ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සඳහටම ලොවෙන් තුරන් නොවන බවත් ලෝකවාසීන් වයිරසය සමඟ ජීවත් වීමට හුරුපුරුදු විය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය එම අනතුරු ඇඟවීම කළේ නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 300,000කට ළඟා වෙමින් තිබෙන මොහොතකය.
‘‘නව කොරෝනා වයිරසයත් අනෙක් වයිරස වගේම අප අතර තියේවි. ඒ නිසි අපි නව කොරෝනා වයිරසය සමඟ ජීවත් වීමට පුරුදු වෙන්න ඕනෑ’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවැසීය.
ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඊයේ (13) පස්වරුවේ ඒ බව සඳහන් කළේය.

‘‘එච්.අයි.වී. වයිරසය අපෙන් පහව ගිහින් නැහැ. එහෙත් අපි එයත් සමඟ ජීවත් වෙන්න පුරුදු වී සිටිනවා’’ යැයි ඔහු කීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ ජිනිවා අගනුවරය.
‘කොවිඩ්-19’ වයිරසය පාලනය කිරීමට අප සැමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේවි. වයිරසයට එන්නතක් හෝ ඔසුවක් හෝ නිර්මාණය කිරීම මේ වනවිට ලහිලහියේ සිදුවෙනවා.
එසේ වුවත් වයිරසය සඳහටම ලොවෙන් තුරන් වෙන්නේ නැහැ. ඒඩ්ස් රෝගය ඇති කරන එච්.අයි.වී. වයිරසය මෙන් සමාජගතව ‘කොවිඩ්-19’ පවතිනු ඇත. එපමණක් නොව, එය කලින් කලට යළි වසංගත තත්ත්වයක් තෙක් දුරදිග යෑමටත් පුළුවන්. වයිරසයෙන් ආරක්ෂාවීමට නම් අප හොඳ සෞඛ්‍ය පුරුදු පිළිපඳින්න ඕනෑ. පිරිසුදුව ඉන්න ඕනෑ’ යැයි වෛද්‍ය මයික් රයන් වැඩිදුරටත් පැහැදිලි කළේය.
මේ වනවිට ‘කොවිඩ්-19’ වයිරසය මර්දනය කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකාව, ජර්මනිය, එක්සත්රාජධානිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, වියට්නාමය සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසක් එන්නත් නිර්මාණය කිරීමට මැදිහත් වී සිටී. එන්නත් වර්ග 100 ක් නිර්මාණය වෙමින් පවතින බවත් එයින් 87 ක් කෙරෙහි බලාපොරොත්තු තබා ගැනීමට හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් බව සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළු බොහෝදෙනාගේ විශ්වාසය වී ඇත.
වයිරස ව්‍යාප්තියත් සමඟ වූහාන් ඇතුළු නගර රැසක් ‘ලොක්ඩවුන්’ (සම්පූර්ණයෙන් වසා දැමීමට) කිරිමට චීන රජය පියවර ගත්තේය. දැඩි සීමා පනවමින් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට සමත්වූ බවත් දිනපතා හමුවන ආසාදිතයන්ගේ ගණන ක්‍රමයෙන් අඩු කිරීමට හැකි වූ බවත් චීන බලධාරීහු කීහ.
කෙසේ නමුත් දැන් යළිත් වරක් චීනයෙන් වයිරස ආසාදිතයන් හමුවීමට පටන්ගෙන ඇත. චීන සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන අන්දමට වයිරස පොකුරු යළි හමුවී ඇත්තේ ජිලේන් නමැති නගරයෙනි. ඒ අනුව,එම නගරය ලොක්ඩවුන් එසේත් නැතිනම් අගුළු දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත.
ඒ.එෆ්.පී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වභාව ධර්මයාට අනුව කටයුතු කලහොත් පරිසරය රැක ගතහොත් වනාන්තර විනාශ නොකල හොත් තෙල් ළිං ගිනිගැනීම් න්‍යෂ්ඨික අවි අත්හදා බැලීම් නොකලහොත් පෘතුවියේ වායුගෝලය පිරිසිදුවීම සිදුවේ. පරිසරය පිරිසිදු වනවිට මේ ලෝකයෙන් වෛරස නැතිවේවි. වායුව පිරිසිදු වනවිට පිටින් විෂවායු පැමිණීමද නැතිවේවි. එවිට ඕනෑම විෂබීජයක් නැතිවේවි...!!!
මෙතෙක් කල් උන්නෙත් ඒකත් එක්කලම තමයි.
මේ තිත්ත ඇත්ත පැවසුවාට බුද්ධිමත් ඔයාලා අමනාප වෙන එකක් නැහැ. ඔය සමහරුන් කියන සමහර දේවල් මීට පෙර වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. ඒ වෙනස්වීම කොරෝනාවලටත් අදාළයි. ඒ අය කියා තිබුණා ඒඩ්ස් ගැන. ඒඩ්ස් ලෙඩුන් වැඩිවන්නේ ඔය රටවල සමහර දෙනා සතුන් සමග ලින්ගිකව හැසිරීම වැනි දේත් නිසාය. පිටරටින් එන හොඳ දේ පමණක් ගන්නවානම් අපට අරවගේ ජරා ලෙඩ හැදෙන්නේ නැහැ. .
මේ වෛරසය නම් අනිත් වෛරස වගේ නෙමෙයි. එච්අයිවී හදා ගන්න එක පෞද්ගලික දෙයක්. වෙනත් වෛරස් හැදෙන විදිහ හොයා ගෙන ඉවරයි. හැදෙන කාලය දන්නවා. විදිහ දන්නවා. ඒවාට එන්නත් තියෙනවා. අනික අනිත් වෛරස් මේ විදිහට ලෝකේ පුරාම එක වගේ පැතිරුනෙත් නැහැ. කොරෝනා වෛරසය කෙලින්ම මරණය අතේ අරන් එනවා. අනිත් වෛරස් සහ මේ වෛරසය අතර ලොකු වෙනසක් තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නේ සජිත් ප්‍රේමදාසගෙ නෑදෑ හිත මිතුරන් ද කොහෙද. මට පේන්නෙ මේ සංවිධානය දැන් කිසිම වැඩකට නැති වගේ.
මන් හිතාගෙන හිටියේ සිරිසේන වගේ එක්කෙනෙක් ඉන්නේ ලංකාවේ විතරයි කියල..... දැන් බලන් යද්දී ලෝකෙම ඉන්නේ සිරිසේනලානේ. හැම එකාම බෝලේ පාස් කරලා සැපේ ඉන්නවා. අහිංසක දුප්පත් මිනිස්සු වන්දි ගෙවන්න ඕන හැම දේකින්ම. ආලෝක වර්ෂ මිලියන ගණන් තරණය කරන්න පුළුවන්. වෙන ග්‍රහලෝක වල ජනාවාස හදන්න පුළුවන්. වයිරස් එකකට බෙහෙත් හොයා ගන්න බෑ. මරු ඔහොම යන්කො. කොහොමත් ලෝකේ විනාසය ආරම්භ වෙලා ඉවරයි. සයිබර් යුද්ධ, ජිව අවි යුද්ධ වලට ඉස්සරහට මුණ දෙන්න බලාපොරොත්තුවෙන් ඉම්මු.