථභාවයට අදාළ නීති කඩ කර ඇතැයි ද කීවාය.

‘‘මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි, වෙන වෙලාවක නම් මං ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් අස් කරනවා. ඔහු වැරැද්දක් කර තිබෙනවා. ඊට කිසිදු සමාවක් නැහැ’’ යැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වෙලින්ටන් නුවරදී ප්‍රකාශ කළාය.

‘‘මම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් මේ වෙලාවේ කොරෝනා වයිරසයට එරෙහිව කරන සියල්ල අවුල් වෙනවා’’ යැයි අග්‍රාමාත්‍යවරිය කීවාය.


ධුරයෙන් ඉවත් කිරීම වෙනුවට ඔහු කැබිනට් මණ්ඩලයේ පසුපෙළට යවන බවත් ඔහු සහායක මුදල් අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කීවාය.

‘‘මම වෙනදට වඩා යමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නවසීලන්තයත් වෙනදට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා’’ යැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.

‘‘මම මහ මෝඩයෙක්. මං දන්නවා ඇයි මට මිනිස්සු බනින්නේ කියලා. මං දන්නවා ඇයි මිනිස්සු මාත් එක්ක මෙච්චර තරහා කියලා’’ යැයි ඩේවිඩ් ක්ලාක් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රොයිටර්

055



අදහස් (6)

නීති කැඩූ නවසීලන්ත සෞඛ්‍ය ඇමති තනතුරෙන් පහතට

jayath Tuesday, 07 April 2020 09:18 AM

ඒ සෞඛ්‍ය ඇමති නම් දන්නවා -පිළි අරන් තියනවා තමන් මෝඩයෙක් කියලා නමුත් එහෙම නොදන්නා අයත් ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ.

:       0       226

හරේන් Tuesday, 07 April 2020 09:42 AM

දියුණු රටවල මිනිස්සු වැඩ කරන ලස්සන.

:       1       193

ලැවොයිසියර් Tuesday, 07 April 2020 09:43 AM

මෝඩකම පිළිගැනීම මෝඩකමක් කියලයි ලංකාවේ අපි සලකන්නේ.

:       0       116

Walter White Tuesday, 07 April 2020 12:40 PM

අපි අගේ කරනවා දියුණු රටවල මෙහෙම කියල, එත් අපිටත් උවමනාවක් තියෙනවා නම් අපි ඉන්නේ දුප්පත් රටක වුනත් වැදගත් රටක වැදගත් මිනිස්සු වගේ ඉන්න පුළුවන්, එකට ධනවත් වෙන්න, අධිමිල ෆෝන්, වාහන ඇඳුම් පැළඳුම් රූපය හෝ නිවාස උවමනා නැහැ. උවමනා අපේ අවංක කම, වැරද්දක් වුනොත් නිවැරදිකම් පෙන්වන්න ගොස් හත්පොලේ ගාගන්නේ නැතිව වැරැද්ද පිලි ගැනීම , කැලිකසල නිවැරදිව බැහැර කිරීම, කාන්තාවන්ට ගරු කිරීම, අන්‍යන්ගේ මත ඉවසීම.... ඕව මහා අමාරු දේවල් නෙවේ, අපේ මිනිස්සු ඔය රටකට ගියහම ඉබේම අමුතුවෙන් උගන්වන්නේ නැතිවත් හරි ලස්සනට ඉන්නවා (රටේ නම කන සත්තු නැතිවාම නෙවේ) ඉතින් ඇයි අපිට බැරි අපේ රටේ වැදගත් විදිහට ඉන්න.

:       0       0

Devinda Uduwara Tuesday, 07 April 2020 12:42 PM

මෙම තීරණය ශ‍්‍රී ලංකාවට වලංගු නොවෙ...

:       0       6

Devinda Uduwara Tuesday, 07 April 2020 12:45 PM

ඔහුට මෙහිදී උසස්වීමක් ලබාදී ඇත...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 874 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site