IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ 16,600ක් කොරෝනාවෙන් මිය ගිහින්

 

කොරෝනා වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මියගිය ගණන 16,600 ඉක්මවා ඇත.

ඒ අනුව කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 16,686කි.

බ්‍රහස්පතින්දා රාත්‍රියෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ මරණ ගණන 1,783කි. අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දින ත්‍රිත්වයේදීම පැය 24ක් ඇතුළත ඇමෙරිකාවෙන් වාර්තා වූ මරණ ගණන 1,700 ඉක්මවා ගියේය.

ලොව පුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. අද පස්වරු 3.30 වනවිට එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 466,299ක් විය. දෙවැනියට ස්පාඤ්ඤයෙන් ද තෙවැනියට ඉතාලියෙන් ද වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වේ.

ස්පාඤ්ඤයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 157,022ක් වූ අතර ඉතාලියෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 143,626ක් විය.
වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 18,279කි. තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 15,843කි.
ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහසය ලක්ෂය ඉක්මවා ගොස් ඇත. 

අද පස්වරු වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,614,405කි. ලොවපුරා කොරෝනා මරණ සංඛ්‍යාව 96,873ක් වූ අතර කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ සමස්ත සංඛ්‍යාව 362,409ක් විය.
 

055



අදහස් (11)

ඇමෙරිකාවේ 16,600ක් කොරෝනාවෙන් මිය ගිහින්

wije Friday, 10 April 2020 04:40 PM

ඉතිහාසයේ ඉදලාම ඇමරිකාව ඉගෙනගෙන තිබුනේ මිනිස්සු මරන්න මිසක් මිනිස්සු ජිවත් කරවන්නේ කොහොමද කියලා නෙවෙයි. ඒකේ විපාක තමයි මේ විදින්නේ. ලෝකෙටම ගහන්න බෝම්බ, මිසයිල හැදුවා. නමුත් තමන්ගේ රටට ඇතිවෙන්න මුව ආවරණ ටික හදාගන්න බැරිවුණා. හදට රොකට් යැවුවා.... වෙන ග්‍රහලෝක ගැන හෙව්වා. නමුත් තවමත් කොරෝනා වලට බෙහෙතක් හොයාගන්න බැරිවුණා.

:       1415       222

nishaFriday, 10 April 2020 09:56 PM

ඔබ ගැන අනුකම්පා කරනා හැරෙන්න වෙන දෙයක් නැත. ඇමෙරිකාව තරම් මිනිස් අයිතීන් රකින රටක් වෙන නැත. ලංකාවේ ජනපති සහ ඇමතිවරුන් ඇමෙරිකාවේ පුරවැසිකම් ලබා ගැනීමෙන් එය පසක් වෙනවා. ඇමෙරිකාවේ ප්‍රමාණය සහ ශක්තිය ගැන කිසිම අවබෝදයක් නැති ඔබට අවසානයේ බෙහෙත් සොයන්නේද අමෙරිකාව....?

:       0       0

sarath Saturday, 11 April 2020 12:29 PM

ගෑනු අයත් එක්ක තර්ක කරනවට වැඩ හොදයි සූවීප් එකක් ගන්න එක. එකේ අඩුගානේ දිනන චාන්ස් එකක්වත් තියනවා.

:       0       0

Champa Friday, 10 April 2020 04:51 PM

මම මේක ලියන්න ගන්න කොට, (1). ඇමරිකාවේ ටෙස්ට් කරපු මුළු ගණන 2,427,698 අතරින්; ආසාදිතයන් ගණන 475,659ක්. මියගිය ගණන 17,838ක්. සනීප වෙච්ච ගණන 26,050ක්. ඒ කියන්නේ ඇමරිකාවේ හැම අසාදිත පුද්ගලයන් 25කටම එක පුද්ගලයෙක් මැරිලා තියෙනවා. (2). ඉතාලියේ ටෙස්ට් කරපු මුළු ගණන 853,369 අතරින්; ආසාදිතයන් ගණන 143,626ක්. මැරුණු ගණන 18,279ක්. සනීප වෙච්ච ගණන 26,470ක්. ඒ කියන්නේ ඉතාලියේ හැම අසාදිත පුද්ගලයන් 6 දෙනෙකුටම වගේ එක අයෙක් මැරිලා තියෙනව. (3). ඉන්දියාවේ ටෙස්ට් කරපු මුළු 177,584 අතරින්; ආසාදිතයන් ගණන 7062ක්. සනීප වෙච්ච ගණන 641ක්. මැරුණු ගණන 229ක්. ඒ කියන්නේ ඉන්දියාවේ හැම අසාදිත පුද්ගලයන් 28කටම එක පුද්ගලයෙක් මැරිලා තියෙනව. (4). ලංකාවේ ටෙස්ට් කරපු ඉතා සුළු ගණන වන 3248 අතරින්; ආසාදිතයන් ගණන 190ක්. මැරුණු ගණන 7ක්. සනීප වෙච්ච ගණන 54ක්. ඒ කියන්නේ ලංකාවේ හැම ආසාදිතයන් 19කටම එක පුද්ගලයෙක් මැරිලා තියෙනව. මේක බරපතල කතාවක්. අවුරුද්දෙන් පස්සේ කොරෝන ඉවරයි කියල චන්දෙ තියන්න ඕනෑවට පට්ට බොරු ප්‍රචාරය කරන එක නවත්තල, ආණ්ඩුවත් ජනාධිපති කාර්ය සාධක කමිටුවත් මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන එක නතර කරලා වහාම ටෙස්ටින් පටන් ගනු.

:       343       718

SARATHFriday, 10 April 2020 07:22 PM

ඇමරිකාවේ ජනගහනයට අදාලව එහි මියගිය සියට ගණන .005 කි. නමුත් ලංකාවේ එය සීයට .00004 කි. ඉතින් ඔබ කියන්නේ කොහොමද ආණ්ඩුවත් ජනාධිපති කාර්ය සාධක කමිටුවත් මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවා කියා?

:       317       354

ChampaFriday, 10 April 2020 08:30 PM

ජනගහනයේ ප්‍රමාණය කොරෝනා වලට අදාළ නැහැ. කොරෝනා වලට අදාළ වෙන්නේ ටෙස්ටින් කරන පුද්ගලයන් ගණන සහ එහි ප්‍රතිඵල. සිංහල අවුරුද්දෙන් පස්සේ කොරෝනා ඉවරයි කියල බොරු ප්‍රචාර දෙනවා. අද කොරෝනා ලෙඩ්ඩු නැහැ කියනව. මේ කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලමක් තමයි. මැරිච්ච හරි ගාන දෙන්නේ නැහැ.

:       47       2

මුණසිංහSaturday, 11 April 2020 01:44 AM

ලෝකයේ දියුණු රටවල් ඇද වැටෙද්දී ලංකාව ප්‍රගතියක් අත් කරගෙන තිබෙනවා. ඒ බව ඔය දියුණු යැයි සම්මත රටවල් පවා පිළිගෙන තිබෙනවා. මෙයාගේ හිතේ තියෙන්නේ දේශපාලනික අදහස් පමණක් බව පේනවා. මේ සංඛ්‍යා ලේඛන දත්ත සැසදුම වැරදියි. මෙයාල වගේ අය ඉදිරියේදී කීමට නියමිත වැකි කීපයක් මම කියන්නම්. ලියල තියා ගන්න. 1. ලංකාවේ හමුදාව මානව හිමිකම් කැඩුවා - අහිංසක මිනිස්සුන්ගේ. 2. රට වැසියා බඩ ගින්නේ හිරකර තැබුවා. බෝවුන ලෙඩකුත් නැහැ. 3. අහවලා හිටිය නම් එක්කෙනෙක්වත් මැරෙන්න දෙන්නේනැහැ. 4. එයා හිටිය නම් මේ රෝගය ලංකාවට එන්නෙත් නැහැ. 5. එයා හිටිය නම් ඇදිරි නීතිය ඕනත් නැහැ. ඔන්න ඔය වගේ දෙවල් ලබන මාසයේ දී එළි දකීවි. 2009 වුන දේ මතක නේ. මේක 2වන මානුෂීය මෙහෙයුම.

:       1       0

ChampaSaturday, 11 April 2020 06:08 PM

මට උත්තර දීපු මුණසිංහට - ඔබේ හිතේ තියෙන දේවල් මගේ අදහස් වලට අදාළ කරගන්න එපා. මම ලියල තියෙන්නේ සෞඛ්‍ය පැත්ත. ඒ ගැන කතා කරන කොට පවතින ආණ්ඩුවට අදාළ කොටස මම ලියල තියෙන්නේ සංඛ්‍යා ලේඛන එක්ක. ඔබ ලියල තියෙන්නේ ඔබේ හිස් මනසේ තියෙන දේවල්...

:       0       0

Vijaya. Friday, 10 April 2020 10:36 PM

ඔය කීවට, මේ වසංගතය ඉවර වුනම ඇමරිකන් වීසා ගන්න පෝලිම කෙටිවෙයිද?

:       0       0

මුණසිංහ Saturday, 11 April 2020 12:54 AM

අපි හිතනවාට වඩා තත්ත්වය දරුණුයි. එය ට හේතු කාරනා 2ක් තියෙනවා. එකක් තමා දකුණු කොරියාවේ ලෙඩේ සුව වූ අයට නැවතත් සෑදීම. ඒ කියන්නේ ශරීරය තුළ ඉතිරිව ඇති වෛරස නැවත සක්‍රිය වීමේ හැකියාව. අනෙක ඇමසෝන් වනාන්තරයේ හුදකලා ගම්මානවල අයටත් මෙය වැළදීම. එය සිදුව ඇත්තේ කෙසේදැයි තාම පැහැදිලි නැහැ. මේ නිසා අපේ අඩු වුනා කියල සුපුරුදු පරිදි නැවත මේව අමතක කරන්න ගියෝතින් අප ඉතාමත් අවදානම් තත්ත්වයකට වැටෙනවා. ඒ නිසා නිරෝධායන කටයුතු තවත් මාස 6ක්වත් කරන්න වෙයි අඩුම ගණනේ.

:       0       0

Samana Saturday, 11 April 2020 10:24 AM

චම්පා නෝනේ, සුවවීම අතින් ලංකාව ලෝකයෙන්ම දෙවනි තැනට ඇවිත්. ජන්දෙට බලපායි නේද?

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 265 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 753 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site