IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


එකවර 4 දෙනකුට භාවිතා කළ හැකි ස්වසනාධාර යන්ත්‍රයක්

(තිලකරත්න දිසානායක.)

විවිධ කර්මාන්ත සඳහාවූ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනු ලබන යාන්ත්‍රික ඉංජිනේරුවකු විසින් අඩු මිලකට නිෂ්පාදනය කළ හැකි  ස්වසනාධාර යන්ත්‍රයක් (VENTILATOR) නිෂ්පාදනය කර තිබේ.

කොරෝනා රෝග තත්ත්වය මත ස්වසනාධාර යන්ත්‍රයක්  නිෂ්පාදනය පිනිස සෞඛ්‍ය අංශය මගින් කළ ඉල්ලීමකට අනුව තමන් විසින් පවත්වාගෙන යනු ලබන හයිටෙක් සොලුෂන් පෞද්ගලික සමාගම වෙතින් මෙම යන්ත්‍රය නිපදවූ බව මෙහි නිර්මාණ කරුවා වන ඉංජිනේරු බුද්ධික මාරසිංහ මහතා පැවසීය.

මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු වරයෙකු වන බුද්ධික මහතා මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කළේ රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්වසනාධාර යන්ත්‍රයක්  පළමු වරට නිෂ්පාදනය කළ බවය.

මෙම යන්ත්‍රය මගින් රෝගීන් සිව් දෙනෙකුට එකවර ස්වසනාධාර දීමේ හැකියාව පවතින බව බුද්ධික මහතා පැවසූ අතර මෙහි පවතින විශේෂත්වය ලෙස පෙන්වා දෙනු ලැබූයේ රෝගීන් බැහැර කරනු ලබන ප්‍රාශ්වාසය සාමාන්‍ය වශයෙන් බැහැර නොකොට උපාංගයක් මගින් දහනය කිරීමකට ලක් කෙරෙන බවය.

මෙය නිෂ්පාදනය කිරීමේදී උපදේශකත්වය නිර්වින්දන වෛද්‍යෙවරුන් වන චන්දන කරුණාරත්න සහ ප්‍රසාද් කොළඹගේ යන මහත්වරුන් ගෙන් ලබා ගත් බව පැවසූ බුද්ධික මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් යන්ත්‍රයක් විදේශයකින් ආනයනය කිරීමේදී අධික මුදලක් වැය වන නමුත් මෙරට ඉලෙක්ට්‍රොනික් සහ රබර් නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යන්නන් මගින් මෙවන් යන්ත්‍ර නිපදවීමට අවශ්‍ය උපාංග සකසාගත හැකි බවයි.

මෙම යන්ත්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්දේශය පිනිස ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (13)

එකවර 4 දෙනකුට භාවිතා කළ හැකි ස්වසනාධාර යන්ත්‍රයක්

malkanthi Wednesday, 01 April 2020 02:40 PM

හදිස්සියෙවත් මැෂින් එක නැවතුනොත්. නරකද 2ක් විතරක් සම්බන්ධ කලොත්...?

:       0       108

Champa Wednesday, 01 April 2020 02:51 PM

ආඩම්බරයි අපේ රටේ තරුණයන් ගැන....

:       0       75

JAYATH Wednesday, 01 April 2020 03:51 PM

මේ වගේ දේවල් වලට කවදාවත් අපේ රටේ තැනක් තිබුනේ නැහැ... තිබුනනම් "කොන්ක්‍රීට් කුල සිංහ රට ඇරලා යන්නෙත් , රේ විජේවර්ධනට තමන්ගේ නිර්මාණය ජපනාට විකුනන්නවත් වෙන්නේ නැහැ.... බලමුකෝ දැන්වත්...

:       0       113

Kumar Wednesday, 01 April 2020 03:51 PM

මෙ වගේ නිපැයුම් තමා ලංකාවට අවශ්‍ය. අනාගතයේ මෙවැනි යන්ත්‍ර සිය ගණනක් ලංකාවට අවශ්‍ය වෙන්න ඉඩ තිබෙනවා.

:       0       124

rasika Wednesday, 01 April 2020 04:08 PM

බලාපොරොත්තු සුන් නොකර ඉන්න පුළුවන් .

:       0       26

Kamal Koyrala Wednesday, 01 April 2020 04:11 PM

මෙවැනි උගත් දක්ෂතා ඇති අය බොහොමයි. නව නිපැයුම් කරුවන් බොහොමයි, නමුත් පාලකයන්ට උගතුන්ගේ වටිනාකම් නැහැ... සිරිලක දේ සිරිසැප දේ.... මේ දේශපාලුවන් අද ඒ වටිනාකම දැනෙන්න ගත්ත... කොමිස් කන්න ඉන්න පරයින් නිසා... මේවා අකලට පරවෙලා යනවා කොරෝනාවෙන් පාඩම් ඉගෙනගෙන දැන්වත් දේශීය නිෂ්පාදනයට ගොස්, පිටරටවලට ආදී ඇදී යන ධනස්කන්ධය නැවත ණයටික හැර බෙරන්න.

:       0       162

RaveendraWednesday, 01 April 2020 06:25 PM

සහතික ඇත්ත. ඔබගේ වටිනා අදහස් අප ඉතා ඉහලින් අගය කරන්නෙමු. මෙම අවදානම් අවස්ථාව ධනාත්මකව ආශිර්වාදයක් ලෙස ගෙන දේශීය නිපැයුම් වලින් ගොඩඒමට හැකි නම් එය මොනතරම් වාසනාවක්ද? ඉතා හදිස්සියේ මෙම උපකරණ අපට වෙනත් රටවලින් ගෙන ඒමටද නොහැකියි... අධික මිලක් ද වය වෙනවා... එමෙන්ම ඒ ඒ රටවත් උපකාර හිගයක් ද පවතිනවා... එබැවින් මෙය ඉතා හොද අවස්තාවක්... අප රටේ නිපැයුම් කරුවන්ට තමන්ගේ ඥානය පාවිච්චි කර රටට වැඩදායි නිර්මාණ කිරීමට. ඇල්පෙනෙත්තේ සිට හැම රෙද්දක්ම පිටින්ම ගෙනඒමට දියවන්නාවේ අය සැමවිටම කටයුතු කරා හැර අප රටේ දෙය අගය කලේ නැත. දියවන්න පට්ටියේ 225 එය තම තමන්ගේ හිතට එකගව එය හොදින් දන්නා කාරණයකි.

:       1       16

Raveendra Wednesday, 01 April 2020 05:15 PM

පුතේ ඔබගේ උත්සාහය සම්පුර්ණයෙන්ම සාර්ථකවී තමන් උපන් මව්බිමට සේවයක් කරමින් මෙම අවදානම් අවස්ථාවෙන් තමන් උපන් මව්බිම බේරාගැනීමට දායකවීමට ඔබටත් හැකිවේවා !! මෙයට දායකවූ සියලු දෙනාටත් ඔබගේත් සියලු ප්‍රර්ථනා සපලවෙවා !!

:       0       69

Ajantha Wednesday, 01 April 2020 05:18 PM

විශිෂ්ඨ ක‍්‍රීයාවක්...

:       0       46

nalaka Wednesday, 01 April 2020 09:23 PM

මේ මල්ලි ට කවුරු හරි කියලදෙන්න ඇයි ස්වසන අදාරක සවිකරන්නේ එකක් එක් රෝගියකුට කියලා. දෙවැන්න, මේ මැෂිම බොහොම සරල ක්‍රියාදාමයක්. නමුත් ගැටලුව, රෝගියෙක් එයට සවිකල පසු දින, සති ගණන් එය එකසේ, කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වියයුතුයි. අද, මේ මැෂින් ලංකාවේ හදනවා විවිද ශිෂ්‍යන්. ඔවුන් දිරිමත් කලයුතුයි, නමුත් එම උපකරණ රෝගීන් සඳහා පාවිච්චි කරන්නට උසස් තත්වයේ තිබිය යුතුයි.

:       0       5

Keppetipola Thursday, 02 April 2020 12:57 AM

ඔබ ගැන ඉතා ආඩම්බරයි. දේශීය නිෂ්පාදන ප්‍රමිතියක් ඇතුව ඉහල නැංවීමට දැන් කාලය උදා වී ඇත.

:       0       0

Devinda Uduwara Thursday, 02 April 2020 01:48 AM

ඔබ රටට ආඩම්බරයක්.

:       0       0

මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරෙරා Thursday, 02 April 2020 09:05 AM

බුද්ධික මාරසිංහ නම් වූ මේ තරුණ ඉංජිනේරුවා තමන් සංසාර්යෙන් උරුම කරගත් බුද්ධිය තවදුරටත් මුවහත් කර ගත්තේ සැදැහැවත් භික්ෂූන් වහන්සේලා ගේ ධර්මානුශාසනා තුළින් හා ස්වයංභූ ඥානයෙන්. අවංකව ම කිවහොත් මට ලංකාවේ දී හමු වූ පුද්ගලයින් අතරෙන් විශිෂ්ටතම චරිතයක් බව නොපැකිලව ව ම කිව යුතුයි

:       10       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 405 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 584 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 351 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 304 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 971 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 186 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40226 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26022 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site