අග්‍රාමාත්‍යධුරය හොබවන අතරවාරයේදී කොරෝනා වයිරසයට එරෙහි සටනට සහාය දෙමින් සතියකට වරක් වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් තීරණය කර ඇත.
ඒ අනුව අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අලුත් කරගෙන ඇත. ඔහුට රාජකාරි සඳහා පහසු ස්ථානවලට යමින් හෙතෙම වෛද්‍ය රාජකාරීවල නිරත වනු ඇතැයි ඔහුගේ කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
‘‘වෛද්‍ය වරාද්කාර් පසුගිය මාසයේදී ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අලුත් කරගත්තා. ඔහු පසුගිය සතියේදී වෛද්‍ය වෘත්තියේ යෙදුණා. ඔහුට යා හැකි සීමාවේ සිට රෝහල්වලට යමින් වෛද්‍ය වෘත්තියේ නියැළෙනවා’’ යැයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශකයා ‘ද ගාඩියන්’ පුවත්පතට පැවැසීය. ‘‘ඔහුගේ පවුලේ බොහෝ පිරිසක් මෙන්ම ඔහුගේ මිතුරු මිතුරියන්ට සෞඛ්‍ය සේවයට සම්බන්ධයි. ඒ නිසා පුංචි හරි විදියකින් උදව්වක් දෙන්න ඔහුට වුවමනා වුණා’’ යැයි ද ඔහු කීය.
41 වැනි වියේ පසුවන අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරාද්කාර් ඩබ්ලින්හි කනිෂ්ට වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති අතර 2010 වසරේදී වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබීය. කෙසේ නමුත් පූර්වකාලීන දේශපාලනඥයකු වීම සඳහා හෙතෙම වෛද්‍ය වෘත්තීය අත්හැරීය.
‘ද ගාඩියන්’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම මිනිස්සු.... ඒකට අපේ දේශපාලකයන් බයේ හැංගිලා!
ඔන්න බලන්න මම බොරුද කියන්නේ කියල... අපේ දොස්තරත් දේශපාලනේ අතහැරලා ආපහු වැඩට යනවා සිකුරුයි.
බයේ හැංගිලා කියල රටක් වටිනා මිනිස්සුන්ට අපහාස කරන්න එපා... වයිට්..., එතුමා කොවිඩ් වලට බෙහෙත් කිව්ව්වේ මෙයාට හුඟක් කලින්....!
අපේ ඩොක්ටල නම් වැඩිය කැමති දේශපාලනයට වගෙයි. එක් කෙනෙක් රතු තරුවේ, තව කෙනෙක් පොහොට්ටුවේ. ආ ඒ විතරක් නොවෙයි ළගදි තව ලස්සන ඩොක්ට නෝනා කෙනෙක් සුව සේවය අත ඇරලා අවා නේද පත්කළ ලැඉස්තුවෙන් පාර්ලිමේන්තු යන්න.