( ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන චීනයේ සිට ගුවන් යානයක් අද (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
අද දින රාත්‍රී 7.00 ට චීනයේ ෂැංහයි සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානය එසේ වෛද්‍ය ආධාර තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
COMMENTS
අල්ලලා ඉඹ ගත් එකේ ප්‍රතිපලද මේ..?
ආධාර සමඟම කොරෝනා වසංගතයෙන් යන එන මන් නැතුව ඉන්නා තුන්වන ලෝකයේ රටවල් වලට "චීන ආධිපත්‍යයත්" පැමිණෙන බවයි සමහරු කියන්නේ.
චීනයේ ඉපදී ලොව පුරා පැතිර ගිය මෙම මාරක වසංගතය තුරන් කිරීමට චීනයම ඉදිරිපත්වීම ලොකු දෙයක් නොවේද ? විශාල වශයෙන් කොවිඩ් 19 මරණ සිදුවන ඇමරිකාව, ප්‍රංශය, ජෙර්මනිය වැනි රටවල්වලටත් චීනය මේ විදියට ආධාර රැගත් ගුවන් යානා යවනවාද ? නැතිනම් ශ්‍රී ලංකාව වැනි දුප්පත් අසරණ රටවලට පමණක්ද මෙවැනි චීන යානා ගොඩ බස්සන්නේ ? කොහොම උනත් චීනය අපේ රටට විශාල වශයෙන් ණය දෙන අති ජාත මිත්‍ර රටක් බවත් අමතක කල යුතු නැහැ...
ආධාර නැත්නම් බඩුම තමයි. මුලු ලොකේ අනිත් රටවල්වලට පමණක් නොව ඒවායේ සිටින ලාංකිකයන්ට ද ගරහා, ගරහා කරන කයිය බැලුවම හිතෙන්නේ ලංකාවේ පිළිකන්නේ පී.සී.ආර් කට්ටල හදනවාවත්ද කියලා ...
හොද වැඩක්. තම කොළනියේ අයවත් රැකගන්න එපාය.
මේක තමයි අපිට අනාගතයේ උරුම වෙන්නේ. තවත් ආහාර නැවක් එනකම්, තවත් බෙහෙත් ගුවන්යානයක් එනකම්, හිඟන්නෝ වගේ බලාගෙන ඉන්න.
පවුල් පාලනේ අය අපේ රට චීනගේ යටත් විජිතයක් කරලා තියෙන්නේ.... ඒ නිසා වැඩි වැඩියෙන් ආධාර කරන්න වෙනවා?
ආධාර ලැබුන කියල පසුතැවෙන්න හෝ කොන්ද නමන්න එපා... අපි අපේ නිෂ්පාදන ගොඩ නගන්න ක්‍රියා කරමු .