නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 195,000 ඉක්මවා ගොස් ඇත.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ආසන්න වශයෙන් ලොවපුරා 195,919 කු මියගොස් ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති.
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට මිලියන 2.7 ඉක්මවා ගොස් ඇත .
ඒ අනුව ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 2,790,986ක් ලෙස දැක්විණි . කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන ද 669,226 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
විවිධ රටවල කොරෝනා හෙවත කොවිඩ්-19 පරීක්ෂණ මෙන්ම රෝහල් වාර්තා යනාදිය නිසි පරිදි වාර්තා නොවන බැවින් මෙම සංඛ්‍යා මීට වඩා වැඩි විය හැකි යැයිද පර්යේෂකයෝ පෙන්වාදෙති.
'ද ගාඩියන්'
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd