ඇමෙරිකා එක්සත් ජනපදය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
ප්‍රාන්ත සියල්ලේම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ද හිමි ව ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 ම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ එරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
ප්‍රාන්තවලට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් දූපත්වලද මෙලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
මේ අනුව එරට ෆෙඩරල් රජයේ මුදල් (මධ්‍යම රජය සතුව ඇති මුදල් ) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත සහ ප්‍රාදේශීය පාලන ඒකකවලට අවස්ථාව ලැබේ.
ද ගාඩියන්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවත් හරියට අර ගල්කිස්සේ මනුස්සයා වගේ.කටටම එනකල් බලන් හිටියා.
බලන් ගියහම අපේ හිටන් මෙයාට වැඩිය ටිකක් විතර හොඳයි නේද? රටේ මරණ සංඛ්‍යාව 20,000 ට වැඩියිලු නේද? තව කොච්චර මැරෙනකම් උඩ බලාගෙන ඉන්නද ඉන්නේ? හැබැයි ලොකු ටෝක් නම් දානවා හැම කෙනාටම. මෙයාගේ කෙරුවාව නම් දැන් හැමෝටම වැටහෙනවා ඇති. " කතාව දෝලාවෙන් ගමන පයින් " කියලා. මේක තමා මෙයාව ගණන් ගන්නේ නැත්තේ. අපේ රටේ මේ හය හත් දෙනෙක් මැරිලා රෝගය මැඩපැවැත්වීමට ගන්න පියවරවල් එකක්වත් මෙයා අරගෙනද?
මේ වගේ දේවල් වලට අපේ ජන කතාවල අපූරු එකක් තියනවා. ඒක තමයි ආඳා යවා වලපත ගත්තා සේ කියන එක. ලෝක ප්‍රකට උපමාවක් නම් අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීම. මොකක් උනත් ඔතන හිටියේ ට්‍රම්ප් නෙවේනම් ඔය තත්වය හුඟක් වෙනස් කියලයි මගේ අදහස.
ලංකාවෙ මිනිස්සුන්ගේ තියෙන මිලේච්ඡකම කමෙන්ට් වලින් පේනවා. මම දැන් ඉන්නෙත් ඇමරිකාවේ. ලංකාවේ ඉන්න මිලේච්ඡ මිනිස්සු වගේ නෙමේ මෙහෙ මිනිස්සු දැන් කල්පනා කරන්නේ. අභියෝගයකට මුහුන දෙන්නේ කොහොමද කියලා සහ මේකට එන්නතක් හදාගන්නෙ කොහොමද ? ආර්ථික ගොඩදාන්නේ කොහොමද කියලා. ලංකාවේ ඉන්න වනචාරී මිලේජ්‍යන් අනිත් රටවල මිනිස්සු මැරෙන එක සතුටු වෙනවා. ලංකාවෙන් ආපු එක ගැන මම පුදුම සතුටකින් ඉන්නේ.
නාමල්ට කියාගන්න ඕන වෙලා තියෙන්නේ එයා ඇමෙරිකාවේ ඉන්නවා කියල වගේ ලංකාවේ මිනිස්සු මෙහෙ මිනිස්සු මැරෙන එක ගැන සතුටු වෙනවා කියල ඒ ගොල්ලන්ගේ අදහස් වලින් ගම්‍ය වෙන්නෑ... ඒ අදහස් වල ඇත්තක් තියනවා අවශ්‍ය පියවර ඕන වෙලාවට ගත්තේ නැ... ඒකයි මෙච්චර මිනිස්සු මැරෙන්නේ...
ලෝක බලවතා "කිරුළ" චීනයට පවරා දී ට්‍රම්ප් මහතා ජනාධිපති ධුරයෙන් සමුගැනීම මේ අවස්ථාවේ කලයුතු එකම දෙය වේ..