(නිමන්ති රණසිංහ)
කොරෝනා වසංගතය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවන්නැයි අග‍්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරිම තුළින් ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සදහා මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරිමට වහාම පියවර ගත යුතුව ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.
මහා පරිමාණ කෘෂි කර්ම වැඩපිළිවෙල ආරම්භ කිරිම සේම ගෙවතු වගාව පිළිබදව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරිම සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට ද අග‍්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට ද උපදෙස් ලබා දී තිබේ.
ගෙවතු වගාව දිරිමත් කිරීම සදහා ප‍්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ සදහා වන උපදෙස් ප‍්‍රාදේශීය කෘෂි නිලධාරින් හරහා ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.
කොරෝනා වයිරසය හමුවේ නිවසේ ගත කරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණ දිම වෙනුවෙන් ගෙවතු වගාවට යොමු වෙමින් ප‍්‍රයෝජනවත් ලෙස ගත කරන්න ලෙසත්, මෙම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සියලූ ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
හොඳ ආදර්ශය....ඉතින් ඔබටත් පුළුවන්නේ ඔබගේ ගෙදර වවන්න පටන් ගන්න. ආ...මට අමතක වුනා. ඔබට සල්ලි තියෙනවානේ. අපේ රටේ ජනතාවගෙන් හොරාකාපු සල්ලි. හැබැයි ලොක්කෝ... ඔබට ගෙවන්න සිදුවෙනවා....සොභාදහම් මෑණියන්ගේ ීතිය එයයි.
ඒක හොඳ වැඩක්.......
බොන්නවත් ජලය ගැනීමට ලිඳ හිඳී ඇති අපි වගා කරන්නේ මොනවා දාලාද මහත්තයෝ?
වවන්නෝ දිනන්නෝය.
නිවැරදියි. එකඟයි. එහෙත් වැස්ස වලාහක දෙවියනි- අප දෙසත් බලනු මැන. කියල යදින්න වෙලා. වතුර නැතිව පොල් ගසුත් මැරෙනවා. අපේ රටට වැහි දෙවියෝ බලන්නේ නැතුවද?
දැන් නම මේ ආණ්ඩුව කරපු හරිය හොඳටම ඇති. අද වවල හෙට කන්නද? වවපු ඒවගේ අස්වැන්න එනකොට කොරෝනා ඉවර වෙලා තියෙයි. අගමැති කෙනෙක් හැටියට ටිකක් වගකීමෙන් කතා කරන්න ඕන නේද ? ඇඳිරි නිතිය දාන එක වැරද්දක් නැහැ, හැබැයි ඒ එක්කම සැලැස්මක් ඕන. කිසිම සැලැස්මක් නැහැ මිනිස්සුන්ට ගෙවල් වල ඉඳන්ම අත්‍යවශ්‍ය බඩු, බෙහෙත් කොහොමද සපයා ගන්නේ කියල. කියපු ටෙලිෆෝන් නොම්බර එකක්වත් වැඩ නැහැ. අඩුම තරමින් හදිස්සියක් උනොත් 119 ත් වැඩ නැහැ. තනිකරම රගපෑමක් වගේ. බැරි නම් ආමි එකට හරි, සිවිල් ආරක්ෂක එකට හරි දෙන්න කරන්න.
අගමැතිතුමා, ඔබේ ජනාධිපතිවරයා සහ ඔබේ ආණ්ඩුව කොරෝනා ව්‍යාප්තිය අඩු කිරීම සඳහා ඇඳිරි නීතිය දාගෙන කරන මේ වැඩේ හරිම අවිධිමත්. උදාහරනයක් විදිහට ඇඳිරි නීතිය ගලවන වෙලාව හැම තිස්සෙම වෙනස් කරනවා. මිනිස්සුන්ට වෙන දෙයක් ගැන හිතන්න විදිහක් නැහැ වෙලාව බල බල ඉන්නවා මිසක්. හරියට නිශ්චිත වෙලාවක් දා ගන්න බැරි මොකොද? ඇඳිරි නීතිය සහ ආහාර බෙදා හැරීම ගැන බැලුවොත්, මුළු ලංකාවටම ඇඳිරි නීතිය දාගෙන බස්නාහිර පළාතට විතරක්, එයිනුත් එක කොටසකට විතරක් භාණ්ඩ බෙදනවා. හැබැයි අනිත් හැම පළාත්වලටත් ඇඳිරි නීතිය. එතකොට ඒ පැතිවල මිනිස්සුන්ට ආහාර අවශ්‍ය නැත්ද? අනික ගොඩක් මිනිස්සු අතේ සල්ලිත් නැහැ. ඊළඟට මේ මාසේ ඇඳිරි නීතිය දැම්මට පස්සේ කිව්වා ආහාර තව මාස 4-5කට ඇතිවෙන්න තියෙනව කියල. දැන් බලන්න රට සාමාන්‍ය තත්වයේ නම් ඔය කතාව අදාලයි. නමුත් ඇඳිරි නීතිය රටටම දාල, කවද ගලවනවද දන්නේ නැති වෙලාවක මේ ආහාර ප්‍රමාණය මාස 2-21/2 කින් ඉවර වෙන්න පුළුවන්. ඒ මොකොද කිව්වා නම් වෙනද නොකලත් ඇති නැති හැමෝම දැන් වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් මිලට ගන්නවා. තව, ගෙදර නිකම් ඉන්න කොට ආහාර පරිභෝජනය වැඩියි. වියත්තුන්ට ඕව තේරෙන්නේ නැහැ. මේගැන අනාගත සැලැස්ම මොකක්ද?
අගමැතිතුමා, ඔබතුමා පක්ෂ නායකයන් කැඳවා ඔවුන්ගේත් අදහස් අරගෙන විධිමත් සහ විනිවිද පෙනෙන කොරෝනා හා සම්බන්ධ සෞඛ්‍යය, ආහාර සංයුතිය පවත්වාගෙන යාම, බෙදා හැරීම හා ඒ ආශ්‍රිත කර්මාන්ත සහ ව්‍යාපාර පවත්වාගෙනයාම, අනිකුත් මහජන සේවා සැපයීම සහ කොරෝා වෛරසය පවතින සහ පසු කාලයටත් අදාළ වෙන විදහට ජනතා සුබසාධන යාන්ත්‍රණයක් සකසන්න පටන් ගත්ත වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න. වියත්තු සහ ධනවත්තු ඉන්නේ 10%යි. අනිත් 90%ම සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සු ගැන බලන්න බිම් මට්ටමට ගැලපෙන යාන්ත්‍රණයක් හදන්න. ඔන්ලයිනුයි, ඩිලිවරියි, පික්මීයි දන්නේ නැති මිනිස්සු මොන තරම් රටේ ඉන්නවද? ලංකාවේ රැකියා කරන වයසේ ඉන්න මිනිස්සුන්ගෙන් මිලියන් 8.6ක්ම ජීවත් වෙන්නේ ස්ථිර ආදායමක් නැතුව එදා හම්බ වෙන මුදලින්. අගමැතිතුමා, මේ මිනිස්සුන්ගෙන් බහුතරය ඔබේ මිනිස්සු. වියත්තුන්ගේ යාන්ත්‍රණය ඔවුන්ට සංකීර්ණ වැඩියි. ඒ බිම් මට්ටමේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් අරලියගහ මන්දිරේ පටන් ගත්ත රැස්වීම දිගටම කරගෙන ගිහින් සාමාන්‍ය ජනතාවට කිට්ටු ඒ මිනිස්සුන්ට තේරෙන විදිහේ සරල යාන්ත්‍රණයක් හදන්න.
වියත්මගේ හිටපු පුස්සෝ ටික දැන් කොහෙද? කොහොමත් හමුදාව කරන දේ හොඳටම ඇති. ආහාර, බෙහෙත් බෙදීමත් ඒ ගොල්ලන්ටම දීල ලෙඩුන් සහ ඒ සම්බන්ධ තීරණ ගැනීම රෝහල් කාර්ය මණ්ඩලයට දීලා වියතුන් පැත්තකට පන්නලා රජය සහ පොලිසිය නොහික්මුණ මිනිසුන් පාලනය සඳහා තීරණ දුන්නනම් රට ගොඩ යයි..
අර පහුගිය කාලේ ක්‍රෝටන් කොල කන්න කිව්ව කියලා තප්පුලාගෙන මැරෙන්න හදපු අය දැන් ජනාධිපතිතුමා ,අගමැතිතුමා කිව්වා කිව්වොත් පිදුරු තණකොළ විතරක් නෙමෙයි. පස් උනත් කයි දේශීය දේශප්‍රේමී කෑම ජාති කියලා...
දැන් ලේලිලා තුන්දෙනෙක් ඉන්න නිසා කියන්න රටේ දේපල බුක්ති විදින්නේ නැතිව නිකන් ඉන්න පුත්තු එක්ක කුඹුරට අරින්න. මාමලා හොරෙන් ගත්තු ඉඩම් එහෙම තියෙනවනේ. ඒවලත් වවන්න කියන්න. මෙපමණ කාලයක් කට්ටියම කෑවේ ජනතාව මහන්සියෙන් හම්බ කරපුදේ. දැන් නුඹලගේ වාරේ වගා කරලා මිනිසුන්ට කන්න දෙන එක.
මහින්ද මහත්තයෝ, ඔබගේ යෝජනාව හොදයි. නමුත් මේ රටේ ීදෙනෙකුට ප්‍රයෝගිකව මේක කරන්න පුලුවන්ද ? ජලය හිග නිසා ලබන කන්නයේ බොහෝ වී ගොවියන්ට තමන්ගේ කුඹුරෙන් භාගයක් කරන්න පමණයි ජලය නිකුත් කරන්නේ කියා දැනටමත් මහවැලි අධිකාරියෙන් දැනුම් දීලයි තියෙන්නේ.
වතුර තියෙන අයටයි නැති අයටයි කියල නිවේදන නිකුත් කරන්න බැහැ. පුළුවන් අය කරන්න. කලින් ඩබල හිටියනම් අද රට අපායක්. මේක රටට අලුත් අත්දැකීමක්. පිරිමහගෙන ඉවසීමෙන් වැඩ නොකළොත් කාටත් වරදියි.
කියන්ඩ නම් මොකද බැරි. කරන්ඩ ගියාම තමා අමාරුව දැනෙන්නේ ?
හා හා බොහොම හොඳයි. අපි අද හිටවන්නම්.
හදිස්සියේ ගෙවතුවගාවක් කරන්න අවශ්‍ය වන බිජ , උදලු , මුල්ලු , පොහොර වැනි දේවල් සපයන්නේ සුපර් මාර්කට් එකෙන්ද ? කඩවල් ඔක්කොම වහලා. මම දන්නවා කෘෂිකර්මේ උසස් නිලධාරියෝ ගෙවතුවගාව ප්‍රචලිත කරන ව්‍යාපෘති හදා සැලසුම් කරලා ලීෆ්ලට් හදලා තිබෙන්නේ නමුත් කෘෂිකර්ම නිලධාරීන් කියලාා. ඔබතුමාලා පසුගිය අවරුදු 10-15 ඇතුළත පත්කරගනිපු ඔබතුමාලගේ දේශපාලන ඇම්බැට්ටයෝ කරපු දෙයක් නැහැ. කරලා තිබෙන්නේ නිකන් කාලේ කමින් පින් පඩි ගනිපු එක. ඔවුන් විධායක නිලධාරීන් සැලසුම් කරලා තිබුන විදියට වැඩ කරලා තිබුනානම් මෙහෙම වෙන්නේ නැහැ. ඔය ගෙවතුවගාවක් කරන කෙනෙකුට හොඳ තත්වයේ පොල් පැළ 10-15 ක් ගන්න ගියොත් ඒවා ගොවිජන සේවා එකේ නැහැ.
බීජ ඇට ගන්න ක්‍රමයක් හදන්න.
ගෙවතු වගාව හොඳ වැඩක්. නමුත් මෙවැනි දේ මතක් වෙන්නෙ රට අර්බුදයට ගියාම. මතකද 1973/74 ලෝක ආහාර අර්බුදය. ඒ කාලෙ හැමතැනම වගා කළා. පසුව වෙළඳපල සදහා නිෂ්පාදන ඉහළ යාමෙන් ගෙවතු වගාව අඩපණ වුනා.
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට වසරකට ප්‍රකෝටි ගණනක් වියදම් කළත් ගොවියාට අවශ්‍ය බිජ ටික , පොල් පැළයක් ගොවිජන සේවා මධ්‍යස්ථානයක් හරහා මිලදී ගැනීමට නැහැ. ඔය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලංකාව තුළ ගොවීන්ට අවශ්‍ය බිජ ටිකවත් නිපදවාගන්න බැහැ. දැනට අවරුදු 10-20 පටන් බිජ ගෙන්වන්නේ පිටරටින්. බහුජාතික සමාගම් අපේ පාරම්පරික බීජ ලංාවෙන් තුරන් වෙලා යන්න කටයුතු සලස්වා . මේවා සිදුවුනේ යහපාලන කාලයට බොහෝ කලකට පෙර සිට. සමහරවිට ඔබතුමා දන්නේ නැතුව ඇති ඔය බිජ ජාවාරමට බහුජාතික සමාගම් වල ලංකාවේ නියෝජිතයෝ ලෙස කටයුතු කළේ ඔබතුමාගේ පවුලේ සාමාජිකයන් සමග ලගින්ම සිටි දේශපාලන සම්බන්ධකම් තිබුන ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකු ,විදේශ වලින් මහා පරිමාණයෙන් බීජ ගෙන්වීමට කටයුතු කළේ ඔවුන්.
හදපු දේවල් ටික වත් සත්තුන්ගෙන් රැකගන්න අමාරුයි.... ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.
ඔය තියෙන්නේ,,,,,චීන්නුත් කරේ වවපු එක තමයි,,,, ඉතාලියේ මිනිස්සුන්ට උදලු නැතිව බලන් ඉන්නවා වවන්න. අපි වවන්න ගත්තේ 48 ඉදලා, කට්ටියක් වවනවා, කට්ටියක් වොක්ස්වැගන් කාර් කොම්පැනීයි, ඉස්පිරිතාල හදනවා, අපිට හතේ හත වැදිලා, මෙහෙම ගියොත් අපිට නිවන් සුවයම තමයි !!!