IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

කොරෝනා වයිරසයට එරෙහිව හදිසි සෞඛ්‍ය ප්‍රතිචාර දැක්වීමටත් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව ඇත.
 
 කොරෝනා වයිරසයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග ශක්තිමත් හා පුළුල් කිරීමටත් ඊට එරෙහිව කඩිනම් ප්‍රතිචාර දැක්වීමටත් ලෝක බැංකුවෙන් මෙම මූල්‍ය සහනය හිමි වේ.
 
ආ‍ර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට සහාය දීම ද එහි ප්‍රධාන අරමුණකි.
 
කොරෝනා වයිරසයෙන් බැටකන සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම දුප්පත් රටවලට සහාය දීමේ අරමුණින් ලෝක බැංකුව මූල්‍ය වැඩසටහන් කිහිපයක් ආරම්භ කර ඇත.
 
එහි මුල් අදියර යටතේ දකුණු ආසියාවට මූල්‍ය සහන හිමි ව තිබේ.
 
එම වැඩසටහන යටතේ පාකිස්තානයට ඩොලර් මිලියන 200ක්, ඇෆ්ගනිස්තානයට ඩොලර් මිලියන 100ක් මාලදිවයිනට ඩොලර් මිලියන 7.3ක් සහ ඉන්දියාවට ඩොලර් බිලියනයක් ලබාදීමට ලෝක බැංකුවේ අනුමැතිය හිමි ව තිබේ.
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6ක මූල්‍ය සහනයක් ලැබෙන්නේ ද ඒ අනුවය.
 
එන්.ඩී.ටීවී ඇසුරිනි  
055



අදහස් (22)

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

sakunthala man palalkala Friday, 03 April 2020 04:56 AM

අපිට මදි. ඉන්දයාවට ගොඩයි. අපිට ටිකයි

:       368       49

Raveendra Friday, 03 April 2020 05:10 AM

"රථ ගාය " සදහා කුඩාකල තම මව විසින් "රථ කල්කය" ලබානොදීම හේතුවේ දියවන්නඔයේ " 225 රථ ගාය දරුණු ලෙස වැළදී ඇති බව නොරහසකි ".එබැවින් ඒ ඒ රථ ගාය මැඩලීමට මෙම මුදල් යොදා නොගනු ඇතැයි අප තරයේ විස්වාස කරනවා. අප රටේ මුල් පුරවැසිය විසින් මෙම මුදල් පරිහරණය පිලිබදව ඔහුගේ ඍජු අධීක්ෂණයක් යටතේ රටට පලදායි යමක් සිදුවේ යන්න සියලුම පුරවැසියන්ගේ බලාපොරොත්තුව බවත් සදහන් කරන්නෙමු.

:       0       206

SL api Friday, 03 April 2020 05:41 AM

අනේ මේක ජනතාවට කෙලින්ම දෙන්න ක්‍රමයක් නැද්ද ? අපේ බැංකු ගිණුම් අංක ලෝක බැංකුවට දෙමු .

:       3       122

RaveendraFriday, 03 April 2020 06:25 AM

ඔබගේ අදහස ඉතාම හාස්‍ය ජනක වුවත් එහි අර්ථය ඉතාමත්ම ගැබුරුය

:       0       113

Raveendra Friday, 03 April 2020 05:42 AM

sakunthala, වෙත, ඔබගේ අදහස් කියවීමේදී කුඩා කල වෙරළු කඩාගෙන බෙදා ගැනීමේදී මතුවුණු ගැටළු හා බැදී ඒ සුන්දර අතීතය මතකයට එනවා... කුඩාකල අප " ලද දෙයින් සතුටුවීමට " මැලිකමක් දැක්වූ බවත් අවංකවම සදහන් කරන්නෙමු.

:       2       104

Gamage Friday, 03 April 2020 05:48 AM

හරි දැන් මේකෙන් මිලියන 5 ක් සාර්ක් එකට දුන්නම 123.6 ඉතුරුයි නෙ. අර ලේකම්ල ගොඩක් කියල තිබුනෙ අපේ "ප්‍රමානය" සලකා බලලා නෙමෙයි අපි මිලියන 5 දුන්නෙ, මාලදිවයින ලක්ශ 2 ක් දුන්නට අපි මිලියන 5 ක් දුන්නෙ මොන එක බලලද දන්නෙ නැහැ ? දැන් ලෝක බැංකුව අපිට ඇයි වැඩියෙන් දෙන්නෙ නැත්තෙ ? එතනදි අපේ "ප්‍රමානය" බලල තියෙනවා වගේ ?

:       0       16

Tikiri Friday, 03 April 2020 05:55 AM

ඔය මුදල් කොහොමද වියදම් කරන්නේ කියල මහා ජනතාවට පෙන්නුම් කලානම්.

:       0       14

anuruddha Friday, 03 April 2020 06:05 AM

එක වෙලාවකට "UN" එකට සහ "WHO" පලු යන්න බනිනවා. සල්ලි දෙනකොට ප්‍රශ්නයක් නැහැ

:       16       33

mahinda Friday, 03 April 2020 06:12 AM

අනාගතයේ දවසක ජනතාවනි මට සමාවන්න යයි මේ රටේ ස්වෙච්චා අරමුදල කට සිදුවූ අකරතැබ්බයක් සම්මබ්න්ධව හිටපු අගවිණුසුරු වරයකුට කීමට සිදු වූ දේම මෙම මුදලටත් වේවිද.

:       34       29

පවන් Friday, 03 April 2020 06:47 AM

අනේ .....ගසාකන්න නම් ඉඩ තියන්න එපා ...එපා... කලින් ගසාකාපුව අපි ආයේ අහන්නේ ම. නැහැ මේ සියලු මුදල් ජනතා යහපතටත් රටේ යහපතටත් යොදවන්න.

:       0       0

සමන් Friday, 03 April 2020 06:58 AM

ලංකාවේ හැම කෙනෙක්ටම සාධාරණව බෙදුවොත් මට ලැබෙන්නේ රු 1145/- .. වැඩක් නැහැ ඔය ටිකත් ස්විස් බැංකු වලම ඩිපොසිට් කලත් කමක් නැහැ.

:       0       1

kusal Friday, 03 April 2020 07:48 AM

මේ සල්ලිවලටත් වෙන්නේ , සුනාමි සල්ලිවලට් වෙච්චදේම තමයි ..

:       0       1

රොෂාන් Friday, 03 April 2020 08:02 AM

තවත් හෙල්පින් හම්බන්තොටක් නොවේවා

:       0       1

පිටිගල මිලානෝ Friday, 03 April 2020 08:05 AM

හා... හා.... සුනාමි සල්ලි වගේ කවුරුහරි තන්හා කාරයෙක් මේකත් හොරකම් කරයි. එවපු ගමන් අපිට දන්වන්න කියන්න.

:       0       0

Rohitha Friday, 03 April 2020 08:09 AM

ඕවා ගත්ත වගේ නෙවේ ගෙවන්නතන් ඕනේ නිකන් නොවෙයි පොලියත් එක්ක. අපි කවද්ද ණයට/ පිනට කන එක නවතන්නේ?

:       0       0

Anton Austria Friday, 03 April 2020 08:31 AM

ජනාධිපතිතුමනි, කරුණාකරලා මෙය ඔබේ අනුදැනුමෙන් පමණක් කරන්න. නැත්තං අනිත් හැමදාම වුණා වගේ මේකටත් එහෙම වෙයි...

:       1       0

Prabha Friday, 03 April 2020 10:02 AM

දැන් ඔය හැංගිලා ඉන්න දේශපාලුවෝ එළිියට එන්න පටන්ගනියි.

:       0       0

විපරමා Friday, 03 April 2020 10:06 AM

මේකත් අර සුනාමි බහිරවයා ගිල්ලා වගේ වේවිද කියන්ඩ බැහැ. ජනතාවගේ ලේ උරා බොන දුශිත දේසපාලුවෝ ඉන්න රටක් වෙච්චි. ජනතාවට කෙසේ වෙතත් දුශිත පවුල්වල ඉන්න උන්ට නම් සෙතක් වේවි.

:       0       0

දසුන් Friday, 03 April 2020 10:08 AM

කියවන ඔබටත්, මටත් එක රුපියලක්වත් ලැබෙන්නේ නැත. ඇත්ත එයයි.

:       0       0

නන්නාදුනන හාදයා Friday, 03 April 2020 10:28 AM

ලෝක බැංකුවේ ලොකු මහත්මයාණෙනි, දැන් මම ඔය මුදල් නිදහස් කරන්න එපා. එනිසා මිනිහා චන්දෙන් පැරදුනාම, අලුත් ලොක්කෙක් ආපුවම ගන්න ඔය සල්ලිටික ඔයාම පරිස්සමට තියාගන්න. බොහොම ස්තුතියි. මිට රටවැසියා...

:       0       43

අතුල Friday, 03 April 2020 11:40 AM

ඔය සල්ලි ටික පරිහරණය කරන්න හැමෝටම භාර දෙන්න එපා. ඒකට හොඳ පුරුද්දක්, විශ්වාශවන්තව කටයුතු කරන්න පුලුවන් මහත්වරු දෙපොලක් ලංකාවෙ ඉන්නවා. එක්කෙනෙක් ගැන හිටපු අගවිනිසුරු තුමෙකුත් සමාව ඉල්ලලා තියෙනවා. අනෙක් මහත්තයා මල්වාන පැත්තේ ගෙයක් හදලා, මගේ නොවෙයි අනේ මට නම් ඒක එපාම කියලත් කිව්වා.

:       0       28

dare Friday, 03 April 2020 11:57 AM

මේවා කාගේ හරි සාක්කුවට යන්න එපා කියල කියමු.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27799 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18184 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10883 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 648 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 196 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 851 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site