IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ගවමස් බෙදා හැරි අයෙක්ට ලක්ෂයක ශරීර ඇප

(චමිල් රූපසිංහ)
 
ගවයෙකු මරා නිවෙස් වලට  මස් බෙදා හැරි පුද්ගලයෙකු ගලගෙදර පරිපාලන මහජන සෞක්‍ය පරික්ෂක  හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන අද අධිකරණට ඉදිරිපත් කළේය.
 
ඔහු ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර නැවත ජුනි මස 12 වැනිදා  අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් නදිකා පියරත්න මහත්මිය නියෝග කළාය
 
 
නිවසේ ගවයෙකු මරා අලෙවි කරනු ලබන බව ගලගෙදර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට  ජනතාවගෙන් ලද තොරතුරක් මත ගලගෙදර මඩිගේ පදිංචි මෙම සැකකරු ගේ නිවස මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින්  පරික්ෂා කර ගලගෙදර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට මරා දමනු ලැබ සිටි ගවයා හමුවි ඇති අතර මේ සම්බන්දව මෙම  සැකකරුගෙන් විමසු අවස්ථාවේදි ඔහු විසින් පවසා ඇත්තේ දානයක් සදහා මෙම ගවයා මරා මස් නිවෙස් වෙත බෙදා හැරි බවය.
 
 
 
     
බලපත්‍ර හා නිසි අවසරයෙකින් තොරව මනිස් පරිභෝජනය සදහා නුසුදුසු ගවමස් නිෂ්පාදනය හා බෙදා හැරිම යටතේ මෙම සැකකරු අත් අඩංගුවට ගැනිම සදහා ගලගෙදර පොලිසිය හා ගලගෙදර ප්‍රාදේශිය සභාවේ සහයෝගයද ලැබුණු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසුහ.
 



අදහස් (6)

ගවමස් බෙදා හැරි අයෙක්ට ලක්ෂයක ශරීර ඇප

jagath Monday, 30 March 2020 11:49 AM

ඔකද නිතිය..?

:       0       0

Champa Monday, 30 March 2020 11:57 AM

දානයකට ගවයෙක් මැරුව? කොහොමද බොරුව. හාමුදුරුවරු ගවමස් කන්නෙත් නැහැ. දාන වලට ගවමස් දෙන්නෙත් නැහැ. අහිංසක සතෙක් මරලා හරි මුදල් හම්බ කරන්න අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මෙවන් කාලකන්නිත් ඉන්නවා.

:       0       0

kamal Monday, 30 March 2020 12:04 PM

අපේ සිංහල බෞද්ධයෙක් නෙමෙයි නේද?

:       0       0

lanka Monday, 30 March 2020 12:08 PM

ඔය පාරවල් ගානේ සහ සියලුම මස් කඩ වල එල්ලලා තියෙන්නේ හරිනම් මිනිස් පරිබෝජනයට නුසුදුසු මස් තමයි . මොන ක්‍රමේටද දන්නේ නැහැ පී එච් අයි මහත්තුරු මේවා මිනිස් පරිබෝජනයට සුදුසුයි කියල තීරණය කරන්නේ

:       0       0

Prabha Monday, 30 March 2020 01:12 PM

ඇප පිට නිදහස්... එහෙමත් සත්තු මරන්න පුළුවන්ද හිතුමතේට?

:       0       0

lalithm Monday, 30 March 2020 02:02 PM

මිත්‍යාවට තවදුරත් රජකරන්න නීතියෙන් ඉඩ දීම හොඳ නැහැ. මෙවැන්නන් සමාජයේ පිළිකුලට භාජනය කරවිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31136 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site