IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ගුවන් යානා පැමිණිම සති දෙකකට නතර කරයි

( නාලක සංජිව දහනායක)

අද (17) සිට  ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක්  කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගුවන් යානා පැමිණිම නතර කිරීමට කටයුතු  යොදා තිබේ.

 එම තීරණය හෙට ( 18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංන්වේ.

 සාමාන්‍ය ජන ජීවිත අඩාල නොවන අයුරින්  ආර්ථික හා වෙළඳ කටයුතු මෙන්ම සෙසු අතවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද ජනාධිපතිවරයා  ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීනට දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ  ප්‍රධානත්වයෙන්  කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අද (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ  සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන තිබේ. 

මෙම ප්‍රශ්නය ජය ගැනීම සඳහා අවශ්‍ය සියලු දේ කළ යුතු වූවත් රට අකර්මන්‍ය වීමට ඉඩ  දිය නොහැකි යැයිද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට තමන්   සූදානම් බව කී ජනාධිපතිවරයා  ඒවා ක්‍රියාත්මක කිරීමට   සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය වන බවද පෙන්වා දුන්නේය.

 

 

 



අදහස් (30)

ගුවන් යානා පැමිණිම සති දෙකකට නතර කරයි

dineth Tuesday, 17 March 2020 08:45 AM

මේක මෝඩ වැඩක්.. වහන්නේ නැතිව සීමාකිරීම අවශ්‍යයි.. කිසිම සැලැස්මක් නැතිවුණාම ඔහොම කලබලේ වැඩකරනවා...

:       0       0

prasanna wimal Tuesday, 17 March 2020 08:49 AM

හතර වටේට වනනවා කලුවරේ

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 17 March 2020 08:52 AM

ඉතාලියට පැමිණ සිටින චීන වෛද්‍යවරුන් පවසන්නේ පාවහන් අඩියෙන් කොරෝනා විෂබීජය ගෙය තුලට පැමිණ පැය දහයක කාලයක් පමණ තිබිය හැකි බවයි. මේ ගැන සැලකිලිමත් වන්න.

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 17 March 2020 08:54 AM

සිරිසේන මහත්තයා 2015 ජනාධිපතිවරණයට පෙර දුන් ඡන්ද පොරොන්දුවක් ඉටුකරගෙන 2020 මහා මැතිවරණයට ඉදිරිපත්වෙන්න තිබෙන ස්වර්ණමය අවස්ථාවක් ! "මම ජනපති උනොත් එයාපෝට් එක වහලා, සියලු හොරුන් වංචාකාරයන්, කුඩුකාරයන් රටින් පිටවීම වලක්වා, උන් රංචු පිටින් අල්ලා දඬුවම්දී කූඩු කරනවා" කියා එයා කියපු හැටි අපට තවම මතක ඇත... දැන් එක කරන්න මහගු අවස්ථාවක් කරගන්න.

:       0       0

Ruwan Tuesday, 17 March 2020 08:55 AM

ඉතා හොඳ තීරණයක්.

:       0       0

Warnakulasuriya Tuesday, 17 March 2020 08:58 AM

මේ මොහොතේ දඹදිව යාමත්, මැතිවරණය පැවැත්වීමත් එක හා සමාන ලෙස සැළකිය හැකියි. ගුවන්තොටුපොල වැසීමේ ප්‍රමාදය අද විඳවන්නට සිදුවි ඇති තත්ත්වයට හේතු වී ඇත.

:       0       0

ආන්ජලෝ(රොමය) Tuesday, 17 March 2020 09:02 AM

හොද පියවරක්.දැන් පුලුවන් රට ඇතුලේ ඉන්න කට්ටියව සොයාගෙන ඉදිරියට කටයුතු කරන්න ප්‍රධාන දේ ජනතාව දැනුවත්විමයි. සංවර්ධිත රටක් යයි කියන මේ ඉතාලිය ඇතුලු යුරෝපයම කරකියාගන්න බැරිව ඉන්නේ. ප්‍රමාදවීමයි ප්‍රධාන හේතුව.

:       0       0

නයන වික්‍රමසිංහ Tuesday, 17 March 2020 09:07 AM

අශ්වයා ගිය පසු ඉස්ථාලය වහලා වැඩක් නැහැ කියන්නේ මේකයී. ඒත් පහුවෙලා හරි මේ තීරණය ගත් එක ගැන ස්තුති වන්ත වෙමු..

:       0       0

sl Tuesday, 17 March 2020 09:10 AM

මේවා ලේසි පහසු තීරණ නොවේ ,රටේ ආර්ථියක, ආරක්ෂාව ,සෞඛ්‍ය ගැන හිතලම ගන්න අමාරු තීරන . සහය දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ජනතාවට නැත !

:       0       10

Ruwan Tuesday, 17 March 2020 09:13 AM

පහුවෙලා හරි නිවැරදි තීන්දුවක් ගැනීම වැදගත්.

:       0       0

Suan Tuesday, 17 March 2020 09:22 AM

ඔව් මේ වගේ දැඩි තීන්දු ගන්න වුවමනායි.

:       0       0

amila Tuesday, 17 March 2020 09:24 AM

නියමයිනේ හොඳ වැඩක්. අපගේ උපහාරය ගෝඨාභය ජනාධිපතිතුමනි.

:       0       0

dewa Tuesday, 17 March 2020 09:25 AM

රට වෙනුවෙන්ගත් හොඳ තීරණයක්...

:       0       0

Vajira Tuesday, 17 March 2020 09:26 AM

උදේ වහන්නේ නෑ කියලා දවල් වෙනකොට හදිසියේ වහපු එක වැරදියි. අඩු තරමින් පැය 24 කට කලින් දැනුම් දිය යුතුව තිබුණා. ගොඩක් රටවල් පිටරට ගොස් සිටි තමන්ගේ රටවැසියන්ට ආපසු පැමිණීමට කාලයක් ලබාදුන්නා... හදිසි අවශ්‍යතා සඳහා විදේශගත වී සිටින මිනිසුන් කරකියා ගන්න දෙයක් නැතුව අතරමන් වෙනවා. කිසිම සැලසුමක් නැහැ...

:       4       0

kamal Tuesday, 17 March 2020 09:29 AM

අස්සයා පැන්නාට පස්සේ...

:       0       0

de silva Tuesday, 17 March 2020 09:36 AM

දැනට ලංකාවේ රැදී සිටින විදේශ ගත වෙන්න බලාපොරොත්තු වන විදේශිකයන්ට විදේශ ගත වෙන්න බැරිද ? කරුණාකර පැහැදිලි තොරතුරක් ලබාදෙන්න ?

:       0       0

ලියා Tuesday, 17 March 2020 09:40 AM

තීරණය ගත්තා පරක්කු වැඩියි . ඕක කරන්න තිබ්බෙ අර වූහා වල ඉඳල ළමයි ආපු දවසේ . දැන් රෝගය පැතිරීලා ඉවරයි .

:       0       0

Mahesh Boossa Tuesday, 17 March 2020 09:41 AM

හොඳ තීරණයක් ජනාධිපතිතුමනි.

:       0       0

dilan Tuesday, 17 March 2020 09:47 AM

අපි ඔබතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. තිස් අවුරුදු යුද්ධකින් රටම ගලවාගත් ඔබතුමාට මේ වසංගතයෙනුත් අපිව ගලවාගැනීමට නොහැකිවන කිසිදු හේතුවක් නැහැ. ඔබතුමාට තෙරුවන් සරණයි.

:       0       0

සෙන්දේ Tuesday, 17 March 2020 10:02 AM

අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න අන්තිම ඇමති පුතා එනකන්ම හිටියා නේද...

:       0       0

Tissa Tuesday, 17 March 2020 10:11 AM

හරියට හරි. මේව තමයි කල යුත්තේ.

:       0       0

Raveendra Tuesday, 17 March 2020 10:44 AM

ප්‍රමාදවී හෝ ගත් තීරණය අප අගයන්නෙමු.

:       0       0

ලුම්බිණි Tuesday, 17 March 2020 10:50 AM

අනේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක..

:       0       0

siri Tuesday, 17 March 2020 11:26 AM

මෙවැනි අවදානම් තත්වයක් තිබියදී කොහොමද ඡන්දයක් තියන්නේ..?

:       0       0

saman Tuesday, 17 March 2020 11:32 AM

පොඩ්ඩක් නිව්ස් එක හරිද බලලා කියනවද?. ශ්‍රීලන්කන් එයාර්ලයින් එකේ හැටියට එයාර්පෝර්ට් එක වහන්නේ 18 රාත්‍රී 12 සිට...

:       0       0

තිත්ත ඇත්ත Tuesday, 17 March 2020 11:32 AM

අවසානයට.. එංගලන්තයේ සිට ලංකාවට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් පැමිණියේ ශ්‍රී ලංකාවේ සිටින හොරු රැලකගේ මෝඩ දරුවන්, නෑදෑයන් සහ පල් හොර මිතුරන් රැසකි. ඔවුන් දැන් සිටින්නේ දියතලාවේ "බංගලා"කිහිපයකි. ඒ වගේමයි... ඔවුන්හට මෙරටට පැමිණීමට ඉඩ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් අවලංගු කල ගුවන් ටිකට් පත් හිමියන් ගුවන් සේවයට විරුද්ධව එංගලන්තයේදී නඩුපැවරීමට යයි. පවුම් මිලියන ගණනක් දඩමුදල් ලෙස ගෙවීමට සිදුවණු නොඅනුමානයි..

:       0       41

Aris Tuesday, 17 March 2020 12:46 PM

ගුවන් යානා පැමිණීම පමණක් නතර කලාට මදි. අපේ සියලුම ගුවන් සේවක සේවිකාවෝ මෙදින සිට දින 14 ක් නිරෝධායනය සදහා ලක් කිරීම වඩාත් සුදුසුවේ.

:       0       0

asanak Tuesday, 17 March 2020 01:42 PM

පිටත්වීමේ පරියන්තය විවෘත කර තිබේද ?

:       0       0

sanjeeva Tuesday, 17 March 2020 02:54 PM

මේකේ දිනය සහ වෙලාව 19 වෙනිදා උදැසන 4 වෙනකල් දිගුකරා නේද

:       0       0

anil Wednesday, 18 March 2020 01:02 AM

අපේ ජනපති අනිවාර්යෙන් මේ රටේ ප්‍රශ්න වලට හොඳ විසඳුම් ලබා දෙනවා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 238 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 737 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site