IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට

ඉන්දියවේ උතුරු දිග ඌරියා ප්‍රදේශයේදී සංක්‍රමණික කම්කරුවන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 දෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අවන්හලක් අසල නවතා තිබූ ට්‍රක් රථය තවත් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

බිහාර්, ජාර්කාන්ද් හා බටහිර බෙංගාලයේ සිට පැමිණි සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් හදිසියේ පැනවූ අගුලු දැමීමෙන් බොහෝ සංක්‍රමණික කම්කරුවන් නගරවල සිරවිය.

දෛනික වැටුප් මත යැපෙන මොවුන් රැකියාව අහිමි වීම හේතුවෙන් ගම්බිම් වලට යෑමට උත්සාහ කළද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවූ නිසා බලවත් අපහසුතාවයන්ට මුහුණ දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. 

කිලෝමීටර් සිය ගනනක් දුර පයින් ගමන් කිරීම හෝ ට්‍රක් රථවල පිටුපස එල්ලී ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුනට නොවීය.

පසුගිය සතියේ එලෙස තම ගම්බිම් කරා පයින් ගමන් කළ පිරිසක් දුම්රිය මාර්ගයේ නිදා සිටින විට ඔවුන් මතින් දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් හය දෙනකු මිය ගියහ.

සංක්‍රමණික කම්කරුවන් නැවත සිය ගම්බිම් කරා ගෙනයෑම සඳහා බස් රථ හා කුලී රථ යොදවන ලෙස උත්තර ප්‍රාන්තයේ මහ ඇමති යෝගී ආදිත්‍යනාත් විසින් ප්‍රාන්ත පොලිස් නිළධාරීන්ට නියෝග කර තිබිණි. පයින්, බයිසිකල් වලින් හෝ ට්‍රක් රථ වලින් ගමන් කිරීම ද තහනම් කළේය.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් රැගත් ට්‍රක් රථයක් අනතුරට ලක්වීමෙන් 23 ක් මරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ලෝක නායකයන්ගේ මනාපය කාටද?
2024 නොවැම්බර් මස 04 2806 2

ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී.


ට්‍රම්ප් හැරිස් කරටකර සටනක්
2024 නොවැම්බර් මස 04 1722 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම


ලාහෝරයේ පාසල් වැසෙයි
2024 නොවැම්බර් මස 04 640 0

වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි


අකුණු අනතුරුවලින් 14 ක් මරුට
2024 නොවැම්බර් මස 04 26 0

අකුණු සැර වැදීමෙන්, අප්‍රිකාවට අයත් උගන්ඩාවේ පලාබෙක් පළාතේ පිහිටි සරණාගත කඳවුරක කුඩා දරුවන් 13 දෙනකු සහ වැඩිහිටියකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.


සර්බියාවේ දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටිලා
2024 නොවැම්බර් මස 02 109 0

උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී.


ඉරානයේ ආරක්ෂාවට චීනය එයි
2024 නොවැම්බර් මස 02 4062 0

චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 385 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1274 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 681 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site