(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය හා විදේශීය පුද්ගලයින් 750ක ප්‍රමාණයක් අද(22) වන විට කළුතර දිස්ත්‍රික්කයේ තෝරාගත් ස්ථාන කිහිපයක නිරෝධායනයට ලක්කර ඇති බව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ උදය රත්නායක මහතා පවසයි.
එසේ නිරෝධායනයට ලක්කර ඇති පිරිස අතරින් 175 දෙනෙකු බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාශයේ පදිංචිකරුවන් බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂවරයා පවසා සිටී.
එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිතයින් 4ක් මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත්, ඉන් දෙදෙනෙක්ම බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් බවත් උදය රත්නායක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd