
ඊශ්‍රායලයට විරෝධය දක්වන සතුරු රටවලට පමණක් නොව, මිතුරු රටවලට ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු දොස් නැගුවේය. ඒ, 81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගොඩනැගිල්ලේය.
ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු ඊශ්‍රායලයේ හිතවත් රටවල්, පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගෙන ඇත. ඒ, ගාසා තීරයේ පලස්තීනුවන්ට ඊශ්‍රායලයෙන් එල්ල වන කෙණෙහිලිකම් හේතුවෙනි.
මෙය ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, නෙදන්යාහු ජගත් සමුළුව අමතමින්, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල නායකත්වය විවේචනය කළේය. ඊශ්‍රායලයේ පරම සතුරා ඉරානයයි. අග්‍රාමාත්‍ය නෙදන්යාහු, ඉරානයට දොස් නැගුවේ, ඉරාන ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස පවසමිනි.
මේ අතර, නිව්යෝර්ක් නගරාධිපති, මුස්ලිම් සම්භවයක් ඇති සොහ්රාන් මම්දානී, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහුට දිගින් දිගටම චෝදනා කර ඇත්තේ ඔහු යුද අපරාධකරුවකු බව පවසමිණි. ඇමෙරිකාවට පැමිණෙද්දී යුද අපරාධ චෝදනා එල්ල වී ඇති නෙදන්යාහු අත්අඩංගුවට ගැනීම කළ යුතුයි යැයි ද මම්දානී පවසා ඇත.
මහා මණ්ඩල සමුළුව අමතද්දී, නිව්යෝර්ක් නගරාධිපති මම්දානීද දැඩි ලෙස විවේචනය කිරීමට නෙදන්යාහු අමතක කළේ නැත. නෙදන්යාහු මෙසේ දිගින් දිගටම විවේචන කරද්දී, සමුළුව තුළ නොසන්සුන්තාවක් හටගත් බව ද පැවැසෙයි. රාජ්‍ය නියෝජිතයන් සහ රාජ්‍ය නායකයන් බොහෝ දෙනකු ඔවුන්ගේ අසුන්වලින් නැගිට සභාවෙන් පිටවී ගිය බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. ඇතැමුන් කෑ කෝ ගසමින් නෙදන්යාහුට විරෝධය පළ කරන්න වූ බව ද වාර්තා වේ.
ඊශ්‍රායල පාර්ලිමේන්තු මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වෙයි. ඊශ්‍රායල පාර්ලිමේන්තුව ‘නෙසට්’ සභාව ලෙස හැඳින්වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ ‘නෙසට්’ සභාවට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ඔක්තෝබරයේ පැවැත්වෙන මැතිවරණයට නෙදන්යාහු ද සහභාගී වෙයි. ඒ, දිගටම බලයේ සිටීමේ අපේක්ෂාවෙනි. එම මැතිවරණය ඉලක්ක කර ගනිමින්, යුදෙව්වන්ගේ සිත් දිනා ගැනීමේ අරමුණින්, නෙදන්යාහු සිය දේශනය පැවැත්වූ බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd