IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා ගැන කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කරයි

( තිළිණි ද සිල්වා )
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි. 
 
 දෛනිකව වාර්තාවන නව කොරෝනා වෛරස ආසාදිතයින් දකුණු කොරියාවේ සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බවත් , පෙරේදා (20) දිනයේදී  පමණක් නව ආසාදිතයින් 52 දෙනෙකු හදුනා ගැනීමත් සමග මෙම ආරක්ෂක පියවර සම්බන්ධයෙන් ලාංකිකයින් දැනුවත් කිරිමට තීරණය කළේ යැයිද  දකුණු කොරියාවේ පිහිටි ශ්‍රි ලංකා තානාපති  කාර්යාලයේ කම්කරු සුබසාධන උපදේශක සෙනරත් යාපා මහතා පැවසීය.

මේ වනවිට රැකියා සඳහා මෙන්ම සංචාරයන් සඳහා පැමිණි 25,000ක පමණ ශ්‍රි ලාංකිකයින් පිරිසක් දකුණු කොරියාවේ රැඳී සිටින බවද එරට ශ්‍රි ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
 
ඒ අනුව වෛරස ව්‍යාප්තියේ අවදානම පිලිබඳ ශ්‍රි ලාංකිකයින් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවද ශ්‍රි ලංකා තානාපති  කාර්යාලයේ කම්කරු සුබසාධන උපදේශකවරයා වැඩිදුරටත් කීය.
 
වෛරස ව්‍යාප්තියේ වැඩි අවදානමක් පවතින එරට ඩේගු සහ චිඔන්ග්ඩෝ නගර විශේෂිත ප්‍රදේශ ලෙස නම් කිරීමටද දකුණු කොරියානු බළධාරීන් පියවර ගෙන ඇත. මෙම වෛරස ආසාදිතයින් සැලකිය යුතු මට්ටමින් ඉහළ යාම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද දකුණු කොරියානු රජය පියවර ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
මේ වනවිට එරටින් ආසාදිතයින් 156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පෙරේදා (20) දිනයේ කොරෝනා ආසාදිත පළමු මරණය ද වාර්තා වී තිබුණි.



අදහස් (2)

කොරෝනා ගැන කොරියාවේ ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කරයි

chandima Friday, 21 February 2020 05:39 PM

දැන් අර අපේ කට්ට්ය මොකක්ද බෙහෙතක් හොයා ගත්ත කිව්වා නේද? බැරිද එකෙන් කුප්පිය ගානේ ඔය විසිපන්දාහට තැපෑලෙන් වත් යවන්න. වෙනමම ප්ලේන් එකකට දාල යැව්වත් පාඩුවක් නැහැ පස්සේ තක්කු මුක්කු වෙලා විසිපන්දාහම මෙහෙ ගෙන්වන්න ප්ලේන් යවනවට වඩා?

:       0       0

Matale wijewansa himi Saturday, 22 February 2020 02:50 PM

සමහන් පස්ගංගුව, උණු වතුර සර්වවිසාදී තෙල් පාවිච්චියට දැන්ම ඇණවුම් කර ගෙන්වා ළග තබාගන්න කියන්න. හාල් එළවලු ගබඩා කර ළග තබාගන්න කියන්න. නගරය වැහුවොත් මලා. කෑම දැන්ම හංගගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site