කොරෝනා ආසාදිතයන් හමු වූ ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම සඳහා බුද්ධි අංශ භාවිත සහාය ලබාගන්නා බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම පාකිස්තාන බුද්ධි අංශය වන අයි.එස්.අයි. බුද්ධි අංශය කොරෝනා ආසාදිතයන් හමු වූ ඇසුරු කළ පිරිස් හඳුනාගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කර ඇත.
‘‘කොරෝනා ආසාදිතයන් මෙන්ම ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සොයාගැනීම සඳහා අයි.එස්.අයි. බුද්ධි අංශය ඉතා හොඳ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා’’ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවැසීය.
‘කොවිඩ්-19’ සටනට එරෙහිව අරමුදල් රැස්කිරීම සඳහා පැවැති වැඩසටහනකට සජීවීව සම්බන්ධ වෙමින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බ්‍රහස්පතින්දා ඒ බව පැවැසීය.
‘‘මේ ක්‍රමය මුලින්ම භාවිත කළ ත්‍රස්තවාදයට එරෙහිවයි. දැන් එය අලුත් කර කොරෝනා වයිරසයට එරෙහි සටන පරාජය සඳහා යොදාගන්නවා’’ යැයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා කීය.
අල්ජසීරා/රොයිටර්ස්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ රට හැමදාමත් අපේ රටේ සැබෑ හිතවතෙක්. අපි ඒක අමතක කරන්න නරකයි. මේ වෙලාවේ අපෙන් ඉල්ලන ඕන උදව්වක් අපි දෙන්න ලෑස්තිවෙන්න ඕන. මොකද බුද්ධි අංශ මේකෙදි සහභාගී කර ගත ආකාරය ගැන අපට උපදෙස් දෙන්න ලෝකේ කාටවත් බැහැ. ඒ වගේම ඔබතුමාට ඉක්මන් සුවය පතනවා!
අප තරයේ විශ්වාස කරනවා ඍජු තීරණ ගන්නා හොද නායකයෙක් පකිස්ථානයට ලැබී ඇති බවට.
උපකරණ නැද්ද?
අපේ යහපාලන කාලයේ හිටපු සුවපති මේක බලයි නේද ? එයා කියනවනේ කොරෝනා වලට සම්බන්ධ වැඩවලට හමුදාව ගන්න එක වැරදියි කියලා.