IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


කොරෝනා වසංගතය දේශපාලනීකරණය නොකරන්න

ලෝක සෞඛ්‍ය සංවිධානය කිසිම රටකට විශේෂත්වයක් නොදක්වන බවත් සෑම රටකටම එක හා සමාන සමීපත්වයකින් කටයුතු කරන බවත් එහි ප්‍රධානී ට්‍රෙඩොස් අද්නාම් ග්‍රෙබෙයිසස් පවසයි.

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ලොව සියලු රටවල් එක්සත්ව කටයුතු කළ යුතු බවත් වසංගතය දේශපාලනීකරණය නොකරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානය විවේචනය කරමින් සිදුකළ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් ග්‍රෙබෙයිසස් මහතා එසේ පැවසීය. 
"කරුණාකර ජාතික මට්ටමෙන් එක්සත් වන්න. දේශපාලනීකරණය නොවන්න. දෙවනුව ගෝලීය මට්ටමෙන් අවංකව සහයෝගිතාවය පවත්වන්න. ඇමරිකාවේ සහ චීනයේ සෘජු නායකත්වය මේ අවස්ථාවේ අවශ්‍යයි. වඩාත් බලවත් ජාතීන් මග පෙන්විය යුතු අතර කරුණාකර කොවිඩ් දේශපාලනය නිරෝධායනය කරන්න." යැයි ග්‍රෙබෙයිසස් මහතා ආයාචනා කළේය.

ජනපති ට්‍රම්ප් පවසා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය කෙරෙහි ඉතා පක්ෂග්‍රාහීව කටයුතු කළ බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට වෙන් කළ මුදල් අත්හිටුවන බවද ඇමරිකානු ජනපතිවරයා පැවසීය.

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාල ලෙස අරමුදල් සපයන රටවල් අතරින් එකකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව එහි සමස්ථ අයවැයට ඇමරිකාව 15%ක දායකත්වයක් ලබා දේ.

මේ සම්බන්දව අදහස් දක්වමින් ග්‍රෙබයිසස් මහතා පවසා සිටියේ ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට දිගටම අරමුදල් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බවයි. 

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (3)

කොරෝනා වසංගතය දේශපාලනීකරණය නොකරන්න

Mahesh Thursday, 09 April 2020 05:02 PM

මේ පුද්ගලයාගේ නොහැකියාව තමයි. වෙලාවට තීරණ ගත්තා නම් මේ ප්‍රශ්නය මෙතරම් උඩුදුවන්නේ නැත. ඉතියෝපියාවේ හිටපු සෞඛ්‍ය ඇමතිකෙනෙක් වෙන සභාපතිවරයා ඉල්ලා අස්විය යුතුය. වැඩක් කරන්න පුලුවන් හරි හමන් පුද්ගලයෙක් පත්කරගන්න.

:       72       277

නන්නාදුනන හාදයා Friday, 10 April 2020 07:54 AM

මෙතුමා මේ ජනවාරි මාසයේදී ප්‍රසිද්ධියේම ඇමෙරිකාවට මේ බව අනතුරු හැඟවුවා. එවිට ට්‍රම්ප් කිවේ අපි ඕවාට බය නැහැ.... මගේ උප ජනාධිපති මයික් පෙන්ස් ඒවා බලාගනිවී කියලා. මේ බව ලෝකයේ සියලුම ජනමාධ්‍ය දන්නවා. නොදැන කතා කරන්න එපා. මෙයාගේ නොව ට්‍රම්ප්ගේ උද්දච්චකම නිසයි ඇමෙරිකාව විනාශවුනේ. ඉදිරියේදී ට්‍රම්ප්ට පිස්සු හැදෙන්නත් බැරි නැහැ...

:       0       96

anura Thursday, 09 April 2020 05:43 PM

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා, ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන චෝදනා වල සත්‍යතාවයක් තිබේ. මෙම වසංගතය චීනයේ තදින් පැතිර පවතින විට මෙය ලෝක වසංගත තත්වයකට පැමිණේ යයි පැවැසීමට ඔව්න් කල් මරමින් සිටියා. මුලදී අඩුම ගණනේ ඔලිම්පික් තරඟ නියමිත කළ පැවැත් වීම නුසුදුසු බවවත් ඔවුන් ප්‍රකාශ කළේ නැහැ. ඔවුන් කළේ නිකම් එක එක වර්ගයේ ප්‍රකාශ නිකුත් කරමින් සිටීම පමණි. ඔව්න්ට ගෝලීය වශයෙන් ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳ මග පෙන්වීමක් වත් කරන්න තිබුනා. අපි සිතන්නේ ඔව්න් සමග මෙවැනි කරුණු සම්බන්ධ විශේෂඥයන් සිටී යන්නය. දැන් පෙනෙන්නේ ඔවුන් ඉතා දුර්වල පිරිසක් යන්නයි.

:       411       576

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 31 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 145 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site